සැඟවුන මාරයා..

{ Saturday, August 29, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }

පින්තූරෙ ගත්තෙ මෙතනින්
http://blogs.dogster.com/vet_blog_information_advice/files/2009/01/rabies_patient.jpg
මේ සිද්දිය මට කිවුවෙ මගෙ හිතවත් වෛද්‍යවරියක්. මේකත් මහරෝහලක වෛද්‍ය වාට්ටුවෙ වෙච්චි සිදුවීමක්, දැනට අවුරුදු දහයකට විතර ඉස්සර.
මේ කතාව කියපු ඩොක්ටර් ඒ කාලෙ ඔය වාට්ටුවෙ කනිෂ්ට වෛද්‍යවරියක්ලු. ඔන්න දවසක් අවුරුදු විස්සක් විතර වුන තරුණ පිරිමි ළමයෙක් යටිබඩ කොරවෙලා කියල ඔය වාට්ටුවට ඇතුල් කරල තියනව. ඉතින් මෙයාව බලල, මූත්‍රා අමාරුවක් කියල හිතල, ඒකට කරන්න තියන පරීක්ෂණ හෙම කළාලු. බෙහෙත් වර්ග කීපයකුත් පටන් ගත්තලු. පස්සෙ පරීක්ෂණ වාර්තා බැලුවම ඒවයෙ මුකුත් වෙනසක් තිබුනෙ නැතිලු.
ඉතින් මේ වාගෙ වෙලාවල් වලට කරන්නෙ රෝගියාගෙ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන එක තමයි. කොහොම වුනත් ඊළඟ දවසෙත් මෙයාගෙ යටිබඩ කොරවීම අඩුවෙලා නෑ.
පස්සෙ ඩොක්ටර් මෙයාගැන විශේෂ වෛද්‍යවරයාට කියල එයාගෙන් උපදෙස් අරන් තියනව. එයාත් ලෙඩා බලල බෙහෙත් වර්ග කීපයක් අලුතෙන් එකතුකලාලු. නමුත් මේ කිසිම බෙහෙතකට ලෙඩාගෙ අමාරුව අඩුවෙච්චි පාටක් නම් පෙනුනෙ නැහැලු.
මෙයාට තිබ්බ එකම අමාරුව මේ බඩේ කොරය විතරලු. කිසිම උණක්, ඇඟපත අමාරුවක් වත් තිබුනෙ නැහැලු.
හතර වෙනි දවස වෙද්දි ලෙඩාගෙ අමාරුව හොඳටම වැඩිවෙලා..ඩොක්ටර් ලෙඩ්ඩු බලන මේසෙ ළඟට මෙයා ඇවිත් " අනේ මගෙ බඩ කොරවෙලා " කියල කෑගහල, හරිම නොසන්සුන් විදියට වාට්ටුවෙ දුවන්න පටන් ගත්තලු. ඉතින් මෙවේලෙත් විශේෂ වෛද්‍යවරයා ලෙඩාව බැලුවලු. අන්තිමට කිසිම දෙයක් හොයාගන්න බැරිවෙච්චි හින්ද ස්කෑන් පරීක්ෂනයක් කළාලු. ඒත් මොන ලෙඩක් වත්, ලෙඩක හෝඩුවාවක් වත් හොයාගන්න බැරි වෙලා. අන්තිමට ඩොක්ටර්ස්ල කතාවෙලා තීරණය කළාලු මෙයා මානසික වෛද්‍යවරයෙකුට පෙන්නමු කියල. ඊළඟ දවසෙ උදේට ඒක කරන්නලු හිතන් හිටියෙ.
කොහොම හරි එදා දවසෙ රෑ Oncall Room එකේ ඉන්නැද්දි ඩොක්ටර්ට වාට්ටුවෙන් කෝල් එකක් ආවලු ඉක්මනට එන්න කියල.මෙයා වාට්ටුවට යනකොට අර ලෙඩා කටින් සෙම දාගෙන , උගුරෙන් සද්ද කර කර , සිහි නැතිව හිටියලු. විනාඩි ගනනකින් අසරණ ළමයගෙ පණ ගියාලු. මේ දේ වෙලා තියෙන්නෙත් එක පාරටමලු. ලෙඩා බාත්රූම් ගිහින් ඇඳට ආව විතරයි කියල ළඟ හිටපු ලෙඩ්ඩු කීවලු.
මේ අවාසනාවන්ත සිදුවීමෙ හේතුව හොයන්න මෙයාට පශ්චාත් මරණ පරීක්ෂණයක් තියන්න තීරණය වුනාලු. ඒකෙදි මිනිය කපල බලල, ලබාගත්තු කොටස් වැඩිදුර පරීක්ෂණ වලට යවනව. අන්තිමට හොයාගත්තු විදියට තිබිල තියෙන්නෙ මොකක්ද දන්නවද? ජලභීතිකාව ! ඒ කිවුවෙ පිස්සු බලු රෝගෙ.
ඊට පස්සෙ මෙයාගෙ නෑදෑයින්ගෙන් අහල තිබුන බල්ලෙක් හෙම හැපුව කියල මේ ලෙඩා කිවුවද කියල. මේ මිනිස්සු කිවුවලු මාස අට නවයකට කළින් එහෙම කතාවක් කිවුව වගේ යන්තමට මතකයි කියල. ඒකට බෙහෙත් විදින්න තියා ඒක ගැන හිතලවත් තිබිල නැහැලු.
ඉස්පිරිතාලෙට ඇතුල් වෙද්දි බල්ලෙක් කාපු බව මේ ළමයට මතකවත් තියෙන්න නැතුව ඇති.මැරෙන වෙලාවෙ වෙද්දි කිසිම බාහිර තුවාලයක් ඇඟේ තිබුනෙත් නැහැලු.
වාට්ටුවෙ අයත් කොටින්ම විශේෂ වෛද්‍යවරය පවා මේ ළමයට ජලභීතිකාව ඇතිකියල හිතලවත් නෑ. මොකද එහෙම රෝග ලක්ෂණයක් වත්, ඉතිහාසයක් වත් මෙයාගෙන් නොපෙනිච්ච හින්ද.
මේවගෙ සමහර ලෙඩ්ඩුන්ට රෝග ලක්ෂණ එළියට පෙන්නන්නෙ නැතිව (Asymptomatic) බොහොම දරුණු රෝග පවා හැදෙනව. සාමාන්‍යයෙන් පිස්සු බල්ලෙක් කාල ඔච්චර කාලයක් යන්නෙ නෑ මනුස්සයෙකුට ලෙඩේ හැදෙන්න. ඒත් ඉතින් අවාසනාව මේ ලෙඩාට උපරිම විදියට බලපාල තිබිල කියලයි මටනම් හිතෙන්නෙ.
ඉතින් මේ මරණෙ කාගෙ වරදින් වුනාද කියල කියන්න නම් මට දැනෙන්නෙ නෑ. නමුත් සෞඛ්‍ය සේවකයෙක් විදිහට මේ අත්දැකීම තවත් ජීවිතයක් බේර ගන්නට, මටනම් හරිම වැදගත්.
මේ කතාවෙන් මම ඔයාලට කියන්නෙ මෙන්න මේ ටික : බල්ලෙක්, පූසෙක්, ලේනෙක් මීයෙක් වගේ මොන ක්ෂීරපායී සතෙක් හරි හැපුවොත්, සීරුවොත්, තුවාල වෙච්චි හීරිච්චි තැනක් ලෙව කෑවොත් හරි ඉක්මනට රෝහලකට ගිහින් වෛද්‍යවරයෙකුට පෙන්නගන්න. බෙහෙත් විදින්න ඕනෙද නැද්ද කියන තීරනය වෛද්‍යවරයට ගන්න ඉඩ දෙන්න. ඒ අපේ වටිනා ජීවිතය වෙනුවෙන්.....!

අදහස් 19 ක් තියෙනවා "සැඟවුන මාරයා.." ට

මේ අයියේ පිස්සු බල්ලො අදුන ගන්නෙ කොහොමද?


ඔයාගේ blog 1ka ගොඩක් අර්ථවත්

ushan මල්ලී,

පිස්සු හැදුනම සත්තු ඒ ගොල්ලන්ගෙ හැසිරීම් දෙවිදියකට වෙනස් කරනව. සමහර සත්තු දරුණු වෙනව, කටින් කෙළ පෙරණව, පැන පැන හපා කනව.
තවත් සත්තු ඔහේ නිසොල්මනේ ඉන්නව.(ගොලු පිස්සුව)
ගෙදරක ඇතිකරන සතෙකුට හැදුනොත් නම් මේ වෙනස්කම් අපිට පේනවනේ..ඒත් දඩාවතේ යන සතුන්ට හැදිලද නැද්ද කියලනම් අපිට බැලූ බැල්මට කියන්න අමාරුයි.

බුදු අම්මෝ...... බයේ බෑ......!!

මචන් ගෙදර බෙහෙත් විදලා ඉන්න බල්ලම, යන්තමට වගේ හැපුවොත් එහෙම......?? :(

රසවත් වගේම හොද දෑනුවත් කිරීමක්.

මේ බ්ලොග් ගොඩක් ප‍්රයෝජනවත්,ඔබේ වටිනා අත්දැකීම් නිසා සින්ඩියට අමුතු දෙයක් එකතු ක‍රන බ්ලොග් අඩවියක් බවට පත්වෙලා තියෙනව එකේ වාට්ටුව..

සති දෙකෙන් රෝග ලක්ෂන පෙන්නුම් කරන රෝගයක් මාස 8ක් තිස්සෙ හැන්ගිලා තිබුන එක නම් පුදුමයි තමයි..

ගොඩක් වැදගත් ලිපියක්. සුභ පැතුම්.

මේ බව මම මුලුන් දැන ගත්තේ House MD එකෙන්. ඔබෙන් එය තහවුරු වුණා.
බොහොම ස්තුතියි.

යුරාජ් මල්ලී..,

දැනට තියන schedule එකට අනුව නම්, තමන්ගෙ ගෙදර බල්ල හැපුවොත් ඒක පුන්චි තුවාලයක් නම්,දවස් විස්සක් බල්ලව බැඳල දාල ඌව නිරීක්ෂනය කරන්න කියල තමයි කියන්නෙ. මේ කාලය ඇතුලත බල්ල මැරුනොත්, ඉක්මනින්ම බෙහෙත් විදිනව.(නමුත් කාපු තුවාලයෙ ලොකු කම සහ කාපු තැන අනුව වෛද්‍යවරය තීරණය කරනව බේත් විදිනවද කියල.උදාහරනයක් විදියට ඇඟිලි තුඩු වල, බෙල්ලෙ සහ බෙල්ලෙන් ඉහල, ලින්ගික අවයව වල වගෙ කාල තිබ්බොත් තුවාල පුන්චි වුනත් major bite ගනයට තමයි වැටෙන්නෙ.)

ස්තුතියි නුවන් යාලුවේ

පොතේ ගුරා යාලුවට,

සමහර වෙලාවල් වල එහෙම දේවල් වෙනව. ඕවගෙ තවත් සිද්දියක් මට මතක තියනව පිටගැස්ම ලෙඩෙකුගෙ. බොහොම ස්තුතියි යාලුවෙ.

චරිත සහ බින්කු යාලුවන්ටත් බොහොම ස්තුතියි !

නියම ලිපි නියම බ්ලොග් එකක්
මමනම් ගෙදර සත්තු හදන්නේ නැ එත් පරිස්සම් වෙන එක හොදයි

දිසා යාලුවට,
පරිස්සම් වෙන එක තමයිකරන්න තියෙන්නෙ.බොහොම ස්තුතියි කමෙන්ට්ස් වලට !

වැදගත් ලිපියක්. ස්තුතිය් දැනුවත් කිරීම ගැනත්.

tilantha යාලුවට ස්තුතියි,

අලුත් දෙයක් ඉගෙනගත්තා.

අනූ යාලුවට,
එහෙන්ම් මට සතුටුයි. මගෙ අරමුණත් ඒකයි

මාවත් බල්ලෙක් කෑවා පොඩි කාලෙ
හැබැයි ඊට ටික දවසකට පස්සෙ බල්ල පරලොව ගියා
මට කාපු දවසට පහුවෙනිදා බෙහෙත් විද්දා...
ඊට පස්සෙ හැමොම කිවුවෙ මගෙ විස නිසා බල්ලා මලා කියල :(

මේ ලඟදි දවසක ලෝයර් කෙනෙක් මැරිල තියනව ජලභීතිකාවෙන්.
ගෙදර සුරතලේට ඇති කරන බල්ල තමයි කාල තියෙන්නේ.
එයා ඒක ගණන් අරගෙන නෑ ගෙදර හදන සතා නිසා.
දවස් 2න් එයා මැරුණාලු.

බල්ලට බෙහෙත් විදල නම් ප්‍රශ්නයක් නෑ කියන්නේ ඇත්තද?

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.