මිනී මැරුම...

{ Monday, September 07, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }



පින්තූරෙ ගත්තෙ මෙතනින් http://vitaro.files.wordpress.com/2009/01/embryo.jpg
අද මම කියන්න යන්නෙ මගෙ යෙහෙළියකගෙන් අහන්න ලැබුන කතාවක්. බොහොම සංවේදී සිද්දියක්.ඔය කිවුව නර්ස් වැඩ කරන්නෙ මහ රෝහලක. කාන්තාරෝග සම්බන්ධ වාට්ටුවක.
ඔන්න එක දවසක් අවුරුදු විස්සක විසි දෙකක විතර තරුණ ගැහැණු ළමයෙක් වාට්ටුවට ඇඩ්මිට් වෙන්න ඇවිත්, එයාගෙ අම්මත් එක්ක තමා ඇවිත් තියෙන්නෙ. මෙයාල එනකොට අර කිවුව යාලුව තමයි වාට්ටුවෙ ඉඳල තියෙන්නෙ. ඉතින් සුපුරුදු විදියටම ටිකට් එක හෙම ඇරන්, මේ ළමයගෙන් ඇහුවලු අමාරුව මොකක්ද කියල. ඊට පස්සෙ මෙන්න මෙයා ලැජ්ජාවෙන් ඇඹරෙන්න පටන් ගත්තලු. එයාගෙ අම්ම කියනවලු, අනේ මිසී, දුව හරිම ලැජ්ජයි. ගෙදරමනෙ ඉන්නෙ කියල.
කොහොම හරි වදෙන් පොරෙන් ඇහුවම අම්ම කියල තියනව
" පිටිපස්සෙන් ලේ යනව මිසී " කියල.
දුව දැන් බැඳලද කියල ඇහුවම
" අපෝ නෑ මිසී, මෙයා ඒ ගැන කතාකරනවටවත් කැමති නෑ. තව ටිකක් අම්ම ගාව ඉන්න ඕනෙ කියනවනෙ" කියල අම්මකිවුවලු
හ්ම්...දැන් දවස් හතරක විතර ඉඳන් ලේ යනවලු. ඉතින් ඉක්මනින් ලෙඩාව වාට්ටුවට ඇතුල් කරගෙන ඩොක්ටට කතාකරල පෙන්නුවලු. මෙයාව පෙන්නන්නත් සෑහෙන මහන්සියක් ගන්න වුනාලු, ඇයි ඉතින් ලැජ්ජ බයට හැදිච්ච ළමයනෙ, අම්ම කියන විදියට.
පිටිපස්සෙන් කියල මෙයාල කිවුවට ලේ යන්නෙ යෝනි මාර්ගයෙන් කියල පරීක්ෂාකලාම දැනගත්තලු. ගෑණු ළමයගෙන් ඇහුවම මාස් ශුද්ධිය හැදුනද කියල තාම නෑ කියල කිවුවලු. ඉතින් දොස්තරල නිගමනය කළාලු සමහර අයගෙ ඔසප් වීමත් එක්ක ලේ යෑම වැඩිපුර තියෙන්න පුලුවන්. ඒක වෙන්න ඇති මේ ළමයටත් තියෙන්නෙ කියල. කෝකටත් ලේ යාම නවතිනකල් වාට්ටුවෙ තියාගන්න එක තමා තීරණය වෙලා තියෙන්නෙ. ඒ අතරෙ අවශ්‍ය බේත් හේත් එහෙම දීල තියෙනව.
ඔය විදියට පැය කීපයක් ම ගතවෙලා..ඒත් අර ලෙඩාගෙ ලෙඩේ නම් අඩුවෙච්චි පාටක් නෑලු. තාම ලේ යෑම තියනවලු. ඔය අතරෙ රුධිර හිමොග්ලොබින් (Hb%) පරීක්ෂනයෙනුත් ඇඟේ "ලේ අඩුකම" තියනව කියල පෙනිල තියනව. ඇයි දැන් දවස් ගානක් තිස්සෙම ලේ යනවනෙව.
මේ වාගෙ වෙලාවට වෛද්‍යවරු යෝනිමාර්ග පරීක්ෂාවක්(Vaginal Examin/ V.E.) කරල ඒකෙනුත් රෝගය ගැන යම් හෝඩුවාවක් ගන්නව. ඒත් ඉතින් කියන විදියට මේ ළමය බැඳපු කෙනෙක් නෙවේනෙ. ඒක නිසා මේ පරීක්ෂණය කරන්න බැහැ.
ඒ වුනත් මෙයාගෙ මුත්‍රා පරීක්ෂණයක් කළාම(Urine H.C.G. test) මෙයාට දරුවෙක් ලැබෙන්න ඉන්න බව නම් පෙනුනලු. මෙයාවත් අම්මවත් මේ කතාව කොහොමවත් පිළිගත්තෙ නැතිලු. අම්ම ස්ටාෆ් එකට බැන්නත් එක්කලු එයාගෙ අහිංසක දුවට කැත කතා කියනව කියල.
කොහොම හරි අන්තිමට විශේෂ වෛද්‍යවරයගෙ තීරණය වෙලා තියෙන්නෙ ස්කෑන් පරීක්ෂණයක්( U.S.S / Ultrasound Scan ) කරන්න. මේකෙදි ඇඟ ඇතුලෙ තියන අවයව පිටතින් බලාගන්න පුලුවන් නිසා.
ඔන්න ඉතින් ස්කෑන් එකේදි මෙයාගෙ ගර්භාෂය ඇතුලෙ අමුතු දෙයක් පේනවලු... ඒ මොකක් කියලද හිතන්නෙ........දරුවෙක් ඉඳල නැතිකරගෙන!, ඒ කියන්නෙ මෙයා ගබ්සාවක් කරගෙන කියල පැහැදිළිව පෙනුනලු
වෛද්‍යවරු ඉක්මනින් ඔපරේෂන් එකක් කරල ලේ යන එක නැවැත්තුවලු. නැත්නම් මෙයාගෙ ජීවිතේ නැතිවෙන්න පවා ඉඩ තිබුනලු.
ඕන්න ලැජ්ජ බයට හැදිච්චි ගෑනු දරුවගෙ වැඩකිඩ. ඉතින් මේ වැඩකිඩ වල සියලු සාක්ෂිත් එක්ක විස්තරේ ගෑනුළමයගෙන් ඇහුවලු එයාගෙ අම්මත් ඉස්සරහපිටදිම. මෙන්න ඇඹරි ඇඹරි හිටපු "අහිංසක" ළමය සේරම විස්තරේ වැමෑරුවලු. එයාගෙ ප්‍රේම වන්තය ළඟ ගෙදරක බැඳපු මනුස්සයෙක් ලු. ඒ මනුස්සය නිසා තමයි මේ ළමයගෙ බඩට දරුවෙක් ඇවිත් තියෙන්නෙ. මේක වුනාට පස්සෙ මේ ජෝඩුවගෙ ඒකමතික තීරණය වෙලා තියෙන්නෙ දරුව නැතිකරල දාන එකලු. මේ විස්තර කියනකොට අර අහිංසක අම්ම කලන්තෙ දැම්මලු. ඉතින් නගරෙ තියන හොර ගබ්සා මධ්‍යස්තානෙන් වැඩේ කොරගෙන තියෙන්නෙ. ඒකෙන් කීවලු ඉස්පිරිතාලෙ හෙම යන්න එපා කියල. ඒත් ලේ නැවතිච්චි නැති නිසාලු ඇඩ්මිට් වුනේ..අම්මටත් බොරු කියල.
කොහොම හරි පූරුවෙ වාසනාවක් හින්ද මේ ගෑණි බේරුණා..නැත්නම් ලේගිහිල්ල හරි වෙන ආසාදනයක් ඇවිත් හරි මේ මනුස්සය මැරිල යනව.
ඒත් කිරිකැටි දරුවෙක් කුසේදිම මරල දාපු පාපය නම් ආත්ම ගනනක් තිස්සෙ විඳින්න සිද්ධවේවි. මේ ආත්මෙදි ආපහු දරුවෙක් ලැබෙන එකකුත් නෑ..මොකද ගබ්සාවෙදි ගර්භාෂයටත් හානිවෙලා තිබුන නිසා.
ඔන්න ඔතනින් මම මගෙ කතාව ඉවර කරනව.මේ කතාවෙ හිතන්න තියෙන දේවල් ඔයාලටම හිතන්න ඉතුරු කරල.

අදහස් 35 ක් තියෙනවා "මිනී මැරුම..." ට

නොදකින් මෙහෙම උන්

කියල වැඩක් නෑ මල්ලී

පව් අහිංසක පොඩි පැටව්...... :( ලමයි හදන්න බැරි නම්, මොන මගුලකට ඕවා කරනවද.....??

සමහරු කියනවා ගබ්සාව පිලිබ්‍ද තීරණ ගැණීමට කාන්තාවට නීතියෙන් ඉඩ ලබා දෙන්නලු! කොහොමට හිටී ද?

මම ලිපි ටික ‍කි‍යෙව්වා...
ඇත්තටම හොදයි. තව ලියන්න...

ඒක තමයි යූරාජ් මල්ලි..

නම නොදන්නා යාලුවට,

මේ වගෙ අයට නම් එහෙම දුන්නොත් හොඳට හිටීවි..!

මංගල යාලුවට බොහොම ස්තුතියි!

පව් අහිංසක දරුපැටියා.., වෙන කවුරුත් කල වරදකට.., මේ අහිංසකයා වන්දි ගෙව්වා....!
ඇත්තට ම දුකයි ඉන්දික. .

මෙහෙම දේවල් කොච්චර වෙනවද ලිෂ් ! හරිම දුකයි..!

සමාජයේ සිදුවෙන මෙවන් සිදුවිම් පිලිබදව දැනුවත් කිරිම වටිනා සේවයකි. ඒතුලින් තව එකෙකු හෝ විනාශවිම වැලක්විය හැකි වනු ඇත.

දිලාන් යාලුවට,

බොහොම ස්තුතියි

මමත් වෛද්‍ය ‍ක්ෂේත්‍රයේ ඉන්න නිසා ඔය වාගේ සිද්ධි හුගක් අත් දැකලා තියෙනවා. සමහරුන්ගේ තත්වයන් හිතන්න තරම් බරපතලයි. මේවා ලියන එක නම් හොද වැඩක්.

නම නොදන්නා යාලුවට,
ඔබටත් බොහොම ස්තුතියි

හරිම සංවේදී.දෙමව්පියො අනිවාර්යයෙන්ම දරුවො ගැන හොඳින් හොයල බලන්න ඕනි. කරන්නෙ මොනවද,යන්නෙ කොහෙද කියල.නිදහසට වැට බැඳිල්ලක් නොවෙයි. අර අම්ම තමන්ගෙ දුව ගැන ටිකක් හොයල බැලුවනම් ඔය සම්බන්ධය දුර දිග යන්නැතිව නවත්තගන්න තිබුණා.

අමිල යාලුවගෙ කතාව ඇත්ත. 100% මාත් එකඟයි~

machanla meka lankawe cuture and education wala waradda. 22 years kiyanne lamayek nemei she is an adult and all adults are free to have sex with whomever they want and whenever they want provided the other party is not a child. They should have used some sort of birth control thats the problem here.

Mamath kiyanne meka meyalage danume prashnayak bawai. Owa karanakota passe wena dewaluth dannawa athine. Itin ai mokak hari kramayak paawichchi nokaranne?

Anika Gabsaawa gena kanthawanta aithiyak thiyenawa. Mokada taaththala nathiwa lamai hadunama e bara dannenne eyalata witharak newei. E daruwatath jeewath wena thuraawatama eka eka katha ahaganna wenawa. E nisa gabsawa gana gahaniyata aithiya thiyenna ona. Namuth gabsawa kiyanne jeevitheta pawa hani wenna puluwan deyak. E nisa gabsawa newei watinne.

sex karannath ona lamai hadennath bari nam itin thawa visadum ona tharam thiyenawa.

සුමුදු යාලුවට,

ඔවු..ගබ්සාව ගැන විවිධ මත තියනව. ඒවයෙ හොඳ වගේම නරක පැතිත් තියනව.
මෙයාලට පවුල් සැලසුම් උපක්‍රමයක් පාවෙච්චිකරන්න තිබුන තමයි. ඒත් කවුද දන්නෙ ඒ ක කරද්දිත් මේක වුනාද කියල. මොකද 100% ක් ෂුවර් ක්‍රමයක් නෑ. කොන්ඩම වුනත් 98% යි.(එක ක්‍රමයක් නම් තියනව සම්පූරණයෙන්ම වැළකී සිටීම/Total abstinence . ඒක ඉතින් විසඳුමක් යැ.
අදහසට ස්තූතියි...

නම නොදන්නා යාලුවටත් ස්තූතියි අදහස් කිවුවට..!

ඇත්තටම ගොඩ්ක් දුක හිතෙනවා. පව් ඒ අසරණ ජීවිතේ. අනුන්ගෙ වැරදි නිසා මේ ලෝකෙ එලියවත් දකින්න ලැබුනෙ නෑ. එක අතකට පිරිමිත් මේවට වග කියන්න ඕන. ගැහැනුන්ට ගරු කරන්න එයාල ගැන සානුකම්පිතව හිතනවනම් මේ වගේ දේවල් වෙන එක අඩු කරගන්න පුලුවන් වෙයි කියලයි මට හිතෙන්නෙ.

machanla meka lankawe cuture and education wala waradda. 22 years kiyanne lamayek nemei she is an adult and all adults are free to have sex with whomever they want and whenever they want provided the other party is not a child. They should have used some sort of birth control thats the problem here.

me tika kiyapu nama nodanna yaluwata. oya kiyana krame hodai americawa wage ratakata. meka culture eke waradda nemei ( sinhala culture ) ea cultrue ekath songs wage remix karanna giya nisaa thamai meawa sidda unea. oyata achchi kenek innawanam eyagen tikak ahala athithe gana dana ganna.

oya mehema kiwwata oya kamathida idul wechcha ganiyekuta ( pirimiyek kiyala hitalai ehema kiwwe ) etanai apita waraduna tana. jeewithe sellamak nemei. godak gaburin hitanna ona deyak. ada kala beela anik ewa karala satutu wena eka nemei jiiwithe kiyanne

@ Sumudu. oya hitanawada gabsawa kiyanne hari dheyak kiyala. nethiyen sammatha karaganna puluwan wei. eth ea pawa. mama hitanawa oya buddagame kiyala. tikak bana daham ahanna. ewa ahanna ona me kaleta. wayasata giyama nemei. ganu pirimi degolloma dana ganna ona waradi nokara inna. mewata ape rate madya wadiyen waga kiyanna ona. minissunge ragaya awssanawata. taman kara gaththa dewal tamanta widawanna wenawa kiyana aththa me aya dhanne ne

සුදු මහත්තයට ස්තුතියි ගොඩක් වැදගත් අදහස් ටිකට.ඇත්තටම පුද්ගලිකවම මම ඔයා එක්ක 100% එකඟයි. ඒ මගෙ පුද්ගලික මතය. ඒත් මේක ගැන විද්වත් මට්ටමේ සාකච්චාවක් ඇතිවෙනවනම් හොඳයි නේද?. මම හිතනව එතකොට අපේ මතය තවත් තහවුරු වෙයි කියල.

කොහොමද ඉතින් අපි ඒ විද්වත් මට්ටමේ සාකච්චාව ආරම්භ කරන්නෙ. හැබැයි ඉතින් නන්නත්තාර වෙන්න මඩ කන්න බලාගෙන ඔය වැඩේ පටන් ගන්න ඕන. මොකද අපේ මිනිස්සු ඇත්තට මූණ දෙන්න බයයිනෙ

ඒක ඇත්ත මචෝ..අපි ඉතිං විද්වත්තු නෙවේ නේ..!

parants should be care about their children more than this.

Yes bro!

machang gabsawa gena loku pasnayak anne ape cultural aka nisa mokada single parentsla diha ape wage rataka balanna wapara ahin wishwsayenma gahunu kattiya diha

Ape akalpamaya wenasak akka me pasneta wisadumak denna puluwan namuth a akalpamaya wenasa athi karana aka lesei deyak neme mokda ape rate minisun jiwath wenne 18 weni sahta warsayai 21 weni sathwarshayai kalawam una ugayak

oke ithin pathi dekak thiyenawa. man nam hithanne oka LEGAL karanna oni fo special cases walata. like RAPE etc.

ගෙදරම හෑදුනු ලමයගෙ වෑඩ කොහොමද?දිගටම ලියන්න.

මේව අහනකොට මුලු ඇඟම සීතල වෙලා යනවා.
මේක උනේ ළඟ ගෙදරක බැඳපු මනුස්සයෙක් පෙම්වතා කරගත්ත නිසානේ.
බැඳපු එවුන් වෙන අයගෙන් හොයන්නේ ආදරේ නෙවේනේ
මට නම් ඒ මෝඩ ගෑණු ලමයා ගැනයි,අර අහිංසක අම්මා ගැනයි,නූපන් බබා ගැනයි හරිම දුකයි.
අර කාලකණ්ණියා ඒ පවුලම විනාශ කලා

මට නම් දුක අහිංසක අම්මා ගැනයි. තමන් ගේ චූටි දුව ගැන එතුමිය කෙතරම් විශ්වාස කරන්න ඇද්ද..

දරුවෙක් නැතිව දුක් විදින අය කොයි තරම් නම් ඉන්නවද? මම මේ කල්පනා කලේ ඒක දරුවගෙත් අවාසනාව වෙන්න ඇති දරුවෙක් ලබන්න පෙරුම් පුරන කුසකට නොයා මේ වගේ පව්කාර මිනිස්සුන්ගෙ දරුවෙක් වෙන්න වුණ එක. මමත් ලිව්ව මේ වගේ කතාවක් ඒත් ඒ මෙහෙම කර ගන්න ගබ්සා ගැන නෙවෙයි ස්වභාවිකම වෙන ගබ්සා ගැන. මේ වෙලාවේදි ශාරීරික හානිය වැඩියි ස්වභාවිකව වුනාම මානසික හානිය වැඩියි අම්මට වෙන. වටේ පිටේ කතා අහගෙන ජීවත් වෙනව කියන්නෙත් ලේසි පාසු වැඩක් නෙවෙයි නෙ.

අපේ ලංකාවේ ගොඩක්ම ඉන්නෙ ඔය වගේ කෙල්ලො තමයි.කොල්ලෙක් දිහා ඈහැක් ඈරල බලන්නෙ නෑ.හරිම ලැජ්ජයි. ඒත් එයාලගේ වැඩ කිඩ තේරෙන්නෙ බැන්දට පස්සෙ තමා..

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.