ආදරයක මහිම.......

{ Friday, August 14, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින් www.dolceta.eu/.../Mod3/spip.php?article245
මේ සිද්දිය වෙලා දැනට අවුරුදු හතරක් විතර ඇති. එදා වාට්ටුව ටිකක් නිදහස්. දවල් දෙක හමාරට තුනට විතර ඇති, ඔන්න වේගෙන් ආපු ත්‍රී විලර් එකක් අපේ වාට්ටුව ලඟ නැවැත්තුව. ඒකෙ ඇරන් ඇවිත් හිටියෙ අවුරුදු දාසයක් දාහතක් විතර වයස කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. මුන් දෙන්න මොකක්ද ආදර හුටපටයකට වහ බීල. කෙල්ලව ගෑණු වාට්ටුවට යවල, කොල්ලව ඇඳකට අරන් අපි ලහි ලහියෙ මුගෙ ජීවිතේ බේරගන්න දැඟලුව. මිනිහ අවසිහියෙන් වගේ හිටපු හින්ද කටින් ලොකු බටයක් ආමාශයට දාල වතුරෙන් බඩ සෝදල දාන්න සිද්දවුනා ( Gastric Lavage ). ඒ අතරෙ මෙයාලව එක්කන් ආපු රන්චුව මුන් දෙන්න බීපු වහ බෝතලේ හොයාගෙන ආව. හ්ම්..නරක නෑ බීල තියෙන්නෙ "පැ******", ඒව බීපු කිසිම කෙනෙක් මෙතෙක් මේ ලෝකෙ බත් කන්න ඉතුරුවෙලා නම් නෑ. තේ හැන්දකින් තුනෙන් එකක් ඇති වැඩිහිටි පිරිමි කෙනෙක්ගෙ ජීවිතේ නැතිවෙන්න.
මේව බීවම බඩේ ආන්ත්‍රික යුෂත් එක්ක එකතුවෙලා කොළ පාටක් ගන්නව. කොල්ලගෙ බඩෙන් සෝදල දාපු වතුරත් කොළ පාටයි..ම්..ම්..ඒත් මගෙ අත්දැකීමෙන් මට නිකන් සැකයක් වාගෙ හිතුන මොකද ඒව කොළ පාටට තෙල් වගේ ඇදෙන සුලු ගතියකුත් තිබුන නිසා. ඒත් සමහර විට ආමාශයෙ සෙවෙල( ශ්ලේශ්මල/ Mucus )ගතිය පිටට ඇවිත්ද කියලත් හිතුන.කොහොම හරි පැයකට විතර පස්සෙ කොලුවට හොඳට සිහිය ආව. අපි අනුමාන කළා මූ නම් බීල තියෙන්නෙ පැ****** නෙවෙයි කියල.
ඔය අතරෙ මම ගැහැණු වාට්ටුව පැත්තෙ ගියා වහ කේස් එකේ අනික් පුරුක බලන්න. මම යනකොට ඒ අසරණ ළමයගෙ හුස්ම ටික ගිහින්, දරඳඩු වෙච්ච සිරුර පරවුන මලක් වගේ ඇඳක් උඩ දාල තිබුන. ජීවිතය බේරගන්න දඟලපු කාර්ය මණ්ඩලයෙත් මූණු මැළවෙලා ගිහින්...ඇත්ත පැ****** හරිම දරුණුයි, ඉස්සෙල්ල කීව වගේ චුට්ටක් ඇඟට ගියොත් ඉවරයි.
දැන් ඔයාලට ඇතිවෙච්චි ප්‍රශ්නෙ මටත් ආව..කොල්ල බේරිල කෙල්ල මැරුනෙ කොහොමද? මම අපේ වාට්ටුවට ආපහු එනකොට මෙන්න අපේ කොලුව ඇඳ උඩ ඉඳගෙන හෙම ඉන්නව. මම ගිහාම මිනිහ අහනව "අරයට කොහොමද?" කියල..මම ඒකට උත්තර නොදී
"තමුසෙල මොනවද බීවෙ?" කියල ඇහුව..
මනුස්සය කියනව "වල් බෙහෙත් බිවුව" කියල....මම ටිකක් සැරවෙලා ඇත්ත නොකීවොත් පොළීසි දානව කියල මූව බය කළා.
මූ කීවෙ මොකක්ද දන්නවද?...කඩෙන් වස බෝතලෙත් එක්ක මේකා ත්‍රී වීලර් වලට දාන ටූ-ටී ඔයිල් බෝතලේකුත් ගෙනල්ල. දෙකම කොළපාටනෙ, මේ නරිය මේ දෙක වෙන වෙනම වීදුරු දෙකකට දාල කෙල්ලට වස පොවුවල, මූ ටූ-ටී බීල. ඒකයි අර අහින්සකී මැරිල මූ ඉතිරි වෙලා තියෙන්නෙ.
ඔන්න පිවිතුරු ආදරේ........මම නම් හිතන්නෙ මේ වගේ පාහරයෙක් එක්ක ජීවත් වෙන්න අර අහින්සක මෝඩ කෙල්ල ජීවත් නොවුණු එකම වාසනාවක් කියල.


( වස වර්ගයේ නම ලිවුවෙ නැත්තෙ..නරක ආදර්ශයක් යන්න පුලුවන් නිසයි.)

අදහස් 34 ක් තියෙනවා "ආදරයක මහිම......." ට

හෆ්ෆටසිරි............ යකෝ අරූව උල තියන්න එපායේ.........!!

උල තියල මදි !

හපොයි.....

උබ අල්ලලා දුන්නාද? ඔකාව මරලා මදි තූ නොදතින් ඔය වගේ අව*න් යක්කු

කාට බොරුකලත් හදවතට බොරුක‍රන්න බෑ ඌ විදවයි

දිසා,රන්දීර යාලුවන්ට,

ඌව කොහොමත් පොලිසි දැම්ම.ඊට පස්සෙ මොනව වුනාද නම් දන්නෙ නෑ..!

අර කියන්නෙ පැ****** මොනවද කියල කිව්වොත් අපිටත් හදිස්සියකට කාට හරි දෙන්න... හික්

කොල්ල ලෝකෙ කාල වතුර බීපු එකෙද්ද කොහෙද (මේක කෙලින්ම මිනී මැරීමක් නෙවෙයිද?)

මොනා උනත් ඉතින් වහ බොන එක උත්තරයක් නෙවෙයි නෙ.

කාළකන්ණි.., මොන්වා උනත් කෙල්ල පව්.
අරූ ගේ පිරිමිඇ* කපල දැම්මනම් ඉවරයි නෙව.
ඕකට *** උණන නිසානේ මේ ඔක්කොම...!

පිවිතුරු ආදරේ නාමයෙන් . . .දිවි පුද දෙන්න තවත් . . . කට්ටිය බලන් ඉන්නවානම් . . මේ වගේ බ්ලොග් සටහනක් . . . හොඳ . . . පිලිතුරක් වේවි . . .

ලොකු මහත්වෙනකම් දුක් විඳපු අම්ම . . . තාත්තා . . . තාමත් දුකේ. . . වල් නරියා වෙන එකක් සෙට් කරගෙන . . . හොඳින් ඉඳී. . .

ඒ වගේ මෝඩ කෙල්ලොනම් . . .මැරෙන එකමයි . . හොඳ. . . නැත්නම් උන් අම්මලා උනාම දරුවන්ට දෙවියන්ගේ පිහිටම තමා. . . !

සෑර්, ඌ නම් බෑල්ලිගෙ පුතෙක්. තාත්ත පොලිස් කරායෙක් වෙන්න ඈති.

--Dappi Sira --

අනේ කාලේ වනේ වාසේ කිව්වලු!

අනේ කාලේ වනේ වාසේ කිව්වලු!

මිනිහට යහතින් ඉන්න පුළුවන් උනාද දන්නේ නැහැ

Gayan Balasooriya යාලුවට,

මමත් හිතන්නෙ මිණීමැරීමක්ම තමයි...~

LishWish යාලුවට,

හික්ස්..!

දුකා යාලුවට,

ඔවු..ඒ කතාවෙත් ඇත්තක් තියනව.මේ ලෝකෙ ජීවත් වෙන්න නම් හොඳ සිහි බුද්ධියක් තියෙන්න ඕන.

මටත් කියන්න බැරිද? මේකෙ නම (පැ******)
මාත් මේ දවස්වල හොයන්වා

--Dappi Sira --යාලුවට,

හා,,හා,ඒක නම් මම දන්නෙ නෑ කොල්ලෝ..ඌ නම් මහ වල් නරියෙක් තමයි

මධුරංග ප්‍රභාත් ,ම යාලුවන්ට,

යහතින් කොහෙ ඉන්නද? මුලු ගමම සීන් එක දැන ගන්න ඇතිනෙ..!

ම යාලුවට,

පිස්සුද සහෝදරයා..?

නියම කතා ටික.

කතන්දර කාරයා යාලුවට,

thank you bro!

කතා ටික නම් පට්ට ආතල් ෆ්‍රෙඩා... ආතල් එක වගේම පාඩං එහෙමත් තියෙනවා ඒක අස්සේ ඉගෙන ගන්න. සිරාවටම ඕක ඇඩ්මිෂන් වෝඩ් එක වෙන්න ඇති... එළ එළ ජය වේවා...

කුෂාන් ඇස්. වන්නිආරච්චි යාලුවට,

ජය වේවා..සහෝදරයා..ස්තුතියි!

ආදරෙට දිවි පිදිල්ල මහ මැටි වැඩක්
මම නං ඕව කරන්නෑ ජීවිතේට

මොකද්ද ඒ වස ජාතියෙ නම?

ඔය ජාතියම ඌට අල්ලලා පොවන්න ඕනේ...!

මත හිතෙන්නේ ඔක නම් මිණීමැරුමක් මයි.

This comment has been removed by the author.

ඒ කතාව ඇහුවහම හිතටත් මොකක්දව‍ගේ
මෙහෙත් උනුත් ඉන්නවනෙ...

දිගටම ලියන්න අයියා. ඔයාගෙ කතා ජීවිතයට ගොඩක් වටිනවා...
සුබ පැතුම්

ඔය වගේ තිරිසෙනෙක් එකක් ජීවත් වෙන්නේ නැතිව ඒ ගෑණු ළමයා මැරිලා ගිය එක වටිනවා. මේ ලෝකේ කෙ‍ාහෙත් ඔය වගේ කාළකන්ණි ජීවත් වෙනවා.

මිදි යුෂ යැයි රැවටී..හලා හල විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා මුලා වුනේ ඇයි මා..
කිය කිය පස්සේ අඩා වැටෙන්න කලින් ඔහොම වෙලා මළ එක සෑහෙන්න සාධාරණයි බලාගෙන යනකොට..
ඔන්න ගැහැණුන් චපලයි කිය කිය උඩ පනින කට්ටියට බලන්නම වටින කථාව...

මුන්වගෙ එවුන් 1කකෙල්ලන්ට ගහන්නන මුට ඔය බොතල් 5ක් 1ක පාර පොවන්න ඔන

හරිම සංවේදී කතාවක්..ඈත්තටම මේ වගේ ජරා තිරිසන් කොල්ලොත් මේ රටේ ඉන්නවනේ.උගේ කෙල්ල ගැන ඈත්තමට ආදරයක් තියෙන්න නැතිව ඈති.ඌත් එහෙමම මැරුණ නම් හොදයි කියල මට හිතෙන්නෙ. අත්දැකීම් බෙදා ගත්තාට ස්තුතියි..ජය වේවා..!

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.