එස්.අයි මහත්තයා..

{ Thursday, August 13, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින් www.freefoto.com/preview/28-11-59?ffid=28-11-59
ඕන්න දවසක් රෑ අටට විතර හොඳට හැඩි දැඩි පිරිමි කෙනෙක් අපේ වාට්ටුවට ඇඩ්මිට් වුනා. ඒ දවස් දෙක තුනක ඉඳන් බඩ රිදෙනව, බඩඑළියෙ යනවා කියාගෙන. මම ඇහුව..
"දවසට කී සැරයක් විතර යනවද?" කියල.
මනුස්සය කියනව "දහ වතාවටත් වැඩිය යනව" කියල..ඒක ටිකක් බරපතලයිනෙ
මම මෙයාව ඇඩ්මිට් කරගෙන ටිකක් වැසිකිළිය ළඟට වෙන්න තියෙන ඇඳක් පෙන්නල ඒකට යන්න කිවුව. මොකද බෝවෙන ලෙඩ තියන ලෙඩ්ඩුන්ව වෙන්කරන්නෙ ඒ පැත්තෙ තියන වාට්ටු කොටසෙ නිසා.ඇයි ඊටත් වඩා රෑ තිස්සෙ මෙයාට වැසිකිළි යන්නත් එපායැ කීප සැරයක්ම. ඉතින් මනුස්සය ටිකක් කල්පනා කරල අහනව,"ඉස්සරහ ඇඳක් දෙන්න බැරිද?" කියල. ඒ මහත්තය වැඩකොරන්නෙ පොලීසියෙලු.එස්.අයි.කෙනෙක්ලු.අනේ ඉතින් කොයිහැටි වෙතත් මම කාරනා කටයුතු පැහැදිලි කළාට පස්සෙ මම පෙන්නපු ඇඳටම යන්න මෙයා කැමැති වුනා.
ඊට පස්සෙ බඩේ අමාරුව අඩුවෙන්න දෙන රෑ බෙහෙත් වේල දුන්නම මෙයා ඒකත් බිවුව. බොනකල් මම ළඟත් හිටිය මොකද ලෙඩ්ඩුන්ට හරියට බෙහෙත් ටික දෙන එක අපේ වගකීමක් නිසා.මිනිහ මගෙ මූන දිහා කීප සැරයක් බලල තමයි බෙහෙත් ටික කටට දාගත්තෙ.මමත් ඉතින් කිවුව "බය වෙන්නෙපා,ඕය බෙහෙත් වලට අඩුවෙලා යයි" කියල.
එදා රෑට කතාව ඔච්චරයි..ආ රෑ එස් අයි මහත්තය හොඳට නිදාගත්තනෙ,ඒක කියන්න අමතක වුනා. ඕන්න උදෙන්ම මෙයා ඇවිත් කියනව..
"මහත්තය,මට මෙඩිකල් එකක් ගන්න ඕන..මාව කිළිනොච්චියට මාරුකරල..!"කියල. ඒ යුද්දෙ දරුණුවටම තිබ්බ කාලෙ.
මම ඇහුව "එතකොට ඔයා බඩේ අමාරුව කිවුවෙ බොරුවටද?"කියල.මනුස්සය "ඕවු" කියපි.......!
මට දෙලෝ රත් වුනා..හොඳවෙලාවට මෙයා බඩේ අමාරුව කියල කිවුවෙ,වැරදිලාවත් පපුවෙ අමාරුව කියල හෙම කීවනම් දෙන බෙහෙත් බීල මේ මනුස්සයට වෙන දරුණු ලෙඩක් හැදෙන්නත් ඉඩ තිබුන.මැරෙන්නත් ඉඩ තිබුන සමහර විට.
එස්.අයි මහත්තය මෙඩිකල් එකත් ඇරගෙන ස්තූති කරල ගියා.හැබැයි පස්සෙ සෑහෙන වෙලාවක් මගෙ නාහෙ දෑව.මොකද මුන්නැහෙ වැසිකිළි යන යන සැරේට මාව මතක් වෙන්න ඇති.ඇයි දෙයියනේ බෙහෙත් දුන්නෙ බඩ වේලන්නනේ..හනේ අපොයි බොරු කියල කොරගත්තු දෙයක්...!

අදහස් 20 ක් තියෙනවා "එස්.අයි මහත්තයා.." ට

මරු සීන් එක.. හයියෝ මේ කතා ටිකනං එළ

bohoma rasawath katha sahitha blog ekak
suba pethum!
digatama liyanna

අනූ යාලුවට,Ramachandra යාලුවට,

බොහෝම ස්තුතියි..ආයෙත් එන්න.

මචන් මටත් ඔෆිස් එකෙන් නිවාඩු ගන්න ඕනා උනහම මෙඩිකල් එකක් ලියලා දෙන්න බැරිද......!! :D

පිස්සු හැදෙනවා. . . . එලම එල . . . මිනිහ ගෙදර ගිහින් ලොකු ගස්ලබු ගෙඩියක් නෙමෙයි ගහක්ම කාල දාන්න ඇති . . .. !

පිස්සු හැදෙනවා. . . . එලම එල . . . මිනිහ ගෙදර ගිහින් ලොකු ගස්ලබු ගෙඩියක් නෙමෙයි ගහක්ම කාල දාන්න ඇති . . .. !

මේ තියෙන්නේ නියම කතා ටිකක්... ඇත්තටම රසවත්.. :)

යුරාජ් මල්ලිට නොකරන උදවුවක් තියනවද? මෙඩිකල් එකකුයි බෙහෙතුයි දෙකම දෙන්නම්කෝ..හික්ස්..!

දුකා යාලුවට,

ඔවු ඊට අමතරව මිනිහ අපේ පවුලේ උදවියත් සිහිකරන්න ඇති...

පිස්සු හැදිල ආයෙ හැදෙනවා :D

සුසිත යාලුවට,

අනිවා..!

hihi maru wadeee !

අපරාදෙ බඩේ ලොකු අමාරුවක් කියල සැත්කමක් කරන්න තියනව කියල ගෙනිහින් සිහිනැති කරල සිහි එනකොට බඩට ලොකු ප්ලාස්ටර් එකක් ගහල තියන්න තිබුනේ දෙලොව රත්වෙන්න.....

සහන් යාලුවට,
හික්ස්..මිනිහ මැරෙයි එහෙනම් බයටම..!

හපොයි මමත් පොඩිම දවස් වල ඉස්කොලෙදි වේලසනින් ගෙදරයන්න ඕනි උනොත් බොරු ලෙඩ ගොඩක් කියල බෙහෙත් සෙට් එකක් ගහල ගෙදර යනව. ගෙදර ගිහල්ල ඔලුව උස්සන්තත් බැරි වෙන දවස් තියනව.

ඉන්දික සහෝදරයට ලොකු අත්දැකීම් ටිකක් තියෙන්නේ .... හිනාත් යනවා කියවනකොට ... අනේ මෙහෙමත් මිනිස්සු !! බැරි වෙලා වලපල්ලට ගියානම් ?

@තරී,
බැරි වෙලා නෙවෙයිනෙ යනවනම් යන්නෙ! බොරු කියලනේ

This comment has been removed by the author.

මූ මාර යකෙක්නෙ බඩයන්න දූන්නනම් යිවරයි යිටපස්සෙ

හොද වැඩේ..ඒ ඉතින් පව් කියලත් හිතෙනව..

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.