පුත්‍ර රත්නය....
{ Tuesday, August 11, 2009 දින
ඉන්දික විසින් ලියන ලදී.
}
මේකත් ටික කාලෙකට කලින් වෙච්ච සිද්ධියක්.අවුරුදු අසූවකවිතර වයසක මනුස්සයෙක් පාරෙ වැටිල ඉඳල පොලීසියෙන් ගෙනාව ඉස්පිරිතාලෙට.ඉතින් අපේ වාට්ටුවටම ඇඩ්මිට් කොළැයි කියමුකො.
ගෙනාපු ගමන් මේ මනුස්සය මැරිල වගේ, සිහියක් පතක් නෑ.කිසිම හාවක් හූවක් නෑ...ටක් ගාල Blood Sugar (Random Blood Sugar-R.B.S.) එකක් බැලුවම මෙන්න බොලේ සීයගෙ ලේ වල සීනි මට්ටම හොඳටෝම බැහැල.
ඉක්මනට 5% Dextrose (සීනි තියන සේලයින් වර්ගයක්) දාල අනෙක් ප්‍රතිකාර ටිකත් කලාම සීයට සිහිය ආව.අපිටත් හරිම සතුටුයි,අර මැරිල වගේ හිටපු මනුස්සය කතා කරන කොට.
මේ අහින්සක මනුස්සය ඉන්නෙ තනියෙන්ලු. ආච්චි මැරිලලු. කෑම වේල් දෙක තුනක්ම කාල නැතුව තමයි කලන්තෙ හැදිල වැටිල තියෙන්නෙ.ඉතින් මම ඇහුව..
"සීයට දරුවෝ හෙම නැද්ද?" කියල,
"ඉන්නව පුතේ..උන් දැන් කසාද බැඳල දරු මල්ලොත් එක්ක දුර තමයි ඉන්නෙ" සීය කියනව...
කොහොම හරි සීයට ඉස්පිරිතාලෙ කෑම වේල ලැබෙන විදියට වැඩකටයුතු සලස්සල මම මගේ අනිත් වැඩ වලට බැස්ස.
ලෙඩ්ඩු බලන වෙලාවෙදි, හොඳට ඇඳ පැළඳ ගත්ත මහත්තයෙක්(? ) ඇවිත් මගෙන් අහනවා..
"මහත්තයා...අර ඇඳ 21 ලෙඩාට අමාරුයි නේද?" කියල...ඒ ඇඳ අර සීයගෙ ඇඳ.මට ඒ ප්‍රශ්නෙට පුදුම හිතුන, මොකද කෙනෙක් අහන්නෙ ලෙඩාට අමාරුද කියල මිසක්, අමාරුයි නේද කියල නෙවේනෙ! සාමාන්‍යයෙන්. කෝකටත් ඒ ප්‍රශ්නෙට උත්තර නොදී මම ඇහුව
"ඒ සීය ඔයාගෙ කවුද ?"කියල...
"ඒ මගෙ ගෙදර වැඩ කරන එක්කෙනා කියල " මිනිහ ගොත ගගහ කියපි.
මම ඇහුව " ඔයා වැඩ කාරයන්ට කන්න දෙන්නෙ නැද්ද "කියල...මිනිහ බොරු ටිකක් ඇද බාල ශේප් වුනා..
මම පස්සෙ කිවුවා " නෑ ලෙඩාට දැන් හොඳයි..හෙට ටිකට් කපාවි.." කියල
ඒක ඇහුව විතරයි මුගෙ කට නිකන් කරත්තෙට අහුවෙච්චි කජුලෙල්ල වගේ වුනා...මිනිහ තෑන්ක්ස් පාරක් දාල මාරුවෙලා ගියා.
ටිකකින් මම සීය ළඟට ගියාම සීය කියනවා..
" පුතේ, අර ආවෙ මගෙ පුතා..පොළීසියෙන් මගෙ සාක්කුවෙ තිබ්බ ඇඩ්රස් එක ඇරන් පුතාට පනිවිඩයක් දෙන්න ඇති..දැන් ඔය ආවෙ මම මැරිලද බලන්න." කියල
මම ඇහුව " ඉතින් සීය කතාකලේ නැද්ද?" කියල...
" නෑ පුතේ...මම නිදි වාගෙ හිටිය..එයා මට කතා කරල බැරි තැන ළඟ ලෙඩාගෙන් ඇහුව, තාත්තට හුඟක් අමාරුයි වගේ නේද?,නැතිවෙයිද දන්නෙ නෑ " කියල..ඒ මනුස්සය කිවුව.." නෑ නෑ දැන් හොඳටම හොඳයි..ඔය නින්ද ගිහින් ඉන්නෙ.." කියල,..... "මෙන්න පුතන්ඩිය යන්න ගියා......" සීය කියපි..
සීයට ඉඩම් අක්කර දෙක තුනක් තියනවලු...බොහොම සතුටෙන් අර පුත්‍ර රත්නය ඇවිත් තියෙන්නෙ තාත්ත ඉක්මනට වල පල්ලට යයි කියල..මොකද, මේ ටික අයිති කර ගන්න..
අනේ සීයෙ උඹ පුතා මැරෙනකල් ජීවත් වෙයන්...මට කියන්න තියෙන්නෙ එච්චරයි....!

අදහස් 16 ක් තියෙනවා "පුත්‍ර රත්නය...." ට
අනෙ පව් බන්... ඒ සීයට මොකද අන්තිමට උනෙ ? යන්න ගියාද ?
මේ අය්යා , පුලුවන් නම් ඔයාටත් ෆ්‍රී මටත් ෆ්‍රී තියෙන වෙලාවක ස්කය්ප් හරි යාහූ මැසෙන්ජර් එකෙන් හරි සෙට් වෙමු. මොකද මේ කොමෙන්ට් බොස් එක ලිපිය යටින් සෙට් කර ගත්තා නම් ලේසියි !
අනිවා සෙට් වෙමු මල්ලී..ස්තූතියි!
අනේ හරිම පව් වැඩේ... ඔන්න බලන්න දහම් දිවයිනේ ඉන්න දරුවන්ගේ හොද කම! මේ බ්ලොග් එකෙන් අපට ගොඩක් දේවල් ඉගන ගන්න ලැබෙයි කියලා හිතනවා!
ස්තූතියි මාලි නන්ගි..!
සිරාම ලිපිය. දැන් කාලෙ හැදෙන වුන්ගෙ හැටි. මේ ලිපි සෙට් එකම හරිම වටිනවා. අපිට කවදාවත් ලබන්න බැරි අත්දැකීම් ගොඩක් මේවායේ තියනවා. දිගටම ලියන්න.
Achira Liyanage යාලුවට,
බොහොම ස්තුතියි!
ඒ සීයට කොච්චර දුක හිතෙන් ඇත්ත.....
ඔය පුතයටත් කවද හරි තේරෙයි එතකොට මෑන්ටත් වැඩේ වෙලා තියෙයි
ඕවා ඔය මිනිස්සුන්ට මේ ආත්මෙදිම පඩිසන් දෙනවා
පුදුම පුතෙක් තමයි.
නියමයි දිගටම ලියන්න ........
අනේ දෙය්යනෙ මෙහෙමත් මිනිස්සු!
okkoma tika kiyawala iwara kara onna..godak isthuthi aiye mewage dewal liyala apiwa danuwath karanawata.. :)
හපෝ මෙහෙම මිනිස්සු දැන් කාලෙ ඉන්නවා ඕනි තරම්. හැබැයි ඉතින් මේ කලියුගය නිසාද මන්දා ඒවගේ මිනිස්සුන්ටම තමා නෙ හරියන්නෙත්
නොදකින් මෙහෙම ළමයි....
මෙහෙමත් ළමයි. ඔය මිනිස්සුන්ට මේ ආත්මෙදිම පඩිසන් දෙනවා
අනේ මේ වගේ බලු පුතාලා....
Post a Comment
අදහස්..උදහස්...කියල යන්න.