පුවක් ගහේ යෑම..
{ Thursday, August 13, 2009 දින
ඉන්දික විසින් ලියන ලදී.
}
දවසක් තරුණ කොලුවෙක් බොහොම වේදනාවෙන් ඇඹරි ඇඹරි වාට්ටුවට එනව. එක්කන් එන්නෙත් වයස විස්සක් විතර, ඒවයසෙම කොල්ලෙක්. මම ඇහුව මොකද මල්ලි අමාරුව කියල. මිනිහ ගොත ගගහ ලජ්ජාවෙන් යටිබඩ පැත්ත පෙන්නුව. ටිකට් එක අරන් බලපුවාමයි වැඩේ තේරුණේ. paraphimosis..! පවු වැඩේ, මාර ලෙඩක් නෙ හැදිල තියෙන්නෙ.මම මනුස්සයව ලෙඩ්ඩු බලන ඇඳට දාල මොකද කියල බැලුව. මෙන්න මේ යකාගෙ අවයවයෙ ඉහල කොටස බැලුමක් වගේ පිම්බිල, ඉදිමිලා, මේ දැන් පුපුරන්න වගේ. අල්ලන්නවත් දෙන්නෙ නෑ බෙරිහන් දෙනව වාට්ටුව දෙවනත් වෙන්න.
මම ඩොක්ටට මේ ගැන කියල, කොහොමද මෙහෙම වුනේ බලන්න විස්තරේ ඇහුව. අහන්න නම් දෙයක් නෑ, මෙහෙම වෙන්නෙ පුරුෂ ලින්ගයේ පෙර සම පස්සට ගිහින් ඒක ආයෙ උඩට ඒ කියන්නෙ තිබුන තැනටම ආවෙ නැති වුනාම තමයි. බෙල්ල මිරිකලා වගේ පෙරසම ලින්ගය හිරකලාම, ශිශ්ණ මුණ්ඩය බැලුමක් වගේ ඉදිමෙනව. හරියට රිදෙනව. ඕකට තමයි paraphimosis කියන්නෙ.
ඔන්න ඉතින් අපේ යාලුව ඇඹරි ඇඹරි කියනව, යාලුවෙක්ගෙ දානෙ ගෙදරකට පුවක් කඩන්න පුවක් ගහකට නැග්ගලු. බහිනකොට ගහේ ඇතිල්ලීගෙන ඇවිත් මෙහෙම වුනාලු.......හයියෝ..මොකටද මගෙ කට.මට නිකන් ඌරු ජුවල් මුගෙ ටොම් පචේට.ඇයි දෙයියනේ මුගෙ එක පුවක් ගහේ ඇතිල්ලුනානම් මෙහෙම ඉතුරු වෙයිද? පස්සෙ මම ටිකක් කොල්ලව බය කලා, ඇත්ත නොකියා බොරු කියල ප්‍රතිකාර වැරදුනොත් ඕක මුලින්ම කපන්න වෙනව කියල..මෙන්න ඒ පාර ඌව එක්කගෙන ආපු එකත් බය වෙලා..! කොහොම හරි මනුස්සය බයටම ඇත්ත කිවුව.
මෙයාල ****කැම්පස් එකේ පලමු වසරෙලු. යාලුවෙක් ගෙ බෝඩිමකට සෙට් වෙලා කොහෙන්දෝ හොයාගත්තු නගර ශෝභිනියක් එක්කන් ගියාලු. එතෙන්දි තමයි මේ සන්තෑසිය වෙලා තියෙන්නෙ.මේක අඩුවෙයි කියල දවසක්ම බලල, ඉදිමුම වැඩි වෙන හින්ද ආවලු. මම මේ දෙන්නට ටිකක් අවවාද කලා.ලෙඩේ අඩු කරල දුන්නට පස්සෙ ඒඩ්ස් වලටත් චෙක් කරගන්න කියල ලියවල දුන්න..අනේ ගොන් බානට එතකොට තමයි එහෙම ලෙඩක් ගැන මතක් වුනේ.කොහොමින් හරි ආයෙනම් ඕව කරන්නෙ නෑ කියල මුන් වෙවුල වෙවුල කියනව.
මමත් කොල්ලෙක් හින්ද උන් දෙන්නගෙ කාඩ් කුඩුකරන්නෙ නැතිව යන්න ඇරිය.ඒත් ඒඩ්ස් නම් මම තරම් හොඳ නෑ..හැදුනොත් කාඩ් විතරක් නෙවේ, ජීවිතේම කුඩු...! පරිස්සමෙන් යාලුවනේ..

මම ඉන්දික. අවුරුදු කීපයක් රජයේ රෝහලක හෙද නිළධාරිවරයෙක් විදියට සේවය කරල ලබපු විශේෂ අත්දැකීම් කීපයක් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ බ්ලොග් එක ලියන්න හිතුවෙ. මම තාම නවකයෙක් බ්ලොග් කලාවට. ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා. එකේ වාට්ටුවට ගොඩවෙන්න....ආයුබෝවන් කියල පිළිගන්නව. | 

අදහස් 25 ක් තියෙනවා "පුවක් ගහේ යෑම.." ට
hi hi heeeeeeee
keep this up ....
(pls rmve this Word Verification)
ඒක හරි. කතාව ඇත්ත. මොකක් නමුත්, ලෝයර් ට බොරු කලොත් අඩි 6ක් උඩ. දොස්තරට බොරු කලොත් අඩි 6ක් යට. මෙහෙම බ්ලොග් එකක් සෙට් උනේ කාලෙකින්.. තව ලියන්න.
මරු පුවක් ගහ
ඔබතුමාගෙ කතා බොහොම වටිනවා හුගක් දෙනෙක් දන්නෙ නෑ මෙ වගෙ දේවල්
දිගටම ලියන්න සුබ පැතුම්
Word Verification කරන්න බැරිද
බුදු අම්මෝ...........!!! :( :(
shiran යාලුවට,
ස්තූතියි සහෝ..! ඔන්න අයින් කළා
LishWish යාලුවට,
ස්තූතියි...බොහෝම
උදයංග යාලුවට,
බොහොම ස්තූතියි...දිගටම එන්න!
යුරාජ් මල්ලි..මොකෝ බය වෙලා...!
මරු කතා ටික.
බැරිවෙලා වත් මේවගේ දෙයක් වුනොත් ගොඩින් බේරගන්න විදියක් නැද්ද?
"බැරිවෙලා වත් මේවගේ දෙයක් වුනොත් ගොඩින් බේරගන්න විදියක් නැද්ද?"
නෑ..කරණ දෙයක් දෙපාරක් හිතල කරන එක තමා හොඳම
මරු මරු... වෙනස් දෙයක් කියවන්න නියම බ්ලොග් එක.. දිගටම ලියන්න.
නියමයි ඉන්දික . . . ඔයා ලොකු සේවයක් කරන්නේ මේ තරුන පරපුරට . . දිගටම කර ගෙන යන්න . . .. . . ජය වේවා. . . . !
නොදරුවා සහ දුකා යාලුවන්ට,
ස්තුතියි යාලුවනේ
එලම කිරි දිගටම ලියන්න අයියේ
හරිම රසවත්
අමිල මල්ලීට,
බොහොම ස්තූතියි මල්ලී!
මොකක් නමුත් නොදන්න නමක් කිව්වාම මම මුලින්ම හොයන්නෙ ගුග්ල් එකේ... හපෝයි දැක්කාම බය හිතෙනවා... :-O ඒ ලෙවල් බයෝ කළාට මොකද ඔහොම ලෙඩක් ගැන අපට උගන්නලා නෑ නෙව.
"If the condition persists for several hours or there is any sign of a lack of blood flow, paraphimosis should be treated as a medical emergency, as it can result in gangrene or other serious complications."
මේක විකිපීඩියාවෙ තිබුණෙ. :-O
පුවක් ගහේ යෑම -- මරු මාතෘකාව! :D
ශාකුන්තල යාලුවට,
ඔවු ඔවු..මේකෙ රූප එහෙම දාල දැනුවත් කරන්න තිබ්බ. ඒත් එතකොට 18+ වෙනවනෙ
Maru
ස්තුතියි බබෝ..!
හම්මෝ මම අර දාපු වචන (p@r@phimo$i$)
ගුගල් සර්ච් පාරක් දැම්ම දැක්කමත් ඇග කුල් වෙනව
දිගටම ලියන්න අය්යෙ ඔයාගෙ කතන්දර කියන විලාසයත් නියමයි
හික් හික් නියම කතාව. අපේ ඉස්කෝලවලත් ඉන්නව කොල්ලෝ අපිව අන්දන්න එනවා. නෑ පුතේ මේක නේද වුනේ කියලා ඇහුවම අත්තන ඇට කෑවා වගේ බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට කේන්තිත් එනවා ඒත් ඉතින් මෝඩකමනෙ කියල අපි හිත හදා ගන්නවා.
Post a Comment
අදහස්..උදහස්...කියල යන්න.