ඔයාලගේ උදවු ඕනෙ වෙලා මට..!!

{ Friday, May 27, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }
යාලුවනේ,
අපි තීරනය කරගෙන ඉන්නවා ජූනි මාසෙ මහනුවර City Center එකේ ප්‍රදර්ශණයක් පවත්වන්න, ලේ දන්දීම ගැන.
(මේකට ප්‍රධාන හේතුව ලේ බැංකු වලට ලැබෙන ලේ දැන් අඩුයි..ඒකියන්නෙ අසරණ ලෙඩ්ඩුන්ට ලේ ලබාදෙන එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් , ඉතින් අපේ අරමුණ ආරක්ෂිත ලේ වැඩි වැඩියෙන් අසරණ ලෙඩ්ඩු වෙණුවෙන් ලබාදීම දිරිමත් කිරීමයි)
ඉතින් ඒකට හදන ප්‍රධාන ආකෘතියක් ගැන ඔයාලගේ අදහස් ඕනෙ..

ආකෘතිය තමයි පුංචි දරුවෙකුට ලේ දෙන එක ත්‍රිමානව නිරූපනය.(සමහර විට මේ පෝස්ටරය හැමෝම දැකලත් ඇති)

1. මේකෙදි, ලොකු Blood Drop එකක් හදන්න ඕන. ඒක ඇතුලට බල්බ් එකක් දාන විදියට

2.ලේ ගමන්කරන Tube එකක් හදන්න ඕන..ඒක ආලෝකමත් කරන්න ඕන????

3.බබෙකුගේ ආකෘතියක් හදන්න ඕන
1.එයා චලනය වෙන්න ඕන?????
11.ආලෝකමත් කරන්න ඕන????

4. සම්පූරණ ආකෘතිය කැරකවෙන විදියට හදන්න ඕන..

අවසානයේ නිමාව ලස්සනට තියෙන්නනෙ ඕනෙ!!

මේ මම හිතපු දළ විදිය, මීට වෙනස් උනත් කමක් නැහැ,මෙන්න මේවට ඔයාලට හැකි හිතෙන අදහස් කියල යන්න..ලොකුම ලොකු උදවුවක්..!!
ස්තුතියි!!!
වෙනත් අදහස්..ලස්සන ඇනිමේෂන්..ග්‍රැෆික් තියෙනවානම් ඒවත් බලාපොරොත්තු වෙනවා!