වඳුරෝ...

{ Tuesday, September 01, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින්http://www.greentechmedia.com/wp-content//uploads/2008/07/old-man-laughing2.jpg
මේ කියන්න යන සිද්දියත් මගේ හිතවත් වෛද්‍යවරියක් මට කියපු එයාගෙම අත්දැකීමක්. ඒ දවස්වල මේ කියන දොස්තර නෝන වැඩකරල තියෙන්නෙ මහ රෝහලක, ලෙඩ්ඩු ඇතුලත් කරන නිළධාරිණිය ( Admitting Medical Officer ) විදියට. ගොඩක් දවස් වලට උදේවරුවෙ ඉස්පිරිතාල වල බාහිර රෝගී අන්ශය ( O.P.D. ) ලෙඩ්ඩුන්ගෙන් පිරෙනව. හරියට කළබලයි මේ වෙලාව.
ඔන්න එක දවසක, ඔයවගේ කළබල උදේවරුවකලු මේ සිද්දිය වුනේ.
මෙන්න මේකයි කතන්දරේ , වයසක සීය කෙනෙක් මොකක්ද ලෙඩකට බේත් ගන්න ඕ.පී.ඩී. එකට ඇවිත්. ඉතින් ඕ.පී.ඩී. ඩොක්ට මේ ලෙඩාව බලල, ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙන්න නියම කරල. ඔය වගෙ ඕ.පී.ඩී එකෙන් ඇඩ්මිට් කරන ලෙඩ්ඩුන්ට පොඩි තුන්ඩු කෑල්ලක් දෙනව ගිහින් ඇඩ්මිෂන් ඩොක්ටර්ට දෙන්න කියල. ඒකෙ ලියන්නෙ ලෙඩාගෙ රෝග තත්වය ගැන පොඩි විස්තරයකුයි, ඇඩ්මිට් කරන්න කියල ඉල්ලීමකුයි.
ඔන්න ඉතින් අපේ සීය, අර තුන්ඩු කෑල්ලත් අරගෙන ආවලු මගේ හිතවත් වෛද්‍යවරිය ළඟට. මම කීව වගේ එදා ටිකක් කළබල දවසක් හින්ද ඩොක්ට ලෙඩාගෙ මූණ දිහා යන්තමට බලල වාඩිවෙන්න කිවුවලු. සීය වාඩිවෙලා තුන්ඩුව දුන්නලු. තුන්ඩුවෙ ලියල තිබුනලු "Monkey bite" ( වඳුරෙක් හපා කාල ) කියල. ඉතින් මේ වගෙ වෙලාවට ලෙඩාව හදිසි ප්‍රතිකාර ඒකකයට ( Emergency Treatment Unit / E.T.U.) දාල, පිස්සු බලු රෝගෙටයි, පිටගැස්මටයි විදින බෙහෙත් විදින්න ඕනෙ( Anti Rebies Serum & Tetanus Toxoid ), තුවාල තියනවනම් බෙහෙත් දාන්නත් ඕනෙනෙ. ඒක හින්ද ඔන්න අපේ දොස්තර නෝන ඉක්මනට ලෙඩා නවත්තන්න ටිකට් එක (Bed Head Ticket / B.H.T.) ලිවුවලු. සීයගෙන් මොකුත් ඇහුවෙවත් නෑලු. ටිකට් එක ලියල අතට දෙන ගමන් නිකමට වගේ ඇහුවලු
" සීය කවද්ද කෑවෙ" කියල.
සීය ටික වෙලාවක් සද්ද නැතිව හිටියලු.සීයගෙ කන් ඇහෙනව අඩුද දන්නෙ නෑ කියල හිතපු ඩොක්ටර් තව හයියෙන් ඒකම ආයිත් ඇහුවලු.
" ඊයෙත් කෑව නෝන, අද උදේ තමයි ගොඩක් උන් කෑවෙ " කියල සීය කිවුවලු.
ඩොක්ටර්ට මේ කතාව හෙන ප්‍රෙහේලිකාවක් වුනාලු. ඇයි දවස් දෙකක්ම වඳුරො කවාගන්න මේ මිනිහට පිස්සුද? ඒ හින්ද ඇහුවලු
" සීය කොතනද කෑවෙ..කෝ තුවාල ?" කියල.
සීය කියනවලු.." අත්වල තමා හුඟක් කෑවෙ..දැන්නම් ඒව පේන්නෙත් නෑ..උදනැක්කෙ නම් පලු ඇවිත් තිබ්බ යහමින් " කියල.
දැන්නම් මොකක් හරි කොහෙ හරි වැරදිලා තියනව කියල ඩොක්ටර්ට හිතුනලු. මොකද මනුස්සයගෙ තුවාලත් නෑ මොනවද පලු වගයක් ගැනත් කියන නිසා.
" සීය..වඳුරෙක් කෑව කියල නේද කිවුවෙ?" කියල ඩොක්ටර් ඇහුවලු...
මෙන්න සීය බක බක ගාල හිනාවෙන්න ගත්තලු..
" මොන වඳුරොද නෝන, මගෙ කෑවෙ මදුරොනෙ..උදේ උණ ගතිය වගේ දැනිච්චි හින්දයි බේත් ඩින්ගක් ගන්ට ආවෙ, කොහෙද ඉතින් අර දොස්තර මහත්තය මට ඇතුල් වෙන්ට කීවනෙ" කියල සීය කිවුවලු.
ඩොක්ටර්ටත් හිනාව නවත්තගන්න බැරිවුනාලු. මේ සීයගෙ කාල තියෙන්නෙ මදුරුවො. සමහර වයසක අය, මදුරුවො කියන එක "මදුරො" කියල කියනව. මේ සීයත් කියල තියෙන්නෙ එහෙම. ඒක තමයි අර ඕ.පී.ඩී දොස්තර මහත්තයට වඳුරො කියනව වගේ ඇහිල තියෙන්නෙ.
කොහොමින් කොහොම හරි සීයගෙ උණට බෙහෙත් දීල ගෙදර යැවුවලු...ඇයි ඉතින් නවත්තගෙන මොනව කරන්නද?.
හැබැයි ඉතින් අර අපේ ඕ.පී.ඩී දොස්තර මහත්තයට නම් වඳුර කියල නමකුත් වැටුනලු..! ඔන්න ඕකතමයි අද කතාව.
මේක හිනායන කතාවක් වගේ පෙනුනට මේ සිද්දිය ඇතුලෙ හරි බයානක නොසැලකිලිමත් කමක් තියනව. මේව අහනකොට හිතෙනව ඒ වගේම හිතට හරිම දුකක් දැනෙනව වගකීම සහ වගවීම(Responsibility & Accountability) කියන දේ දැන් සෞඛ්‍ය සේවකයන්ට අමතක වෙලාද කියල.

අදහස් 24 ක් තියෙනවා "වඳුරෝ..." ට

හපෝ මාර සීන් 1 නේ

මාර නෑ..මාර නෑ.හිකිස්

අ‍නේ‍ අ‍නේ‍ ව‍දු‍රො‍...............
ප‍ට්‍ට‍ සී‍න්‍ එ‍ක‍ අ‍යි‍යා‍....හි‍ක්‍ස්‍..
හි‍නා‍ කා‍ලා‍ මැ‍රෙ‍න‍වා‍...

දෙවෙනියට බලපු දොස්තරත් කවදද කෑවේ කියල නිකමටවත් නොහැව්වනම් බඩුම තමා. :D

දොස්තරලා..... ?? මට නම් ඕකුන්ව මතක් කරන්නවත් එපා...... :( පර බල්ලෝ ඕකුන්ට මිනිස් ජීවිතයක වටිනාකම තේරෙන්නේ නෑ.........!!

http://www.elakiri.com/forum/showthread.php?t=126373

Anuradhax3 යාලුවට,

හිකිස්..

roylyfernando යාලුවට,

ඒක තමා මමත් හිතුවෙ..පවු අහින්සකය

Uraj මල්ලී,

හරිම කනගාටුයි..!

Watch your tone Uraj.

හොඳ වෙලාවට දොස්තර නෝනවත් කල්පනා කරල වැඩ කරලා නැත්නම් අර මනුස්සයට ඔය ඉන්ජෙක්ෂන් ගැහුවනම් එහෙම
අනික ඒවා ගොඩක් ගනනුත් එක්ක නේද

හැම ක්ෂේත්‍රයෙම අක්‍රමිකතා තියෙනවා තමයි. හැබැයි බස් කාරයොද දොස්තරලද වැඩියෙන් පර බල්ලො වෙන්නේ කියලා ටිකක් හිතලා බලන්න වෙනවා.

ම යාලුවට,
ඒක තමයි...මමත් හිතුවෙ.

chamila_dealwis යාලුවට,

යුරාජ්ට වෙච්චි දුක්බර සිද්දිය නිසයි එහෙම ලියන්න ඇත්තෙ.අපේ දෙමාපියො තරම් වටින කෙනෙක් අපිට නෑනෙ.

ඉන්දික,
නියම බ්ලොග් එකක්.
අද තමයි දැක්කෙ.
ඔහොම යමු...

ප්‍රසාද් රණතුංග යාලුවට,
ස්තුතී බොහොම

To Anonymous comment එකක් දමා මුහුණ වසාගෙන කතා කරන කෙනාට....

මගේ tone එකේ වැරැද්දක් මට නම් පේන්න නෑ.....!!

To chamila_dealwis :-

මම හිතන්නේ ඔයා තමා මේ.....

http://www.elakiri.com/forum/showpost.php?p=5368038&postcount=280

අනික ඔයාට පුලුවන්ද, මට මෙන්න මේකට උත්තරයක් දෙන්න......??

බස් රියදුරෙක් අතින් මිනිස් ජීවිතයක් නැති උනොත් දඩුවම් කරනවා.... නමුත් දොස්තර කෙනෙක් අතින් මිනිස් ජීවිතයක් නැති උනොත් දඩුවම් කරනවාද....??

@ යුරාජ්

දොස්තර කෙනෙක් අතින් ජීවිතයක් නැති වුනේ නොසැලකිලිමත් කම නිසා නම් දඩුවම් කරන්න පුලුවන්. ඒ වගෙම හැම අනතුරටම බස් රියදුරෝ හිරේ යන්නෙවත් දඩුවම් විදින්නෙ වත් නැහැනෙ?

To Anonymous :-

කොහෙද එහෙම දඩුවම් කල අවස්ථාවක් මට කියන්න පුලුවන්ද............??

Anonymous comment එකක් දමා, මුහුණ වසාගෙන කතා කරන්නේ ඇයි......??

හෆොයි මාර සිද්ධිය. ඒත් ඒ සීයටත් පොඩ්ඩක් අහන්න තිබ්බා මදුරුවෙක් කෑවම ඇයි නේවාසික අංශයට ඇතුල් වෙන්න කියන්නේ කියලා. ඒත් භාහිර අංශ වෛද්‍යවරයා තුවාල පරීක්‍ෂා කරලා නෙවෙයිද ඇතුලට යන්න කියලා කියලා තියෙන්නේ?

මොනව වුනත් ඕක එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මොකද ලෙඩා ඇතුලත් කළා කියල හිතමු, ඒත් බෙහෙත් විදින්නයි තුවාල වලට බෙහෙත් දාන්නයි යන කෙනාට අනිවා සිද්ධිය මීටර් වෙනවනේ! නැති තුවාලෙකට කොහොමද බෙහෙත් දාන්නේ? හැබැයි ඉතිං පෞද්ගලික රෝහලක් නං මදුරුවො කෑමටත් නේවාසික අංශෙට අරගෙ ලොකු ගාණක් කපාගන්න බැරි නෑ!

@Uraj: එක සිද්ධියක් නිසා සියල්ලන්ටම දෝෂාරෝපනේ කරන්න පුළුවන්‍ද? නිර්නාමික වීම නිසා ඉදිරිපත් කරන කරුණු නොසලකා හැරිය හැකිද?

සුපුන් යාලුවට,

සීයල ඕව දන්නවයැ ඉතිං.දොස්තර මහත්තුරු,මිසීල,කංකානං මහත්තුරු මොනව කිවුවත් ඉතිං ඉහටත් උඩිං පිළිගන්නව නොවැ. ඒකයි හරියට වැඩ කරන එක අපේ රාජකාරිය වෙන්නෙ.
ස්තූතියි සහෝදරයා..!

Anywey guys, i Appreciate the author who crate this blog, bz he is saying valuble thing for our lives. good work... !!

Thank you bro!

Thank

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.