මරණ සහතිකය.....

{ Friday, April 29, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }


ඔන්න මේක තමයි කිරිබණ්ඩ ගෙ කතාවෙ අතුරු කතාව. මුල කතාව බැලුවෙ නැති අය ඉන්නව නම් Turning Point කියන කතාව මුලින්ම බලල එන්නකෝ...

ඉතින්, පිහියෙන් ඇනල තුවාල වෙලා ගෙනාපු කිරිබණ්ඩව අපිට බේරා ගන්න බැරි වුනානේ.ඉතින් මේ මිනිය වාට්ටුවෙ පැය දෙකක් තියාගෙන තමයි මෝචරියට යවන්නෙ. ඒක නිසා ගෙදරින් ආපු කට්ටියට පැහැදිළි කරල දීල අවසන් කටයුතු වලට සූදානම් වෙන්න කියල ගෙදර යැවුව. මොකද මරණ පරීක්ෂනෙ ඉවර වෙලා මේක ගන්න කොට ඊළඟ දවසෙ දවල් වෙනව.
පැය දෙකකට පස්සෙ මිනිය සෝදවල, අත් එකට තියෙල අර මිනී හදල තියෙන ක්‍රමේට හදවන්න ඕනෙ. කනිෂ්ඨ සේවක මහත්තය ඔයටික කරන අතරෙ, මම " මළ හැඳුනුම් පත්" ලිවුව.
හැබෑට මොනවද ඔය මළ හැඳුනුම් පත්..? මළ හැඳුනුම් පත් කියන්නෙ ලෙඩාගෙ විස්තර අඩංගුකරල රතු පාටින් ලියන කොළකෑළි වලට. මේව තුනක් ලියනව.....එකක් මිනියෙ පපුවෙ අලවනව ඇඳුම් වලට උඩින්. අනික මිනියෙ කකුල් වල මහපට ඇඟිල්ලක ගැටගහනව. ඉතිරි එක මිනිය බාරගන්නෙ ඕවර්සියර් නේ..එයාගෙ අතට දෙනව.
ඕවල ප්‍රයෝජනේ තමයි මිනියක් මෝචරියට දැම්මම වෙන්කරල හඳුනගන්න එක.
මෝචරියෙ තියෙන්නෙ ශීතකරන..ඒවා නිකන් මේස ලාච්චු වගේ Stainless Steel වලින් හදල තියෙන්නෙ. මේව ඇතුලට මිනිය දැම්මම පොඩ්ඩක් ඇදල බලල හොයාගන්න තමයි දෙකොනෙම හැඳුනුම් පත් ගැටගහන්නෙ.
නම- කිරිබණ්ඩා
වයස- 72
BHT- ......
.................
ඔන්න, පහුවදා ..................ආ හැමෝම දන්නව නේද අපිට අන්තිමට ගන්න තියෙන සහතිකේ..
ඔවු ඔවු..මරණ සහතිකේ තමයි. අන්න ඒක ලියන වෙලාව ආව.
"ලෙඩාගෙ සම්පූරණ නම?"
"බණ්ඩාර හේවගේ සිරිල් බණ්ඩාර"
"එතකොට මේ කිරිබණ්ඩ කියන්නෙ කවුද?"
"ආ ඒ එයාට ගෙදරට කියන නම! "
දැන් මොකද කරන්නෙ. BHT එකේ නැති නමකට මරණ සහතික ලියන්නෙ කොහොමද?
මෙතෙන්දි කිරිබණ්ඩගෙ නෑදෑයින්ට හරිම අපහසුතාවයකට තමයි මුහුනදෙන්න වුනේ..කොහොම කොහොම හරි මරණ සහතිකේ නම් ලැබුන..හැබැයි පැයගානක් ප්‍රමාද වෙලා!

මේකෙන් අපිට ගන්න තියෙන්නෙ මේකයි යාලුවනේ..ඔයාල රෝහලකට ඇතිලුවෙනකොට හරි ,තව කෙනෙක් ඇතුල් කරනකොට හරි, නියම නම වයස සහ ලිපිනය දෙන්න.
දැන් ඔයාල අහයි..ඇයි අපිටත් මරණ සහතික දෙන්නද? කියල......
නෑ නෑ...අපෝ නෑ..
මේ මම කිවුවෙ මගෙ අත්දැකීමක් විතරයි...
ඇයි වෛද්‍ය සහතික (Medical certificate) ගනිද්දි,
රක්ෂණ සහතික පුරවද්දි..
ඔයවගේ නීතිමය කටයුතු වලට තමුන්ගෙ නිවැරදි නම දීල නොතිබුනොත් කරදර වේවි.
ඇයි ඒ විතරක්ද?...බෙහෙත් දෙන්න බෙහෙත් විදින්න ගියාමත් තමුන්ටම තමන්ගෙ නම පැටලෙන්නත් බැරි නෑ....
සෑහෙන්න අමාරුවෙන් වාට්ටුවක නැවතිල ඉඳල , ටිකට් කැපුවට පස්සෙත් තව පැයගානක් ලගින්න කැමතිවෙන්නෙ කවුද? එහෙම නේද? මැරිච්ච කෙනෙක් වත් කැමති වෙන එකක් නෑ මම හිතන්නෙ.!!

අදහස් 10 ක් තියෙනවා "මරණ සහතිකය....." ට

ඉතාම වැදගත් තොරතුරක්. වැරදීමකින් වත් භාර දුන් රොගියෙකුට පියවි සිහිය නැති අවස්ථාවක භාරදුන් කෙනා වැරදි නමක් දී ඇතිනම් ඔහුට එය අවබෝධවූ වහාම නිවැරදි කරගන්න පුළුවන්ද? එහෙම කරන්නේ කෙස්ද කියල කියන්න පුළුවන්නම් තවත් වැදගත් වෙයි.

@ priyantha,
පුලුවන් පුලුවන්, වාට්ටුව භාර වෛද්‍යවරයා හරහා Admission Officer වෙත දැනුම් දීල මේක කළහැකි!

කෙනෙක් ඉස්පිරිතාලෙදි මැරුනම අනිවාර්යෙන්ම මරණ පරීශණයක් තියනවද?

@ නදී,
නැහැ නංගා
1.මරණයට හේතුව (Cause of death) නොදන්න වෙලාවකදි
2.රෝහලට හෙනවිත් පැය 24කට නොඅඩු විටදි
3.සැක සහිත යැයි ප්‍රකාශිත මරණයකදී
ආදී අවස්ථාවල තමයි කරන්නෙ.

නිවාඩු අරගෙන දුර රටකට ඇවිත් ඉන්න මට ආයේ මගේ සේවාස්ථානයට ගියා සේ දැනෙනවා. හොඳ ලිපියක් . සයිබර් අවකාශයේ සැරිසරන ගමන් එකේ වාට්ටුවට ගොඩවී යන එකත් හොඳයි. අපි කවුරුත් ලෙඩ වෙන මැරෙන මනුස්ස පරණ නොවැ.

මං මේ ආවමයි නෙව මේ වාට්‍ටුව පැත්තෙ. ලෙඩක් දුකක් නැතත් ඔන්න ඔහේ මාත් මේකෙ පදිංචි උනා.

@nawammawatha, මේපැත්තෙ ආවොත් ලෙඩත් නෑ ලෙඩ වැටෙන්නෙත් නෑ!!

ස්පිරිතාලේට ගියා වගේ යාලුව බ්ලොග් එකට අවාම එන හැගිම හිහ්

@ Dedunu,
ඇයි එච්චරටම බෝරිංද?..:(

අපි ජීවිතේ පටන් ගත්තෙත් ඉස්පිරිතාලෙකින් නිසා.....
හුරුපුරුදු තැන නොවැ.....නිතර ගොඩවෙන්න.
ජනක

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.