අනිච්ඡාවත කන්සාරා...

{ Saturday, August 08, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින් marketplace.publicradio.org/.../
මේ කියන කාලෙ මම ඉස්පිරිතාලෙට පත්වීම ගත්ත මුල්ම කාලෙ.ඒ දවස් වල අපේ වෛද්‍ය වාට්ටුව නා නා ප්‍රකාර ලෙඩ්ඩුන්ගෙන් පිරිල තිබුනෙ.ඔය අතර හිටිය ඉන්වෙන්ට්‍රි ලෙඩ්ඩු කියල කොටසකුත්.ඒ කියන්නෙ මාසෙ දවස් තිහෙන් විසි අටක් විතරම ඉන්නෙ වාට්ටුවෙ.ලෙඩේ අඩුවෙලා අද ටිකට් කැපුවොත් හෙම හෙට ආයෙ එනව.නැත්නම් උදේ කැපුවොත් හවස ආයෙ එනව.දොස්තරලටත් ඇතිවෙලාම මේ අයව ටිකට් කපන්නෙ නැතුව ඉන්නව වෙලාවකට මාස ගනන්.ගොඩක් වෙලාවට මේ අසරණ මිනිස්සු මෙහෙම ඉන්නෙ ඉස්පිරිතාලෙ බත් පන්ගුවට, තේ වේලට නැත්නම් ඉන්න හිටින්න තැනක් නැතිකමට.
එක ඉන්වෙන්ට්‍රි ලෙඩෙක් හිටිය මිනිහගෙ නම ආනන්ද රාජා.දුප්පත් දෙමළ මනුස්සයෙක්.ඇදුම ලෙඩෙක්,ඇදුමට දෙන්න තියන ලෝකෙ හොයාගත්තු ඔක්කොම බෙහෙත් මිනිහට දෙන්න නියම කරල තිබුණ.
ආනන්ද රාජ හොඳ මනුස්සය.කවදාවත් ස්ටාෆ් එකට කරදර කලේ නෑ බොරුවට.විනාඩි පහෙන් පහට දුම් අල්ලන්නයි, උදේ දවල් රෑ කෑම වේලයි, ඇඳකින් බාගෙකුයි ලැබෙනවනම් මිනිහට රජ සැප දුන්න වගේ තමයි.
සැප කිවුවට මනුස්සය පුදුම දුකක් විඳින්නෙ හුස්ම ගන්න.රාන්..රූන් ගාල පපුවෙ සද්දෙ මුලු වාට්ටුවටම ඇහෙනව.තිබුනෙ COPD (Chronic Obstructive Pulmonary Decease ) කියන ලෙඩේ අවසාන ඒ කිවුවෙ දරුණුම අවස්තාවෙ.පෙනහලු ආපහු හොඳ කරන්න බැරි තරමටම නරක් වෙලා.එක හුස්මෙන් හුස්මට කැස්ස එනව.උදේ එළිවෙද්දි නෙස්ටොමෝල්ට් ටින් එකකින් එකක් පිරෙන්න සෙම එකතු කරල.ඒවගෙ දුකක් විඳින්න මිනිහ ඇත්තටම ලොකු පවක් කරල ඇති.ඒව බලාගෙන ඉන්න වුන අපිත් පවු කරල ඇති.මොකද ඒ වෙද්දි මිනිහට කරන්න තිබුන ප්‍රතිකාර ඔක්කොම කරලත් ඒවයින් වැඩක් නොවුන තැනට ඇවිල්ලයි තිබුනෙ.
දවසක් මම මනුස්සයට කතා කරල ඇහුව තරුණ කාලෙ විස්තර.මිනිහ ගජ ඉලන්දාරිය කාලෙ ඉඳල තියෙන්නෙ බිබිලෙ.එහෙ හේනක් වැවුවලු.නිකම් හේනක් නෙවේ, ගන්ජා හේනක්! මම ඇහුව ඉතින් රාජා ගන්ජ බිවුවද කියල.රාජා කියනවා..
"ඔවු සෑර්..වැඩිය නම් නෑ...දවසට ගන්ජා සුරුට්ටු හය හතක් බොනව.." කියල
ඔන්න තත්වෙ..අවුරුදු පහලු මිනිහ හේන කලේ.ඒ කාලෙදිම තමයි ඇදුමට ඇවිත් තියෙන්නෙත්.
ගන්ජ ගැහිල්ල නතර කළාට පස්සෙත් නරක් වුන පෙනහලු ආයෙ නිරෝගී වුනේ නම් නෑ.දවසක් හවස ඩියුටියකට මම යද්දි ආනන්ද රාජගෙ ටිකට් එකේ රතුපාටින් ලියල තිබුන "Patient Expired" කියල.එච්චරයි. ඒත් තව ඉවර නෑ..ආතල් එකට කියල ගන්ජ බොන අයියල මල්ලිලටයි මේ කියන්නෙ.දැන්මම මරණ දැන්වීම් ටික ගහල තියාගන්න..මතක ඇතිව අනිච්ඡාවත ස0ඛාරා කියන එක අනිච්ඡාවත කන්සා ..රා කියල ගහන්න...!

අදහස් 11 ක් තියෙනවා "අනිච්ඡාවත කන්සාරා..." ට

අෆොයි.....හොද වෙලාවට අපි ඕවට නෑ.........!! ඉදලා හිටලා පොඩි අඩියක් ගැහුවොත් එහෙම මිසක.....!!

හික්ස්..එහෙනම් නෝ අවුල්..!

අඩි ගැහුවත් එකයි බං (සිරෝසිස්)

අළුත්ම ලිපිය මුලට එනවිදිහට දැම්මොත් නරකද?

අහ්..එහෙමද?...........
මේ උඹ ඩොකෙක්ද???

kapila යාලුවට,

ඔවු ඔවු..!

Udantha Anuradha යාලුවට,

නෑ මචෝ..මම නර්ස් කෙනෙක්.

එල එල....
මාත් සයිට් එක ෆලො කරන්නම්...

Anuradhax3 යාලුවට,

ස්තූතියි...!

දේශිය දේ අගේ කරන්නත් ඕන හැබැයි ඉතිං මෙවුවනං මං ගහන්නෑ
මොනව බිවුවත්

අපේ කස්ටියට හොද ආදර්ශයක්.....

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.