ජීවක ගුලිය....

{ Sunday, October 04, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }

පින්තූරෙ ගත්තෙ මෙතැනින් http://www.passarella.com/matt/matt-moonface.jpg
සෙවුවන්දි පුංචි දඟකාර සමනළියක්. වයස යාන්තම් අවුරුදු හතරයි. ගමේ ගොඩේ හැදිච්ච වැඩිච්ච හින්දම, වෙල් එළියෙ බඩවැටියෙ ඇලේ දොලේ කෙළිදෙළෙන් හිත පිරෙනකල් පියාඹන්න , දඟ කරන්න මේ සමනළ පැටික්කිට කවුරුවත් බාදාවක් කලේ නෑ. පුංචි සෙවුවන්දි එයාගෙ අම්මටයි තාත්තටයි හිටිය එකම දරුව හින්ද ඒ ගොල්ලො මෙයාට හරියට ආදරෙයි.
ඒත් එක දවසක් පාන්දර පුංචි සෙව්වන්දි සෙල්ලම් කර කර ඉඳල අම්ම ගාවට ආවම එයාගෙ පපුවෙන් සද්දයක් ඇහෙනව වගේ නේද කියල අම්මට හිතුන. ඒත් අම්ම ඒක එච්චර ගනනකට ගත්තෙ නෑ. සතියක් දෙකක් යනකොට පපුවෙන් ඇහිච්චි පුංචි රාන් රූන් සද්දෙ වැඩිවුනා, ඒවගේම පුංචි සෙවුවන්දිට පඩිපෙලක් කන්දක් නගිනකොට හුස්ම ගන්න අමාරුවෙන තරමටම ලෙඩේ ටිකෙන් ටික වැඩිවුනා. හොඳටම බයවෙච්චි අම්මයි තාත්තයි සෙවුවන්දිව ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නුව. බෙහෙත් වේල් දෙකතුනකට පස්සෙ ඩොක්ටර් පුංචි දුවටයි අම්ම තාත්තටයි උපදෙස් මාලාවක්ම දුන්න.
උදේ පින්නෙන්, දූවිලි වලින්, මල් පරාග වලින්, අන්නාසි ,තක්කාලි, බලමාලු, බල කරවල වගේ කෑම වලින් පරෙස්සම් වෙන්න කිවුව. නාහෙට අදින්නයි, බොන්නයි බෙහෙත් ජාති මහ ගොඩකුත් දුන්න.
මේ පුංචි දරුවට හැදිල තිබුනෙ ක්ලෝම/පෙනහලු ඇදුම( Asthma ) කියන ලෙඩේ. මේකෙදි පිටතින් එන අසාත්මිකතාවයක්( Allergy ) හින්ද පෙනහලු වලට වාතය ගෙනියන නාළ පුංචිවෙලා හුස්ම ගන්න අමාරු වෙනව. ඉතින් ඔය අසාත්මිකතාව සමහරුන්ට පින්නට, මල්පරාග වලට, දූවිල්ලට, ශීත කෑම වලට, සමහර බෙහෙත් වර්ග වලට ආදී විවිධ දේවල් වලට ඇතිවෙන්න පුලුවන්. මේවට කියනව අසාත්මික කාරක ( Allergen ) කියල. මොනව කිවුවත් තමුන් අසාත්මික වෙන්නෙ මොන මොන දේවල් වලටද කියල හොයාගන්න පුලුවන් වෙන්නෙත් තමුන්ටම තමයි.
ඔන්න ඉතින් දැන් පුංචි සමනළී බෙහෙත් වේල නොවරදවාම ගන්නව. දැන් ආයෙත් දුවන්න පනින්න පුලුවන්. හැබැයි ඉතින් දූවිලි ටිකක් වැඩියෙන් ඇනුවොත්, බල මාලු ටිකක් කෑවොත් හෙම ආපහු ලෙඩේ පොඩ්ඩක් විතර මතුවෙනව. හැබැයි ඉස්සර තරම් දරුණුවට හෙම නෙවේ.
ඔන්න ඔය අතරෙ සෙවුවන්දිගෙ තාත්තට පත්තරේ තිබිල දැන්වීමක් බලන්න හම්බවෙනව.
" ජීවක වෙද මහතා..ඇදුම රෝගය සති හතරකින් නිට්ටාවටම සුවය. එක් ප්‍රතිකාරයක් පමණි.."
ඔන්න ඕකයි දැන්වීම..ගෙවල් වලට ළඟපාත නොවුනත් තාත්‍තයි අම්මයි තීරනය කරනව පුංචි කෙළි පැටික්කිව මේ ජීවක වෙදමහත්තය ළඟට එක්කන් යන්න. ඒ වෙන මොකටවත් නෙමේ විටින් විට මතුවෙලා පුංචි පැටික්කිට කරදර කරන ලෙඩේ නිට්ටාවටම හොඳකර ගන්න.
දුරු කතර ගෙවාගෙන ජීවක වෙද මහත්තයව හම්බවෙන සෙවුවන්දිලට එයා පොරොන්දු වෙනව මාසෙකින් ලෙඩේ නිට්ටාවටම හොඳකරල දෙන්න. ප්‍රතිකාරයත් හරිම ලේසියි. සියඹලා ඇටයක් විතර ගුලි දෙකක් ගානෙ දවසට තුන් සැරයක් මීපැණිත් එක්ක බොන්න විතරමයි තියෙන්නෙ. හැබැයි ඉතින් වෙදමහත්තයගෙ ගාස්තුව නම් ටිකක් වැඩියි. ඒත් ඉතින් එකම දරුව වෙනුවෙන්නෙ කියල මෙයාල මේ වියදම දරාගත්ත.
දවස් දෙක තුනෙන්ම සෙවුවන්දිට ගුණයක් දැනුන. අනිත් බෙහෙත් ඔක්කොම නවත්තල අම්ම කොහොම හරි සෙවුවන්දිට මේ ගුලි පොවුවනව. ලෙඩේත් ඉක්මනින් අඩුවෙනව.
සති තුනක් විතර ගියාට පස්සෙ පුංචි සෙවුවන්දිගෙ මූනෙ මොකක්දෝ වෙනසක් අම්මට දැනුන. ටිකක් ඉදිමිලාද කියලත් හිතුන. ඔය අතරෙ තමයි සෙවුවන්දිට මුත්‍රා දැවිල්ලක් හැදුනෙ. හරිම තද උණකුත් එක්ක.
ඉතින් ආයෙම පුංචි පැටික්කිව ළමා රෝග වෛද්‍යවරය ළඟට එක්කන් යන්න අම්මලට සිද්දවුනා. එතෙනදි පරීක්ෂාකරපු මුත්‍රා සාම්පලයෙ ලොකු වෙනසක් තිබ්බ හින්ද, ලේ පරීක්ෂණ වගයකුත් කරන්න සිද්දවුනා. අන්තිමේදි ඩොක්ටර් තීරණය කළා සෙවුවන්දිව රෝහලේ නවත්තන්න.
ඔන්න ඔය විදියට තමයි රෝහලේ ළමාවාට්ටුවට සෙවුවන්දි ආවෙ. පරීෂණ මහ ගොඩකට පස්සෙ තීරණය වුනේ මොකක්ද දන්නවද? පුංචි දරුවට දියවැඩියාව තියන බව....!
උපතින් දියවැඩියාව අරගෙන ආපු නැති මේ මල් කැකුළට මේක හැදුනෙ කොහොමද?. තව තව පරීක්ෂන කෙරුන. වෛද්‍යවරු පුංචි සමනලීව පරීක්ෂා කලා..මූන ඉදිමුන තත්වය Moon Face කියන රෝග ලක්ෂනය කියල තීරනය වුනා.(පින්තූරෙ තියෙන්නෙ ඒ ලක්ෂනේ) මෙහෙම වෙන්න පුලුවන් ස්ටීරොයිඩ ගනයෙ බෙහෙත් වැඩි මාත්‍රාවක් දිගුකාළයක් තිස්සෙ ශරීරගතවුනාම.
ඉතින් මේක ගැන ඩොක්ටර්ස්ල තාත්තගෙන් අම්මගෙන් කරුනු ඇහුව. බෙහෙත් ගත්තෙ කාගෙන්ද කොහෙන්ද කියල. ඔන්න ඔතෙන්දි ජිවක වෙද මහත්තයගෙ ගුලි සෙල්ලම ගැන එළිකරන්න තාත්තට සිද්දවුනා.
අවසාන නිගමනය වුනේ මේකයි..අර ගුලිවල තිබිල තියෙන්නෙ ස්ටීරොයිඩ ගනයෙ බෙහෙත් කුඩු, බොහොම වැඩි මාත්‍රාවකින්.ඒකනෙ එකපාරටම ලෙඩේ හොඳ වුනා වගේ දැනුනෙ. මේ හොර වෙදා ෆාමසියෙන් ගත්තු Prednisolone වගේ බෙහෙතක් කුඩු කරල අර ගුලි හදන්න ඇති.
තාත්ත මේ වෙදාව හොයාගෙන ගියා..ඒත් ඒ වෙනකොට මනුස්සය ආගිය අතක් නැහැලු..බේත් ශාලාවත් වහලලු.
කොහොම හරි අන්තිමේදි පුංචි සෙවුවන්දි සදාකාලික ලෙඩෙක් වුනා. දරුනු ආපහු යථා තත්වයට පත්කරන්න බැරි හානි ගොඩක් එයාගෙ පුංචි ඇඟ ඇතුලෙ වෙලයි කියල දැනගත්ත. කතාව ඔච්චරයි
ඒත්....හිතන්න දේවල් නම් බොහොම ගොඩයි..තවත් මේවගේ හොර ජීවකයො මුලු බටහිර, දේශීය සහ අනෙක් හැම වෛද්‍ය සාශ්ත්‍රයන්ටම නිගා දෙමින් නිදහසේ ගොදුරු දඩයම් කරනව. අපි බෙහෙත් ගන්නෙ කාගෙන්ද? තීරණය ඔබ අතේ..!

අදහස් 24 ක් තියෙනවා "ජීවක ගුලිය...." ට

wechcha deyak. piligaththa thanakin arenna hama thana inna JEEVAKALAGEN beth ganna honda ne kiyanne ekane. meka JEEVITHATH ekka karana sellamak......paw ahinsaka sewwandi..nikarune wandi gewanawa.

ඔවු ප්‍රභාත් යාලුවෙ..හොර වෙද්දු ඉන්නව හැම තැනම.අපි බෙහෙත් ගන්නෙ කාගෙන්ද කියල හරියට දැනගෙන ගන්න ඕන. නැත්නම් අමාරුවේ.

ආණ්ඩුවෙ ඉස්පිරිතාල තියනකං කාටත් එක එක ලෙඩ වලට එක එක ආකාරයෙ ප්‍රතිකාර දෙන්න පුලුවන් කෙලවුනාට පස්සෙ ඉස්පිරිතාලෙට ගේනව "හරිම ලේසියි"

නම නොදන්න යාලුව කියපු කතාව ඇත්ත. සමහර ප්‍රයිවෙට් හොස්පිටල් වලිනුත් ඔය වැඩේ කරනව. සමහර වෙලාවට ගේන්නෙ මැරිල..!

කොහොම හරි ජීවකය අල්ලගෙන ඌ ලව්වම ඔය දෙන බේත් ටෙස්ට් කලා නම් ආයි වෙන උන් ඕවා කරන එකක් නැහැ

බොහොම වටිනා ලිපියක්. මේවා ගෑන පරීක්ශා කිරීම, නීති සම්පාදනය කිරීම,සෞඛ්‍ය අමාත්‍යංෂයෙන් වෙන්න ඕනා දේවල්. ඒවා ගෑන ඉතිං මොකට කියනවද?

අඩු තරමින් ඔයා, මෙහෙම අපේ දුප්පත් අහිංසකයෝ ටික දෑණුවත් කරනවට, බොහොම පිං.

ස්තුතියි මේ ගැන දැනුවත් කලාට.

ඕවා ගැන කතා කරන්න මීට වඩා පුළුල් කතිකාවතක් අවශ්‍යයි ඉන්දික.., ප්‍රධාන ම දේ තමා මේවගේ හොරු ගැන හොයා බලන්නේ නැතිව මිනිස්සු උන් ගාවට ගිහින් වැඩ වරද්දා ගැනිල්ල. ඕකෙන් දුක් විඳින්නේ අහිංසක මිනිස්සුම බව දැන ගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි..

කාලෙකට පස්සේ හැමදාමත් වගේ වටින ලිපියක් ලියලා.

මේවා ගැන කොයිතරම් මිනිසුන්ව දැනුවත් වෙන්න ලිපි මාධ්‍ය වල ගියත් මේ වගේ තැන් වලට හෙවිල්ලක් බැලිල්ලක් නැතිව යන එක නම් අඩු වෙලා නෑ.

මේ ලිපියේ කට්ටිය උනත් වටේ පිටේ අයට මුලින් කියන්න ඇති අහවලානම් ඇත්තටම දෙවියෙක් තමයි කියලා.

ඉතින් පත්තර කාරයට වඩා ගමේ එකාව විශ්වාසයි නේ...

අර ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා කියමනකුත් තියෙනවනේ.

ම යාලුවට,
ඌව එළවල දාල තියෙන්නෙ මිනිස්සු..මම හිතන්නෙ සබ්බුව දෙන්න ඇති!

LazyOwl යාලුවට,
අමාත්‍යාංශ ගැන කතාකරනවට වැඩිය හොඳයි..එහෙම ඒව නෑ කියල හිතාගන්න එක/ බොහොම ස්තුතියි~!

ලිෂ්, ඕක තමයි අවුල සහෝදරයා..මොනව හරි බොරුවක් පත්තරේ දැම්මම අපේ අය වැඳගෙන දුවන්නෙ. ඒකට වගකියන්න ඕන අපේ සෞඛ්‍ය සේවකයොත්..තමන් දන්න දේ සමාජයට කියා දෙන්නෙ නැති එක වරදක් මම දකින විදියට~

ඔවු..ඔය මනුස්සය ආයෙම වෙන නමකින් වෙන කොහේ හරි ඔය මගඩියම කරනව ඇති. අපේ අයත් පුදාගෙන දුවනව ඇති ප්‍රාර්ථන යාලුවෙ.

පිස්සු හැදෙන සඳ!!! මම අහල තියෙන විදිහ‍ට ඔය prednisolone කියන ඖෂධය නිසා හුඟක් දරුණු ගණයේ after effects වලට පසු කාලීනව මුහුණ දෙන්න වෙනවා.

කොහොම වුණත් ඔය වගේ හොර වෙද්දු නිසා නිවැරදිව වෙදකම් කරන දේශීය වෛද්‍යවරුන් ගැන තියෙන විශ්වාසය පළුදු වෙන එක තමා වෙන්නේ...

ඔවු දක්ෂින යාලුවෙ..මේ වගේ මිනිස්සු මුලු ක්ෂේත්‍රයම කනව.

මමත් දැකල තියනව පත්තර වල ඔය වගේ කෙබර,දැක්කම හිත යනව ඇයි පත්තරෙ පිටු භාගයක විතර කෙබරය බාල තියෙනවනේ
අනේ මගේ අරකේ ලෙඩේ තිබ්බයි මේ වෙද මහත්තයගෙ ‍බෙහෙත් බිවුවම නිට්ටාවට සුව උනයි. ඒඩ්ස් රෝගයෙන් මෙච්චර කල් දුක්වින්දයි වෙදාට පින් සිද්දවෙන්න ඒකත් හොදයි.දරුවෙක් නැතුව මෙච්චර කල් හිටියයි එක් දින ප්‍රතිකාරයයි ඒකත් හරි.
තව එකෙක් කියයි මම මෙච්චර අවුරුදු ගනනක් අහවල් එකේ මේ ලෙඩේ හැදිල හිටියයි සතියෙන් ලෙඩේ හොද උනයි.
තව කතාව යන්නෙත් පිනට කරනව වගේනේ.
ඒත් කතාව මේකනේ.... යම් කෙනෙක් අසරන උනාම ඕන පචයකට අහුවෙනව විශේෂයෙන් දරුවෙක් ලෙඩ උනාම.
ඒත් මේ හොර වෙදාලට ලියාපදිංචියක් නැතුවත් ඇති. ඒත් පත්තර වල පිටු ගනන් ඇඩ් දාල. රටේ බලධාරීන් මේ ගැන සොයා බලනවා නම් මෙහෙම කලක් යයිද?

මේ බ්ලොග් අවකාශයට ඔබ වැනි අය සම්පතක්

ඒක ඇත්ත උෂාන් මල්ලි, රටේ බලධාරීන්ට මෙවුව නොකළට කොරන්න ඕන තරම් වැඩ තියනවනේ..ඇයි අප්පා පරම්පරා කීයකට කියල හම්බුකරගන්නද?

නමනොදන්නා යාලුවටත් ස්තුතියි

කෝ අළුත් කතා?
කතන්දර කාරයා

අපි ඉන්නෙ මහා නපුරු ලෝකෙක.

මමත් දන්නව ඔය වගේ වෙදෙක් ගැන.
ඒ මිනිහත් Prednisolone තමයි දෙන්නෙ ඇදුම තියන අයට.
එ උනාත මොකෝ එයා සිංහල වෙදෙක්...හික්ස්

Eka husmata oyage katha 1/2ma kiyewwa,,,
Harima wadagath katha,,,vihilu kathath nathwa a nemei,,,
Godak sthuthi me katha walata,,
Kumar,,

ස්තුතියි යාලුවනේ!

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.