දත් කුට්ටම..

{ Wednesday, August 19, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින් www.allina.com/.../page/Video_Laryngoscope
මේ සිද්ධියත් අපි හැමෝටම මතක තියාගත්තට පාඩු වෙන්නෙ නැති එකක්. මේක මගේ ජීවිතෙත් අමතක නොවෙන සිද්ධියක්. ඔන්න අවුරුදු තිහක විතර පිරිමි කෙනෙක් හවස හතරට විතර අපේ වාට්ටුවට ඇඩ්මිට් වුනා. බඩේ දැවිල්ලයි ඉවසන්න බැහැ කියල තමයි වාට්ටුවට ආවෙ. මෙයාට කොහොමටත් ගැස්ට්‍රයිටිස් තියනවලු. අපි ඉක්මනින් ප්‍රතිකාර ටික කළා. ටික වෙලාවකින් බඩ දැවිල්ල අඩුයි කියල මනුස්සයම ඇවිත් කිවුව.
හවස හයට විතර මෙයා ආපහු බඩ දැවිල්ලයි කියල කෑ ගහන්න පටන් ගත්ත. සමහර ලෙඩ්ඩුන්ට පපුවෙ අමාරුත් ඔය විදියට දැනෙන හින්ද, මම කෝකටත් කියල ඊ.සී.ජී එකක් ගන්න ලෑස්තිවුනා. ඊ.සී.ජී. එක දාන අතරෙ මට තේරුණා ලෙඩාට අමාරු වේගෙන එන බව. ඉක්මනට ඩොක්ටර්ට කතාකරල, Emergency Trolly (ඒකෙ තමයි ලෙඩෙකුට අමාරු වුනාම පාවිච්චි කරන බෙහෙත් වර්ග, උපකරන එහෙම දාල තියෙන්නෙ) එකත් ළඟට ගෙන්නව ගත්ත. ඔය තත්පර කීපය ඇතුලත ලෙඩාගෙ හුස්ම ගැනීමයි, හදවතේ ගැස්මයි දෙකම නතර වෙලා.
මම ඉක්මනට ලෙඩාගෙ පපුව මසාජ් කරන්න( Hart masarge ) පටන් ගත්ත.තව නර්ස් කෙනෙක් ඔක්සිජන් එක්ක ලෙඩාට කෘතිම ශ්වසනය දෙන්න පටන් ගත්ත.
මේ වගෙ වෙලාවකදි පුලුවන් ඉක්මනින් ලෙඩාගෙ කටින් බටයක්( Endotrchial Tube\ET Tube ) පෙනහලු ආසන්නයට දාල ඒකෙන් ඔක්සිජන් පෙනහලු වලට දෙන එක තමයි කරන්න තියන හොඳම සහ කල යුතුම දේ වෙන්නෙ. ඉතින් අපි Laryngoscope ( ලෙඩාගෙ උගුර බලාගන්න සහ ටියුබ් එක ඇතුලු කරන්න උගුර පාදාගන්න පාවිච්චි කරන වක්‍රාකාර ලෝහ උපකරණයක්) එක මෙයාගෙ කටට දාල ඊ.ටී ටියුබ් එක දාන්න උත්සාහ කළා.

මෙන්න ඊ.ටී ටියුබ් එක සහ Laryngoscope එක.
පින්තූරෙ මෙතනින් ගත්තෙ www.brandianestesia.it/english/genanesth.html
යාලුවනේ, මෙතන තමයි මගෙ කතාවෙ වැදගත්ම තැන. ටියුබ් එක දාන්න හදනකොට මම දැක්ක පොඩි සුදුපාට මොකක්හරි දෙයක් උගුරෙ පැටලි පැටලි තියනව වගේ. අපි හිතුවෙ ඒ සෙම වෙන්න ඇති කියල. ඒත් ටියුබ් එක තල්ලුකරන කොට ඒක හැප්පෙන ගතියක් දැනෙනව කියපු නිසා, මම අඬුවක් ( Forcep ) දාල ඒක ගන්න උත්සාහ කළා..ගත්ත..කොහොම හරි අමාරුවෙන්. මේ වගෙ වෙලාවකදි ලෙඩාට විනාඩි තුනක් විතර ඇතුලත ටියුබ් එක දාල ඔක්සිජන් දී ගන්න බැරිවුනොත් එයාගෙ මොලේ මැරෙන්න පුලුවන්. එහෙම වුනොත් ඉතින් වැඩක් නෑනෙ. ඒක හින්ද මේ හිරවෙලා තිබ්බ දේ ගන්න ගිය වෙලාවත් ලෙඩාගෙ පැත්තෙන් උපරිමටම වැදගත්.
ආ...ලෙඩාගෙ උගුරෙ හිරවෙලා තිබුනෙ මොකක්ද දන්නවද?..කෘත්‍රිම දත් දෙකක්..! වාසනාවට මේක පෙනෙන දුරින් හිරවෙලා තිබුනෙ. නැත්නම් ලෙඩාට දෙවියන්ගෙම පිහිට තමා. ඉතින් අමාරුවෙන් ටියුබ් එක දාගෙන ඔක්සිජන් දුන්න.
පැය බාගෙක විතර වෙහෙසකර උත්සාහයකින් පස්සෙ මෙයාට සිහිය ආව. (අපේ රැකියාවෙ තෘප්තිය දැනෙන්නෙ ඔන්න ඔය වගෙ මැරිල හිටපු ලෙඩ්ඩුන්ව ගොඩ ගත්තු වෙලාවල තමයි.ඒ අය ගෙ නෑදෑයින් ගෙ දරුවන්ගෙ සතුට දකිනකොට පුදුම සතුටක් අපිටත් දැනෙන්නෙ.)
මෙයාට හදිසි පපුවෙ අමාරුවක් තමයි හැදිල තිබුනෙ.වෙලාව හොඳ හින්ද බේරුණා.
මේ කතාව ඔයාලට කිවුවෙ මෙන්න මේ පුන්චි කාරණේ අවධාරනය කරන්නයි...ඉස්පිරිතාලෙක ඇඩ්මිට් වෙලා ඉන්නකොට කොයිම වෙලාවකවත් බොරු දත් දාගෙන ඉන්න එපා. ඔයාලගෙ වැඩිහිටියන්වත් දැනුවත් කරන්න මේ ගැන. මේක බොහොම පුන්චි දෙයක් වුනාට සමහර විට ජීවිතයෙන් පවා වන්දිගෙවන්න වෙන බරපතල දෙයක් වෙන්නත් බැරි නැහැ නේද?

අදහස් 21 ක් තියෙනවා "දත් කුට්ටම.." ට

ඇත්තටම මේක නං බොහොම වටිනා උපදෙසක්. බොහොම ස්තූතියි..

ඇත්තටම වෛද්‍යවරයෙක් මේ වගේ වෛද්‍ය අත්දැකීම් ලියන එක නම් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි... උපදෙසටත් ස්තූතියි! කාගෙහරි ජීවිතයක් ඔබ නිසා බේරිච්ච එක ගැනත් ගොඩක් සතුටුයි!

අම්මෝ වෙලාව‍ට මගෙ බොරු දත් නෑ :D

ධනික | Dhanika යාලුවට,
මම ඩොක්ට්‍ර් කෙනෙක් නම් නෙවෙයි යාලුවේ..නර්ස් කෙනෙක්..ස්තූතියි

ප්‍රවීන් ඉන්ද්‍රනාම යාලුවට,

ස්තූතියි බොහෝම!

Kanishka යාලුවට,

හහ්..හහ්...එහෙනම් අවුලක් නෑ

වටින කතාවක්. ඔහොම දෙයක් අපේ පැත්තෙත් උනා.

LishWish යාලුවට,

ස්තූතියි බොහෝම!

nama danna lajjai oiiiiiiii (sorry oiiiii kiwwata) mage dath diranawane ay eeeeeee???????? dawasat deparak dathuth madinawa.. ispirithalen pen nawana puluwanda.. dath galawaida
mage nama danna baaaaa mama monaragala malli aurudu 16 ((((samawenna sinhala typin mata baaaaaa} oya mewage thawa web site liyanna ledawal gana.... thankas (kollonta thiyana ledawal danno neeee 'd'd hi ihi byeeee

ko man dapu eaka????????

හොද බ්ලොග් එකක් කියවන්න වටින වැදගත් එකක් දිගටම ලියන්න ස්තුතියි!

ස්තූතියි මේ පැත්තෙ ආවට..දිසා,..!

නම නොදන්න යාලුවට,(මොනරාගල මල්ලී)

ස්තූතියි මේ පැත්තෙ ආවට..ලෙඩ ගැන තව ලියන එක හොඳනම් මම ලියන්නම්..අනිත් අය මොකද කියන්නේ..?

monaragala@@@@@@@@@@@@@@@@@@@@@@@@ anith ayath kamathi wei samahara leda kiyanna bari aya innawa .......

ඒ ayata meka hoda athwalak wei.

ispirithalak wage blog eakak hadanna.
udawwata oyage doctor yaluwoth athine
meka karagena yanna suba pathum siyalu blog karuwangenma

bohoma sthuthi malli..!

නියමයි. තව ලියන්න

Prabath යාලුවේ,
බොහොම ස්තූතියි.

මේ දත් ඇන්ද පරිස්සන් කර ගන්න ඕන දත් දැම්ම තියන චාටර් පෙනවනේ :(

බොහොම ස්තූතියි මේ වගේ දෙවල් වලින් අපිව දැනුවත් කරනවට.

බොහොම වටින උපදෙස්,ස්තූතියි ඔබට!

Aththamai me vade nam niyamai,man harima asi me vage atta kata kiavanna,a vageme me vage deval apita jeevitheta harima vadagath

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.