හොඹු රෙපෙයාර් කරනු ලැබේ.....

{ Friday, September 02, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }

ටිකක් විතර කාර්ය බහුල වෙලාවක්...උදේ නවය කියන්නෙ. වේගෙන් ආපු තුන් සක රියක් සර්ජිකල් වාට්ටුවෙ දොරකඩ නැවැත්තුව...
කලන්තෙ හැදිල වගේ...අමාරුවෙන් වත්තම් කරගෙන වාට්ටුවට ගෙනාවෙ,
තරුණ ගැහැණු ළමයෙක්....මූණට ලේන්සුවක් තියාගෙන...ලේ පෙරෙනව....
"මොකද වුනේ"
කෝ බලමු..
ලේන්සුව අයින් කළා....
මූණ සෑහෙන්න තුවාල වෙලා....
"කොහොමද මේක උනේ...?"
මේ ළමය බස් එකට නඟිනකොට ඇදන් වැටුන මිසී.....මම පාක් එකේ හිටියෙ...ඉතින් වීල් එකට දාගෙන ආව!
"බස් එක ඇද්දුවද මෙයා නඟිනකොට?"
නෑ නෑ..නිකම්ම වැටුනෙ..නවත්තල තිබුන බස් එක....ෆුට් බෝඩ් එකේ කට වැදුන
............................................
කොහොමින් කොහොම හරි තුවාලෙ තත්වය වාට්ටුවෙ මැහුම් දාන්න බැරි තරමටම ලොකුයි...
තොල සෑහෙන්න තුවාල වෙලා තිබුන...දතකුත් කැඩිල ඉස්සරහ..
"මිස් ...මෙයාව තියටර් යවන්න ලෑස්ති කරන්න.."
ඒ වාට්ටු බාර වෛද්‍යවරයගෙ දැනුම්දීම....ශල්‍යාගාරයෙන් ප්‍රතිසංස්කරනය කරපු අලුත් තොල්පටත් එක්ක මෙයා වාට්ටුවට ගෙනාවෙ පැය දෙක තුනකට පස්සෙ..
"දැන් කොහොමද ඔයාට?"
"රිදෙනව මිස්..ගොඩක් තුවාල වෙලාද මූණ? ...අනේ දතකුත් කැඩිල..."
"ඔවු ටිකක් තුවාලයි...දත නම් පස්සෙ හදාගමු ඩෙන්ටල් යවන්නම් ඔයාව, තුවාල සනීප වුනාම"
"ඔය කොහෙ යන්න ගිහිල්ලද වැටුනෙ?"
"ක්ලාස් යන්න ගියෙ මිස්, මම මේ සැරේ ඒ ලෙවෙල්ස් කරනව"
"මොනා වෙලාද ඉතින් වැටුනෙ...බස් එක ඇද්දුවද නගින්න කළින්"
මෙන්න මේ ළමය ඇඹරෙනව...කියන්නෙ නැතුව....
"කියන්න දරුවො...කවුරු හරි ගැහුවද, නැත්නම් තල්ලුකළාද ඔයාව?..."
"නෑ මිස් ලිස්සල ගිහින් වැටුනෙ"
"හ්ම්...දැන් ගෙදරින් එනවද..?."
"ඔවු..තාත්තල එළියෙ ඉන්නව.....අනේ මිස් ..තාත්ත බනිනව මට..."
"ඒ මොකද ඒ...හ්ම්..දැන් හාන්සිවෙලා ඉන්න....මම කතා කරන්නම් එයාලට.."
මම රුවන්තිගෙ දෙමාපියො ඉන්නවද කියල බැලුව...සරමක් ඇඳගත්තු ටිකක් ගැමි පෙනුමක් තිබුන ජෝඩුවක් විතරයි එළියෙ හිටියෙ.."
ආ...අපේ තුවාල කාරිගෙ නම රුවන්ති. ඒක කියන්න බැරිවුනා නෙව කලිං....
මෙයාල නම් මේ ළමයගෙ අම්මල වෙන්න බෑ...ටිකක් පොෂ් ෆැමිලි එකක වෙන්න ඕන මේ කෙල්ල නම්...අඳින පළඳින විදියට නම්...
"ම්ම්ම්ම්...රුවන්තිගෙ අම්මල කවුද?...රුවන්තිගේ....."
අපි තමයි මිසී..... අර සරම් ඇඳපු තාත්තයි, අම්මයි දුවගෙන ආව...
"ඔයාල එන්නකො, පොඩ්ඩක් කතාකරන්න ඕන...."
වාඩිවෙන්නකො....ඉතින් රුවන්තිගෙ කටේ තුවාලෙ ටිකක් ලොකුයි..අපි ඔපරේෂන් කාමරේට යවල තමයි මහල ගෙනාවෙ....
"අනේ මිසී...දරුවගේ මූනෙ කැළල් හෙම හිටීද දන්නෑ...දතකුත් කැඩිල"
ඒ රුවන්තිගෙ අම්ම..
"මේකයි අම්ම, පොඩිවට කැළලක් හිටීවි..නැහැයිම කියන්න බෑ...මොකද මැහුම් දහයකටත් වඩා දාල තියෙනවනේ. දත නම් හදාගන්න අපි උදවු කරන්නම්කෝ, ඩෙන්ටල් එකට යවල...
හැබැයි ඉතිං ඔය කැළල් උනත් දැන් සෑහෙන්න මකන්න පුලුවන් ප්ලාස්ටික් සර්ජරි කියල එකකින්...හැබැයි ඉතින් අපේ රෝහලේ නම් එහෙම පහසුකම් නෑ...
කෝකටත් ඉස්සෙල්ල මේ තුවාල සනීප කරගෙන ඉමුකො..."
"මම ඔයාලට කතාකලේ රුවන්තිට දැන් තද ආහාර කන්න අමාරු වෙයි තුවාල හින්ද, ඉතින් සුප් වර්ග, කැඳ, යෝගට්, ජෙලි වගේ දේවල් ගෙනල්ල දෙන්න වේවි ඔයාලට..."
"හ්ම්...... ඒක නෙවෙයි....මොකද මේ තාත්ත රුවන්තිට බනිනව කිවුවෙ ආ...කෙල්ල බය වෙලා ඉන්නෙ?"
මම එහෙම ඇහුවෙ හිනාවකුත් මූනෙ තියාගෙන, චෝදනාවක් කරන විදියට හෙම නෙවෙයි..සුහද විදියට!!
"අනේ නෑ මිසී, මම ඔය ළමයට කිවුව ඔය ඇඳුම අඳිනකොටම..."
ඇඳුම......තාත්ත එහෙම කියනකොටයි මට රුවන්ති තුවාල වෙලා ගෙනෙනකොට ඇඳන් හිටපු ඇඳුම මතක් වුනේ...
ඒක අර කොට සායක්...ඇඟටම හිර වෙච්චි...
මෙයා මේ සාය ඇඳල බස් එකට නඟින්න යනකොට කකුල උස්සගන්න බැරුව තමයි එතකොට වැටෙන්න ඇත්තෙ....
අනේ මන්ද...ලස්සනට අඳින ඇඳුම නිසා ..ලොකු වේදනාවකුත් එක්කම...මකන්න බැරි කැළලකුත්.......
"අනේමිසී, බලන්න, කකුලක් උස්සගන්න බෑ...කොරවක්ක යන්නැහෙ යනකොටම මං කිවුව අපේ කෙළිට..මොකක් හරි කොරගන්නෙ නැතුව වෙන එකක් ඇඳන් යන්න කියල...
එතකොට කියල ගියෙ, තාත්තල දන්නවයැ...අලුත් පැසොං...කියල...ඔය කොරගත්තෙ පැසොං එක..."
අහිංසක තාත්ත තවත් කියවනව....
තරහ නැතුවයැ..මූනෙ කැළලක් තියෙන කෙල්ලෙක්ව, දීග දෙන්න වද විඳින්න වෙන්නෙත් තාත්තලට අම්මලටම නෙව!
මට මතක් උනේ මෙන්න මේක..
සල්ලි දීල ගවුම මැහුවෙ- ඇඳගෙන යන්න...
අල්ලි දෙකක් වත් දුර බෑ- අඩිය තියන්න......
ඇඟට හිරට මහල තදට- ඇඳල බලන්න...
අඳින්න මිනි ගවුම අඳින්න....
ඔවු ...ඔවු..අඳින්න..අඳින්න..අපි ඉන්නව තැලිච්ච හොඹු රෙපෙයාර් කරන්න.........!!

(මේ කතාවත් මගේ යෙහෙලියකගේ අත්දැකීමක්.අපේ රෝහලේම....ලෙහෙසියට මම ලියන විදියම පාවෙච්චි කළා. )

අදහස් 44 ක් තියෙනවා "හොඹු රෙපෙයාර් කරනු ලැබේ....." ට

පට්ට කතාව.
අපේ ගොඩක් කට්ටිය ඔය ඇදුම් හින්ද ජීවිතෙනුත් වන්දි ගෙවල තියෙනව. ඇදුමක් අදින්න ඉස්සෙල්ල ඒක තමන්ට, තමන් යන ගමනට ගැලපෙනවද කියල බලල අදිනවනං ඒක තමයි වැදගත්.

@ප්‍රසන්න,
ඇත්ත සහෝ, කවුරු උනත් ආරක්ෂාවටත් මූලික තැනක් දෙන්න ඕනනේ..ස්තුතියි පළවෙනිම කොමෙන්ටුවට!

තැලිච්ච හොඹු රෙපෙයාර් කරන්න ඉන්දිකලා ඉන්නකම් ඕන් එහෙනම් කෙල්ලොන්ට අලුත් පැසොන් කරන්න අවුලක් හිටින්නෙ නෑ.....

@සිතුවිලි මණ්ඩිය,
ඔවු සහෝ..පොඩි අවුලකට තියෙන්නෙ ලස්සන කැළල් පොඩිත්තක් හිටින එක තමයි!

හෙලෝ ඉන්දික,
ටයි ගැටේ බලන්න මගෙ බ්ලොගිය පැත්තෙ ආපු ලින්ක් එකෙන් තමයි මේ ආවෙ.
හොඳ පෝස්ට් එක. අනිත් ඒව පස්සෙ බලන්න ඕනෙ. ඔය හෙද නිළධාරියෙකුගෙ ජීවිතය ගැන අපිට තියෙන අවබෝධය අල්පයි. දැන ගන්නත් ආසයි.
ජයවේවා!!
henryblogwalker aka Dude

@ Dude,
ටයි ගැටේ ඉගෙනගත්ත යාලු...කියවලම බලන්නකෝ එහෙනම්..
කතා කරන්න කැමති නම් Mail එක උඩම ඇති ඕං

1kane indika aiya men sayawal adine nathe :p owa ada me race yana bus wala naginna ba

@ Crazy H,
ඒකනේ නංගා....හෙ හේ...අඳින්න එපා ඔය කොට්ට උර ;)

onna hint 1k gahuwa :D api kotata adine Prtyz walata witharai he he he nathuwa adinne na andath parisamin yanne

හික් ... උඹට මිසී කියලද හොස්පිටල් එකේ කතා කරන්නේ ? මරු හොඹු රෙපෙයාර් එක !!

Wonderful story machan....
It's the ultimate reality of today...
"Adinne posh, Habai Kanne Kos"

Aiyo Tharinda me tika dakke nadda මේ කතාවත් මගේ යෙහෙලියකගේ අත්දැකීමක්.අපේ රෝහලේම....ලෙහෙසියට මම ලියන විදියම පාවෙච්චි කළා.

@තරි,
යටටම කියවලා බලපන්...තේරෙයි උඹට...

@කෝලි,
අනිව මචන්..මරු උපමාව
අඳින්නෙ පොෂ්- කන්නෙ කොස්..
ලොල්

හීහී හී අපේ අම්මටත් ඔහොම කේස් නම් වෙනවා. මම හැමදාම කියනව මේ නහින දෙහින කාලෙ ඔය සායවල් ඇඳගෙන යන්නෙ නැතුව අර හොඳ ට්‍රවුසර් එකක් ඇදගෙන යන්න කියල අඩු ගානෙ කකුල උස්සල නගින්නවත් පුලුවන් නෙ කියල. ඒ වුණාට එයා සභ්‍යත්වය රකින්න කියල දිග ටිකක් හිර සායවල් ඇදගෙන යනවා. අපි ඉතින් පිටිපස්සෙන් තල්ලුවක් දාල ඉතුරු ටික නග්ගන්න ඕනි. තනියම යන දවසට කොහොම යනවද මන්දා!! මිනිස්සු හිනා වෙනවා කියලා ට්‍රවුසර් අදින්න බෑ ලු. අනේ මන්දා ඉතින් තමන්ගෙ පහසු ඇඳුම එපායෑ අඳින්න කවුරු මොනව කිව්වත්

@ සංජු,
අම්මට පෙන්නන්න එහෙනම් පෝස්ට් එක...
කෝකටත් පරිස්සම ඇඟට ගුණයිනේ!

@Crazy H.. හුටා..දැක්කේ නෑනේ ... එඩිට් කරලද මන්ද ?

beri reddawal karanna yanawata honda wede.

-prasanna86k-

@ ප්‍රසන්න,
හෙ හේ ඔවු ඔවු!

මේ ලඟඳි 138 බස් එකට ඔහොම නගින්න ගිය ගැණු දරුවෙක්ගෙ ඇඳුම ඉරුනා බරාස් ගාලා.. පවූ අපිත් බැලුව උදව් කරන්න.. ඒ ලමය බෑග් එකෙන් වහ ගෙන තමයි ගමන ගියේ..ලඟ හිටිය තව කෙනෙක් දුන්න එයාගෙ ඇඳුමෙ බෙල්ල වටේ ඔතා ගෙන ගිය කෑල්ල..
තව දවසක ඔය වගේ බෙල්ලෙ ඔතා ගෙන ගිය කෑල්ල බස් එකෙන් බහින කොට පැටලිල බස් එක ඇතුලෙ..මේ ලමය වැටුනා බිමට.. හොඳ වෙලාවට පහල බස් එක නගින්න හිටිය කට්ටිය අල්ල ගත්ත..
තව දවසක දිගට ඇඳගෙන ගිය ඇඳුම බහින කොට දෙවෙනි පඩියෙදි පිටි පස්සෙ කෙනාට පෑගුනා..කෑලි ගැලවුනා ඇඳුමෙ.. ගෑනු ලමය ඒකට බනින්න ගිහින් හොඳවයින් ටිකක් අහ ගත්තා ඒ මනුස්සයගෙන්..

@වෙනි,
හෙ හේ...ඒක ඇත්ත සහෝ...ගමනක් යනකොට යන තැනට , යන වාහනේට වගේම කාළගුණයටත් ගැලැපෙන ඇඳුමක් ඇඳගෙන යන්න ඕන..නැත්නම් ඉතින් ඔයවගේ අකරතැබ්බ වෙන්න පුලුවන්

ඔය ඇඳුමත් එක්ක උස ආදී සම්පත්තුත් දැම්මම ගමන යන කලාවක් වෙකන පුරුදු වෙන්න එපාය.. මුනත්තහඩුවත් අංජ බජල් කරගත්තම දීගෙක යන්නේ කොහොමද කියල දෙමාපියෝ දුකක් වෙන්නේ..පවු දුප්පත් කෙල්ල..

@ sarath,
ඒකනේ සහෝ...

මිනිස්සුන්ටමමමමමමයි වෙන්නෙ
ඇඳුම් අඳින එකම සතා මිනිහා නේද ?

@ chanaka,
මනුසතා තමයි නේ!

ඉන්දිකගෙ කතාව කියවද්දි මටත් එක සිදුවීමක් මතක් උනා. මම 176 කරගම්පිටිය බස් එකේ යද්දි. එක ගෑණු ළමයෙක් බස් එකට නගින්න ආවා. හරියටම නාවල කැම්පස් එක හරියෙදි. ඒ ළමය ඇඳන් උන්නෙ හිරට හිරේ කොටම කොට සායක්. ඒක ඇදන් ඉස්සරහ දොරින් නගින්න හැදුවා විතරයි මේ ළමයව බස් එකෙන් වැටුනා. වැටුනෙත් ඔක්කොම ටික බස් එකේ උන්න හැමෝටම පේන විදියට. කරදරක් උන කෙනෙකුට උදව් කරන්න කියලා අපට දහම් පාසැල් යද්දි කියලා දුන්නත්.... බස් එකක යන්න පුළුවන් විදියට ඇදන් නොගිහින් කරගත්ත වින්නැහියනේ කියලා මම අහක බලාගෙන උන්න.

@දිල්,

ඔවු ඉතින්, තමන් කරගන්න දේවල් වලට අපි මොනා කරන්නද ?
සාමාන්‍ය බුද්ධියක් තියෙන්න ඕනෙ නේ තමන් කරන දේ ගැලැපෙනවද කියන එක ගැන. ස්තුතියි නංගා කොමෙන්ටුවට!

හික් හික් මේවා හොද පාඩම්.
තමන්ට පහසු සැහැල්ලු ඇදුමක් ඇදන් ගියානම් මොකද ඔහොම වින්නැහියක් වෙනවද?
අනිත් එක තමා අඩි උස සපත්තු,අර හයි හීල්ස් කියන්නෙ.සමහර අය යන විදියට අපිටත් බයේ බෑ වැටිලා බෙල්ල කොන්ද කඩාගනී කියල.

@ නදී,
ඒකනේ කියන්නෙ, බොරුකකුල් සපත්තුත් වින්නැහි තමයි!!

තව පොඩ්ඩෙන් ඔය කේස් එක නිසා, අර අහිංසක බස් එකේ ඩ්‍රයිවර්ට ගුටි කන්න වෙන්නත් ඉඩ තිබුනා නේ.......

මෙයාල ලෝකෙට පැෂන් පෙන්නන්න දාන එක එක සෙල්ලම් නිසා අමාරුවේ වැටෙන්නේ පැත්තක ඉන්න මිනිස්සු. මේවා කියවලා වත් හැදෙනවානම්

@Uraj
බස් මුදලාලි කෙනෙකුගේ කෝණයෙන් බැලූ කල එසේ වීමටත් ඉඩ නොතිබුනා නොවේ!
හෙ හේ...ස්තුතියි මල්ලි කොමෙන්ටුවට!

@ අම්බලම,
ඒක ඇත්ත. ස්තුතියි යාලු!!

Ari ayya...- hmmm game ammala, thathalai, posh wenna hadana ape duwala , puthaalai...puthaala num prahsnayak na kiyamuko..eeth me duwala...kotata andala bus eke yaddi kaatada karadare? e andina lamayatama neh..itin me lamayath dakinna ati clz ekata ehema kotata andan ena aya...but e aya enne car wala..dukath hitenawa welawakta me kella ge patten hituwama...eeth itin tiyana widihata andam iwarai neh bari wada nokara

@ ඈනෝ friend,
ඇත්ත කතාව...

ඇදුම් විතරක්ද ඇයි අර තියෙන්නේ "හයි හීල්ස්" ඒවා දාලත් කට්ටිය ඇදගෙන නාල තියෙනව නේ ;)

@ චම්මා,
හේ හෙ...නැතුව නැතුව!!

අපේ නර්ස් මහත්තයාගේ බ්ලොග් එක කියවන්න මම එන්නේ බොහොම කැමැත්තෙන්. අර මුල් කාලේ ඉඳන්ම කියවන්නේ මේක මම. ඒත් මේ මවුසයා අස්සේ එක එක ගැජට් දැම්මම මට නම් කියවන්න කරදරයි.
ඔබ මම කියන දේ තේරුම් ගනී කියලා හිතනවා.

අදනේ මේකට ආවේ.. සිරා බ්ලොග් එකක්නේ.... බ්ලොග් රෝල හින්දා සින්ඩියට යැවෙන්නෙ නෑනේ... ඔන්න මේකත් අදසිට මගේ බ්ලොග් රෝලට...

නියම කතාව... ඉතුරු කතා ටිකත් කියවන්න ඕනේ වෙලාවක් අරගෙන.....
සමාජ සේවයක් කරන බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාම ගැන ස්තූතියි...

අනේ ඉතින් ටි වී එකේ ..හින්දි ෆිල්ම් වල අන්දින්නෙම ඕව ..ළමයි හිතන්නේ ඔව්ව ඇඳන් අපේ ප්‍රයිවට් බස් වල යන්නත් පුළුවන් කියල . අපි විතරක් නෙමේ අනේ මේ නැගෙනහිර ආසියාව ඔයිට එහා . චුටි ගවුම් කොට ..කොරවක්කෝ සපත්තු . මේ දැන් වැටෙයි කියල මගේ ඇඟ හිරිවැටෙන ව . කලිසම තමයි ඇත්තටම පහසුම ඇඳුම . සංස්කෘතිය වගේය හොම්බ . අනික ඔය ගවුමත් අපේ නෙවෙයිනේ . වික්ටෝරිය ආච්චි දීපු ඇඳුම අපි තාම අමාරුවෙන් අඳිනවා . සාරිය ලස්සනයි තමයි . ඒත් හිතන්නකෝ ඔය පොට අතේ අරන් දුවනකොට ..බයික් වල යනකොට තියන අමාරුව. ඉන්දිකගේ බ්ලොග් එක මන් කියෙව්වට කමෙන්ට් කරන්න නම් බැරිවුනා මිට පෙර .

@ Il mondo di una povera pazza,
අනිවා..ඕක දැම්මට මටත් එහෙම හිතුන.හැබැයි පුංචි කේස් එකක්..මටවත් මතක නෑ දැන් දැම්මෙ කොහොමද කියල;)
ස්තුතියි අදහසට...හොයන්නම්කෝ මේක අහක් කරන හැටිත්!

@ අභීත,
ස්තුතියි යාලු කොමෙන්ටුවට..

@ නදුන් උයන,
ස්තුතියි...කියවන්න කියවන්න.එන්න ආයෙත් මේ පැත්තට

@Bindi,
"සංස්කෘතිය වගේද හොම්බ" හරියට හරි යාලු!!

අද කාලේ ඉන්න මොස්තරකාරියන්ට බොහොම හොද පාඩමක්.මේ වගේ එකක් පොස්ට් කළ එක ගොඩක් හොදයි.

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.