අපයෝජකයා.......

{ Saturday, September 17, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }



සදුදා…කාර්ය බහුල සතියක ආරම්භය. වෙලාව උදේ අටට විතර ඇති.
කාන්තා පොලිස් නිළධාරීන් දෙන්නෙක් එක්ක තරුණ ගෑණු ළමයෙක් වාට්ටුවට ආව.
“කෝ දෙන්න බලන්න ටිකට් එක”
හ්ම්…ටිකට් එකයි, MLEF(Medico leagle ExaminationForm) එකයි දෙකම ලැබුන. ඔය MLEF එක කියන්නෙ නීතිමය කටයුත්තකට රෝහලත් එක්ක බැඳීම හදාගන්න ලිංක් එකක් ඒ කියන්නෙ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයට රෝගියා පරීක්ෂාකරල පුරවන්න තියෙන ෆෝම් එකක්. රෝගියා අධිකරනයක් හමුවට යනවනම් යම්කිසි හේතුවකට මෙන්න මේ MLEF එක තමයි අධිකරනය ඉල්ලන්නෙ..රෝගියාගෙන් හෙම නෙවෙයි හොඳඳ..ඒක ඉල්ලන්නෙ රෝහලේ අධිකරන වෛද්‍ය නිළධාරියාගෙන් උසාවි නියෝගයක් මගින්.
කතාවෙන් කතාවෙන් වාහනේ පාරෙන් පිට පැන්නනේ…ඔන්න ආයෙ පාරට!!
“මිස් අපි මෙයාව වෛද්‍ය පරීක්ෂනයකට තමයි ඇඩ්මිට් කරන්නෙ”
“හොඳයි..ඔබතුමීල කවුරුත් ආරක්ෂාවට ඉන්නවද?”
“ඔවු මිස්. අපිදෙන්න ඉන්නම්”
“හොඳයි..වාඩිවෙලා ඉන්න”
දිලුක්ෂි වයස 20ක ළමයෙක්.දූෂණයකට ලක්වෙලාද කියල බලන්න තමයි ඇතුලත් කරල තියෙන්නෙ පොළීසියෙන්.
“දිලුක්ෂි, ඔයාට කොහොමද? බයෙන්ද ඉන්නෙ?”
“නෑ මිස්, බය නෑ මම…”
“ඔවුනෙ මොකට බයවෙන්නද, ඔය ගාඩ් එකට දෙන්නෙක්ම ඉන්නෙ නේද?”
කෙල්ලගෙ ඇස්වලට කඳුලු උනපු නිසා මම කතාව එතනින් නැවැත්තුව..
හැබැයි පස්සෙ මෙයාට උපදේශණයක්(Councelling) දෙන්න ඕන කියල හිතාගෙන!
ඔන්න ඉතින් දිලුක්ෂිව වෛද්‍ය පරීක්ෂණයට ගත්ත. එතෙන්දි දිලුක්ෂිගෙ ඇඟේ බාහිර තුවාල, සීරීම් තැලීම් වගේ මොකුත් දකින්නට තිබුනේ නැහැ.
වාසනාවට වගේ දිලුක්ෂිට වෙන කිසිම කරදරයක් වෙලා නැහැයි කියල තමයි වෛද්‍ය වරයාගෙ නිගමනය වුනෙත්!
අවසානෙදි දිලුක්ෂිගෙ මූණ පුරා අහිංසක හිනාවක් ඇඳුනෙ අපේ හිත් වලටත් සහනයක් මෝදුකරමින්.
දිලුක්ෂිගෙ අම්ම රට ගියෙ එයාල වැටිල හිටපු දුප්පත්කමේ අගාධයෙන් ගැලැවෙන්න හිතාගෙනයි. දිලුක්ෂිගෙ තාත්තත් මත්පැන් වලට ඇබ්බැහි නොවිච්ච අහිංසක මනුස්සයෙක් හින්ද අම්ම රටගියාට දිලුක්ෂිල තනිවුනේ නෑ. එයාගෙම වචන වලින් කීවොත් අපේ තාත්තා අපිට පණ වාගෙ ආදරෙයි කියලයි දිලුක්ෂි අපි එක්කලත් කිවුවෙ.
හැමදාම වගේ රෑට දිලුක්ෂි පාඩම් කරනකොට කිරි කෝප්පයක් තාත්ත හදල දෙනවලු.මේ කියන දවසෙ තාත්ත හදල දුන්න කිරි කෝප්පෙ ලාවට වගේ අමුතු රසක් දැනුනත් වැඩි ගානක් නැතුව බීල දැම්ම කියල දිලුක්ෂි කිවුව, එයා හිතුවලු කහට පොඩ්ඩක් වැඩිවෙන්න ඇති කියල.
……………….එතනින් එහාට එයාට මතක ඇස් පියවෙන තරම් තද නිඳිමතක් ආපු බව විතරයිලු……………………………………………..උදේ නැඟිටිද්දි , මේ අහිංසක ගෑණු ළමයගෙ ඇඳුම් ගලවල දාලලු තිබුනෙ. චීත්තයකුත් පොරවල තිබුනලු…
කළබල වෙච්චි දිලුක්ෂි එයාගෙ ඇඳුම් ඇඳගෙන බලනකොට මේසෙඋඩ ලියුම් කෑල්ලක් තියෙනවලු.
….ඒක ලියල තියෙන්නෙ දිලුක්ෂිගෙ තාත්ත, තාත්ත අම්මට ලියන විදියටලු ලියල තිබුනෙ. ඒත් දිලුක්ෂි කියන්නෙ ඒකෙ එයාගෙ නම දාල තිබුනලු…ඊටත් වඩා ඒ කෙ තිබුනෙ අමු තිත්ත කුණුහරප කියලයි දිලුක්ෂි කිවුවෙ.
මේ කතාවකියනකොටත් එයා මේ සිද්ධියෙන් කොච්චර පීඩනයට පත් වෙලා හිටියද කියල මූනෙන්, හැසිරීම් වලින් පෙනුන.
“ඉතින් ලියුම දැක්කම ඔයා මොකද කළේ”
“මම හොඳටම බය වුනා මිසී, මම ඉක්මනටම 119 ට කතා කරලවිස්තරේ කීව”
පුංචි වුනත්දිලුක්ෂි තැනට සුදුසු විදියට හසුරවාගන්න පුලුවන් නුවණක් තියෙන ළමයෙක්.
ඉතින් එතනින් තමයි මෙයා රෝහල දක්වා එන ගමන ආවෙ.
දිලුක්ෂිගෙ තාත්ත පොලීසියට ගෙනාවම තවත් කරුණු කාරණා හොයාගන්න පොළිසියෙ මහත්තුරුන්ට පුලුවන් වෙලා තියෙනව. අම්ම රටගියාම තාත්තට ඇතිවෙච්චි ලිංගිකපීඩනය දරාගන්නම බැරි වුනාලු. ඉතින් ඒකට කළේ නිදිපෙති දියකරල කිරි වීදුරුවක් හදල දුන්නලු දුවට…තමන්ගෙම ලේ මස් වලින් හැදුන දුවගෙන් තමන්ගෙ ආශාවන් සපුරගන්න තරම් මේ තාත්ත කියන මනුස්සය අමනුස්සයෙක් වෙලා තිබුන.දෙවි පිහිටෙන් ලොකු කරදරයක් නොවුනට දිලුක්ෂිගෙ නුවණක්කාර තීරණය නොවෙන්නට ඊළඟ දවසෙ මොනව වෙයිද කියල කවුද දන්නෙ?
ඉතින් යාලුවනේ ඔන්න ඕකයි අද කතාව!
ආදරණිය අම්මේ,…කාසි හොයන්නට දුරු රට යන්ට කළියෙන් කොච්චර බැරෑරුම් විදියට ජීවිතේ ගැන හිතන්න ඕනෙද කියන එකයි මේ සිද්ධියෙන් ඔයාලට ගන්න තියෙන ආදර්ශය,,…….,,….,,…..

අදහස් 34 ක් තියෙනවා "අපයෝජකයා......." ට

ඒ ලමය පොඩි කෙනෙක් උනත් හොදට දැනුම් තේරුමක් ඇති පාටයි.කරදරයක් නොවුන එක කොච්චර දෙයක්ද?පව් බය වෙන්නැති.

මෙහෙමත් තාත්තලා.

නදී ට,
ඒකනෙ 119 මතක් වෙන්න තරම්..!!

අවාසනාවක ඇත්ත කතාවක් ...

ඒ ගෑනු ළමයා සිහි නුවණින් කටයුතු කරපු නිසා හොඳයි...

ඇත්තටම මගේ අදහසනං අම්මලා ගෘහ සේවිකාවො විදිහට රට යන එක නවත්තන්න ඕනෙ.අපේ රටේ දරුවන්ට අම්මල නැතුව සල්ලි විතරක් වැඩක් තියෙනවද?දෙන්නෙක් බැන්දා නං එකට ඉන්නැතුව සල්ලි පස්සෙ දුවලා අනාථ වෙන්න ඕනෙද????

අපොයි දෙය්යනේ. කියන එක විතරයි දැනට මතක් වෙන්නේ....

ඇත්තටම ගැහැණු රට යන්න කලින් ඔය වගේ දේවල් හිතන්න ඕනේ...

ලිංගිකපීඩනය දරාගන්න මිටියක් අරන් දෙන්න ඕනෙ ඒ මනුස්සයට

මහේෂ් නිශාන්ත අයියට,
ඒක තමයි දුක!!

විසිතුරු ට,
ඒක හින්ද නොවේනම් කතාව මීටත් වඩා දුක්බර වෙන්න තිබුන යාලුවෙ!

දිනුක ජයකොඩි ට,
රට මුදල් හොයන්නයි කියල රට ගිහින් පවුලම නැතිකරගන්නවද කියල දෙපාරක් හිතන්නයි ඕන!!

Podi Kumarihami ට,
ඒක නේන්නම්!!

prasanna86k ට,
අනිවාර්යෙන්ම, ගැහැණු රට යවල හම්බකරන් කන්න කෙළ හලන පිරිමිත් හිතන්න ඕන නේද යාලු!!

Chanaka Aruna Munasinghe ට,
හෙ හේ...ඒ පැත්තෙන් බලනකොටනම් මිනිහ පවු කියලත් හිතෙනව!

අ‍පොයි

හදවත සසල විය.

පුදුම තාත්තල . කොයිතරම් ප්‍රශ්න ආවත් එක රැයක් අපිව තනි නොකළ ..කිසිදා වන්දනාවක නොගිය අම්මටත් ..මිල මුදල් නැතත් මනුස්සකමින් ධනවත් වෙච්ච මගේ තාත්තටත් හිතින් වැන්දා මම .
අර තාත්තට ගෑනි එනකම් ඉවසන්න බැරි නම් රට ඇරියේ අහවල් එකකටද . ලුනුයි බතුයි කාල හරි එකට වැටිලා ඉන්න බැරිනම් මොකටද ඒ පවුල .

Dedunu Dhananjaya ට,
අපොයි නේන්නං~

නිලූක කදුරුගමුව ට,
අනිවාර්යෙන්!!

Bindi ට,
ඒක නම් ඇත්ත. පවුලක් වෙනව කියන්නෙ මුදල් මතම තියෙන දෙයක් නෙවේනේ!!

නොදකින් මේ වගේ උන් ....

යකෝ මේකා තාත්තෙක්ද.....?? නොදකින් ගල් මූසලයා......!!

පත්තරයක් අරන් බැලුවොත් ඕවගෙ උන් දැන් හරියට ඉන්නවා. අර 119 වලට කතාකරන්නවත් දැනුවත් වෙලා හිටපු එක කොච්චර දෙයක්ද?
henryblogwalker the dude

හැමදාම වගේම අදත් ලිපිය ඉතා වැදගත්...

හැමෝටම ආයෙමත් හිතන්න හොද ලිපියක්. ඔය වගේ සිද්දි සාමාන්‍ය දේවල් බවට පත් උන ප්‍රදේශත් ඕන තරම් මේ ලංකාවේ මම ඇහැට දැකලා තියනවා. ඒ පළාත් වල අම්මලා තාත්තලා ගැනු ළමයෙකුට අවුරුදු දහසය පිරිච්ච ගමන් කාටහරි කසාද බන්දලා දෙනවා. ළමයෙක් දෙන්නෙක් ලැබිලා ප්‍රශ්න එනකොට ඒ මිනිහා ගෑනිව රට යවනවා. නිකම් ඉදලා සල්ලි ලැබෙනකොට බේබද්දෙක් වෙන තාත්තාගේ ගාය හොද කරගන්න බිලිගන්නේ අර අහිංසක නොදරුවනවා.

ඇත්තමයි.... මේ කතාව කියවනකොට මගේ ඇඟ හිරිවැටිලා ගියා.... :(

ඒ උණත් දැන් ඒ ලමයා පරිවාසෙකට භාර දෙන්න ඇති... මෙ වහල්ලු රට පටවන වැඩෙ නතර කරලා දැම්මෙ නැත්තන් ඉංදික මහත්තයාට නැතත් වෙන කාට හරි මෙ වගේ කතා ඔණෙතරම් තියෙයි

අද දවසට මෙහෙම කතාවක් කියවන්න ලැබුණු දෙවෙනි සැරේ. බුදුන් වැඩිට රට, බුදුන්ගේ දේශය කියන, බණ අහන, බන කියන මේ රටට මොකද වුනේ ???

මල ඉලවු ලිංගික පීඩනේ .. තමුන්ගේ දරුවා අඳුනගන්න බැරි තරමට ? අර චානක කියන්න වගේ මිටියෙන් තලලා පීඩනේ අඩුකරලා දෙන්න තමයි තිබුනේ..

හිතාගන්න අමාරුයි.. ඒත් මෙහෙම කතා දැන් නිතරම ඇහෙනවා.. ඉස්සරහට අම්මලා අතින් වුණත් ඔය වරද වෙන්න බැරි නෑ.. හැම දේකම මධ්‍යස්ථ බව අවශ්‍යයි මට හිතෙන්නේ.. අර තාත්තා ඔය තරම් දුර්වල වෙන්නේ නැතුව හිත ශක්තිමත් කරගන්න මොකක් හරි පියවරක් ගන්න තිබුණා.. ඒත් සමාජ වටපිටාවත් මේවට උදවු වෙනවා ඇති මයෙ හිතේ..

රට ගියපු අම්මලට බැනලා වැඩක් නෑ මේ වැරද්ද අම්මගෙයි තාත්තගේයි දෙන්නගෙම....මේවා අහන්න තරම් අපි පව්කාර වුනානේ දෙයියනේ අපෙන් පස්සේ සමාජේ කොහොම වෙයිද කියලා හිතාගන්නවත් බෑ....

Did you see that your blog has been nominated in two catagories at Aseniya Kusuma. Why arnt u writing now

හොඳම කාලීන සිදුවීම් බ්ලොග් අඩවිය වශයෙන් තේරුනු එකේ වාට්‍ටුවටත් ඉන්දිකටත් උණුසුම් සුභ පැතුම්
henryblogwalker the Dude

ස්තුතියි කොමෙන්ටු වලට....බ්ලොග් කරනයෙන් සෑහෙන්න ඈත් වෙලා මම..ආපහු එන්නම ඕන...ස්තුතියි හැමෝටම!!

අපොයි.........

119 ට මගේ යාලුවෙක් ගේ වයිෆ් කතා කරලා.. ඊට පස්සේ පොලිසියේ මනමාලයෙක් දිගටම කතා කරනවලු එයාට. ගොඩක් දුර දිග ගිය කේස් එකක්. අයෙත් 119 අමතල ගංජා ගැන තොරතුරු දුන්න අයගේ විස්තර ගංජා විකුණන මිනිහටම කියල මිනී මැරුමක් වෙන්න ගිහින් 99න් බේරුනේ...

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.