ඔයාලගේ උදවු ඕනෙ වෙලා මට..!!

{ Friday, May 27, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }
යාලුවනේ,
අපි තීරනය කරගෙන ඉන්නවා ජූනි මාසෙ මහනුවර City Center එකේ ප්‍රදර්ශණයක් පවත්වන්න, ලේ දන්දීම ගැන.
(මේකට ප්‍රධාන හේතුව ලේ බැංකු වලට ලැබෙන ලේ දැන් අඩුයි..ඒකියන්නෙ අසරණ ලෙඩ්ඩුන්ට ලේ ලබාදෙන එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් , ඉතින් අපේ අරමුණ ආරක්ෂිත ලේ වැඩි වැඩියෙන් අසරණ ලෙඩ්ඩු වෙණුවෙන් ලබාදීම දිරිමත් කිරීමයි)
ඉතින් ඒකට හදන ප්‍රධාන ආකෘතියක් ගැන ඔයාලගේ අදහස් ඕනෙ..

ආකෘතිය තමයි පුංචි දරුවෙකුට ලේ දෙන එක ත්‍රිමානව නිරූපනය.(සමහර විට මේ පෝස්ටරය හැමෝම දැකලත් ඇති)

1. මේකෙදි, ලොකු Blood Drop එකක් හදන්න ඕන. ඒක ඇතුලට බල්බ් එකක් දාන විදියට

2.ලේ ගමන්කරන Tube එකක් හදන්න ඕන..ඒක ආලෝකමත් කරන්න ඕන????

3.බබෙකුගේ ආකෘතියක් හදන්න ඕන
1.එයා චලනය වෙන්න ඕන?????
11.ආලෝකමත් කරන්න ඕන????

4. සම්පූරණ ආකෘතිය කැරකවෙන විදියට හදන්න ඕන..

අවසානයේ නිමාව ලස්සනට තියෙන්නනෙ ඕනෙ!!

මේ මම හිතපු දළ විදිය, මීට වෙනස් උනත් කමක් නැහැ,මෙන්න මේවට ඔයාලට හැකි හිතෙන අදහස් කියල යන්න..ලොකුම ලොකු උදවුවක්..!!
ස්තුතියි!!!
වෙනත් අදහස්..ලස්සන ඇනිමේෂන්..ග්‍රැෆික් තියෙනවානම් ඒවත් බලාපොරොත්තු වෙනවා!

අදහස් 7 ක් තියෙනවා "ඔයාලගේ උදවු ඕනෙ වෙලා මට..!!" ට

වැඩේට සුභ පතනවා අයියා. අයිඩියා එකක් මොකක් හරි ආවොත් අනිවා කියන්නම් :)

හොඳ අදහසක් ඉන්දික. මෙය කිසියම් අමුද්‍රව්‍යයකින් හදන්නද?, නැතිනම් කොම්පියුටර් ඇනිමේෂන් වලින් හදන්නද අදහස් කරන්නේ. කිසියම් අදහසක් ආවොත් දන්වන්නම්.

ලී වලින් ලේ බින්දුවෙ භාගයක් හදල ඒකට රතු සව් කඩදාසි වත්‍රෙන් පොඟවල අලවන්න. එහෙමම අනිත් භාගෙත් හදල දෙක එකතු කරන්න. ලේ ගෙනියන බටයට අඟල් භාගෙ ට්‍රාන්ස්පේරන්ට් කොම්ප්‍රෙසර් හෝස් එකක් ගන්න.
රූප ඇඹීම ගැන හුරු කෙනෙකුට කියල මැටි වලින් බබාගෙ අට්ත් පා සහ සිරුරෙ ආකෘති හදල ඒවත් කොල වලින් මම කලින් කියපු විදියට භාගෙ භාගෙ එකතු කරල හදල පොඩි මිකැනිකල් මෝටරයක් සෙල්ලම් බඩුවලින් හරි ගැරෙජ් එකකින් හරි අරන් චලනය වෙන්න හයි කරන්න.

අය්යා හොඳ වැඩක්....ජය වේවා...පොඩි අදහසක් තියෙනව මෙන්න මෙහෙමයි....බබෙක්ගේ කඳෙන් උඩ කොටස විතරයි වැඩ කරන්න ඕන...බබාට දෙන ලේ පාට උකු තරලයක් බටේකින් දෙන්න..ලේ දුන්නම උඩ කොටස කෙලින් වෙනව ඊට පස්සේ ලේ දෙන එක නතර කරනවා..එතකොට බබා අයෙ පහත් වෙනවා එතකොට අයේ ලේ දෙන්න පටන්ගන්නවා...etakota api dena lein jiwita jiwath karanawa kiyana de minisunta watahenna puluwan

ජය වේවා.... හොඳ වැඩක් !

අයියා බබාව හදනකොට අර දැල් කම්බි තියෙන්නෙ. කුකුල් කොටුවලට එහෙම ගහන කම්බිය. ඒක අර බබාව වගේ නවන්න. ඊට පස්සෙ කඩදාසි පාප්ප වල පොඟවලා ඒක වැහෙන්න ගානට අලවන්න. ඊට පස්සෙ ලස්සනට පාට කරන්න තියෙන්නෙ.

ලේ ගමන් කරන බටයට වතුර පුරවන්න. ඊට පස්සෙ රතු පාට එල්. ඊ . ඩී බල්බ් එකක් දෙකෙලවරින් හයි කරල බලන්න. මම මේක අත්හදා බලලනම් නෑ. බොහෝදුරට සාර්ථක වෙයි. රුපියල් 20ට තියෙනව එලිය ගොඩක් වැඩි එල්.ඊ.ඩී බලබ් වර්ගයක්. ඒක පාවිච්චි කරන්න.

මේ ආකෘතිය සම්පූර්නයෙන් තැටියක් උඩ හදන්න. ඊට පස්සෙ ඒ තැටිය මෝටරයක් පාවිච්චි කරල කරකවන්න.

මෙන්න තියෙනවා බබා හදන එකට උදාහරනයක්

http://www.facebook.com/photo.php?fbid=10150180083304139&set=a.10150180065904139.310454.253599519138&type=1

මම මේ පැත්තෙ කාලෙකට පස්සෙ ආවෙ අදයි. මේ ලිපිය ගැන අදහස් දක්වන්න පමා වැඩියි. අනිත් ලිපි ඔක්කොම කියෙව්වා එකක් නෑර. අයියා ගොඩක් ලස්සනට ලියනවා. රසවත් වගේම, අපිට ගන්න දේකුත් තියෙනවා. දිගටම ලියන්න. ජය වේවා!

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.