කුලු ගෙඩියට අමුතු මිටක්!

{ Monday, August 29, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }

සිරිනාථ වයස අවුරුදු හතලිහක විතර මනුස්සයෙක්.
රස්සාව ගල්වලක ගල් කඩන එක..
මිනිහට ඔය බර වැඩ හොඳට ඇඟට හුරුයි. දවසම සුමේ නැතුව ගල්වලේ වැඩ කොරල, හවහට නා කියා ගෙන පැල් කොටේට වෙලා ඉන්න එක තමා මිනිහගෙ දින චරියාව.

සිරි අයියා කියල තමයි ගමේ ඈයො සිරිනාථට කතා කලේ. ආ...කියන්න බැරිවුනා..මිනිහ තනිකඩය...ඒ වගේමයි හරිම ලැජ්ජ කාරය.
ඒක හින්දමද කොහෙද සිකුර මිනිහ දිහා නොබැලුවෙ. සිකුරා සිරි අයිය දිහා බැලුවෙ නෑ වගේම සිරි අයිය ගෑණු දිහා බැලුවෙත් නෑ ඔන්න......

මේ කතාව මට කිවුවෙ ලංකාවෙ ප්‍රසිද්ධ රෝහලක සේවය කරන මගෙ යාලුවෙක්. ඔන්න ඉතින් ලේසියට මමත් එතන හිටිය වගේ මෙහෙම කතාව ලියනව,

....... වේදනාවෙන් කෑ ගහගෙන එන මනුස්සයෙක් ස්ට්‍රෙචර් එකක ගේනව...දෙකට නැමිල ඉන්නෙ වේදනාව නිසා!
"නම- සිරිනාථ"
මොකද උනේ...?
අනේ සෑර්...මගෙ "පිරිමි ඇඟ" රිදෙනවා..
හ්ම්...බලමු..බලමු
කෝ ...නැඟිටල එන්නකො ඇඳට..
එයාට නැඟිටින්න බෑ සර්...හෙ හ් හෙහ්..හේ...ඒ ලෙඩා ගෙනාපු ඇටෙන්ඩන්ට්, මිනිහා බඩ අල්ලන් හිනා වෙනව
අනේ අර මනුස්සයත් සරම ගුලි ගහගෙන බරට බරේ වගේ ඇඳට නැග්ග...
ඇටෙන්ඩන්ට් කාරයත් එතනම කැරකෙනව.
..හා..ඔයා යන්න එහෙනම්...වෙනද යන්න තියන තදියම මූට අද නෑ..මොකද මන්ද?
හ්ම්.බලමු බලමු මොකද කියල...
සරම පොඩ්ඩක් එහෙමෙහෙ කලා...
මෙන්න බොලේ කුලුගෙඩියක්...මිනිහගෙ ශිෂ්නය ඒකෙ සිදුරෙ හිරවෙලා!!!!!!!
හොඳටම ඉදිමිලා...
පැලෙන තරමට කුලුගෙඩියෙ සිදුරෙන් මතුවෙලා තිබුන අවයවය ඉදිමිලා තිබුන...රතු පාටට...

සිරිනාථ මොකක් හරි හේතුවකට තමන්ට ඇතිවෙච්චි ස්වභාවික අවශ්‍යතාවය සංසිඳවගන්න පාවෙච්චිකරල තිබුනෙ මිට ගැලවිච්චි එයාගෙම කුලුගෙඩියෙ සිදුර!!
ඒක මේසෙ උඩ තියල බාගෙට පණගැහිච්ච අවයවේ ඇතුල් කලාම තමයි මේ සංගෑදිය උනේ...
ලිංගික හැඟීම වැඩි වෙනකොට හොඳින්ම ප්‍රාණවත් වෙච්චි අවයවය ඉතාම තදින් පුංචි සිදුරෙ හිර වුනා..කළබල වෙච්ච සිරිනාථ මේක ගන්න දඟලනකොට උනේ තැලිල තැලිල තවත් ඉදිමුම වැඩි වෙච්ච එකයි!!!
අන්තිමට සිරිනාථට සිද්ධවුනේ මිට ගැලවිච්චි කුලුගෙඩියට පුංචි මිටක් දෙන්න තමයි!
මේ ශිෂ්ණය කියන අරුම පුදුම අවයවය එක පාරට ඉදිමෙන්න-දික්වෙන්න හරි හපනෙක් නොවැ. ඒකනොවැ වැරද්ද???
.......................
ඉතින් රෝහලේදි, ඉක්මනින්ම සිරිනාථව ශල්‍යාගාරයට ගන්න තීරණය වුනා..
ඒ වෙද්දිත් එයාගෙ ශිෂ්ණයෙ පටක ස්ථිරවම මියගිහින්ද කියන සැකය කාටත් තිබුණ..මොකද හිරවෙච්චි කොටසින් උඩට රුධිර සංසරණය නැති හින්ද සෛල වලට ජීවත් වෙන්න අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නෙ නෑනෙ.
කොහොම නමුත් ශල්‍යකර්මය සාර්ථක වුනා...ලොකු තුවාලයක් සිරිනාථට ඉතිරි උනත් තමන්ගෙ පිරිමිකම බේරගන්න තරම් සිරිනාථ වාසනාවන්ත වුනා!!

මේ කතාවෙන් අපිට ගන්න තියෙන්නෙ ඉතින් අර පැරණි ආප්තෝපදේෂය ම තමයි..." පනින්න පෙර සිතා බලනු"

එච්චරයි!!!





අදහස් 22 ක් තියෙනවා "කුලු ගෙඩියට අමුතු මිටක්!" ට

ඒක නම් හරි අවාසනාවන්ත සිදුවීමක් තමයි.
.මන් අදනෙ ඉන්දිකගෙ බ්ලොග් එක ආයිමත් දැක්කෙ..බ්ලොග් කියවගෙන යන කාලෙ මන් ඔයාගෙ ලිපි කීපයක් කියවල තිබුනා...ඒත් දැන්නෙ කමෙන්ට් දමල.. බ්ලොග් රෝල් එකේ දමාගෙන පිලිවෙලට කියවන්නෙ..ඉන්නකො පොඩි විවේකයක් ලැබුනහම අනිත් එව්වත් කියවන්නම්..

අප්පේ...පනින්න පෙර සිතා බලනු

හපොයි...මම නම් ඔන්න ඇස් වහගන කතාව කියෙව්වා....:D:D:D

පොර ඒක තමා ලැජ්ජාවෙන් ඉන්න ඇත්තේ... ගෑණු ළමයෙක් ගෙනවානම් ඔය මුකුත් නැහැනේ... මුලදී ටිකක් අමාරු වුනාට, පස්සේ සිලි සිලි බෑග් එකකට දානවා වගේ කියලයි කට්ටිය කියන්නේ...

@ weni,
කියවන්නෙ කොහෙද ඉතින් මටත් බ්ලොග් එක අමතක වෙලානෙ තිබුනේ ;)
ස්තුතියි කමෙන්ටුවට!!

@නදී,
ඔවු ඔවු..වරක් නොව දෙවරක්ම සිතා බලනු..ස්තුතියි !!

@ කුමාරිහාමි,
ෂා...හරි හපණියක් නොවැ..අනේ මටත් කියාදෙන්නකෝ එහෙම කියවන හැටි :D

@ප්‍රසන්න,
ඔන්න ඉතින් අත්දැකීම්ලු ...:D

හෆොයි , මිටියක් ඇරෙන්න වෙන මොකුත් තිබිලම නැද්ද ඔය වැඩේට ?

පවු.

@ අරුණ,
ඒකනේ කියන්නෙ..අනේ මන්ද!

අනේ මම දන්නෙ නෑ.... නූගත්කම වෙන්න ඇති කියල මට හිතෙන්නෙ නම්... තමන්ගෙ ශරීරයේ සිද්ද වෙන වෙනස්කම් අවබෝධ කරගෙන ඒකට හානියක් නොවෙන විදියට ප්‍රතිචාර දක්වන්න නොදන්නකම, සමහර විට ඒ නිසාම වෙන්නත් ඇති විවාහයක් කර ගන්න නැතුවත් ඇත්තෙ!

@ සංජු,
අනිවාර්යෙන්...නූගත්කමට වඩා මම හිතන්නෙ නියම මෝඩකම කියලයි!

අනේ මන්ද.. මේ මිනිස්සුන්ට මොකක් වෙලාද කියල හිත ගන්න බෑ ... දැන් බලනකොට තරුණ අසහනයට වඩා වැඩිහිටි අසහනය වැඩි බවයි පෙන්න තියෙන්නේ ... - tharinda76

@තරි,
ඒකනම් ඇත්ත මචන්, ඔය බස්වල කරදර කරන ගොඩක් මිනිස්සු වැඩිහිටියො මිසක් තරුණයො නෙවේ!

කාලෙකින් අප්ඩේට් නොවුන නිසා ආවේ නෑ.
ඔයා ආපහු ලියන්න ගත්ත එක නම් හරිම සතුටක්.

@ බූරු බබා,
ඒකනේ..මටත් බ්ලොග් එක අමතක වෙලා නොවැ තිබුනෙ
ස්තුතියි කොමෙන්ටුවට !!

ඕකට නම් ඉතින් කියන්න වෙන්නේ මෝඩකම කියලම තමා..

අනේ පව් දෙයියනේ...තනිකඩ මනුස්සයට වෙච්චි දෙයක්... :((
බ්ලොග් ලියන්න හිතාගෙනත් නිහිටපු ඒත් බ්ලොග් කියවන්න පටන් අරගත්තුම කාලෙ කියවාපු බ්ලොගයක් තමා මේ එකේ වාට්ටුව..ඒ දවස් වල ඉන්දික සහෝත් බ්ලොගේ පටන් ගත්තුම කාලෙද කොහෙදෝ...පස්සෙ බුක්මාර්ක් එක නැතිවෙලා බ්ලොගේට එන පාරත් වැහිලා ගියා...ඔන්න අද මකරගෙ දිහා ගියාම තමා ආපහු පාර හොයාගත්තෙ... :D පරණ යාලුවෙක් දැක්ක වාගෙ සතුටුයි.. :D

මතක හැටියටනං අන්තිමටම වාගෙ කියෙව්වෙ paraphimosis සිද්දියක් ගැන වාගෙ තමා මතක...හිකිස්..වැඩේ කියන්නෙ ආපහු කියවන්න පටන් අරං තියෙන්නෙත් එතනිම්මනෙ... ;)

@ ChammA
ඒක තමා!! ;)

@ මකුලු පැංචි,
ඇත්තටම සතුටුයි නංගා! ස්තුතියි කොමෙන්ටුවට...හෙ හේ මාර වැඩක්නේ ඒකනම්...

ඔන්න ඉන්දික මහත්තයෝ දැනුයි ඔක්කොම පෝස්ට් ටික කියවලා ඉවර උනේ.සෞඛ්‍ය සේවේ තියෙන ආතල් එක තමයි අනිත් ක්ෂේත්‍රවලට වඩා වැඩි සමාජ වපසරියකට විවෘත වෙන එක.ඉතිං ජීවිතේට ලැබෙන අත්දැකීම් එමටයි.ඒවා අපිත් එක්ක බෙදා ගන්නවට බොහොම ඉස්තූතියි.

@ දිනුක,
ඒක නම් ඇත්ත අත්දැකීම් බහුලයි ඉතින්..ස්තුතියි කොමෙන්ටුවට!

මාර කතාවක්නෙ ඒක. මටත් දෙයක් මතක් වුණා .ඔය අවයවයෙ විතරක් නෙවෙයි අතපයවල වුනත් ධමනි (arteries) පිහිටලා තියෙන්නෙ ගැඹුරින්. ශිරා (veins)මතුපිටින් හමට ආසන්නයෙන් නේද? ඉතින් ඕවගෙ දෙයක් වුනාම ඉන්ද්‍රියයට ගමන් කරන ලේ ආපහු එන්න බාදාවෙනවනේද? මොකද ගැඹුරින් පිහිටි ධමනි දිගෛ දිගින් දිගටම ලේ සැපයුම නොකඩවා වුනත් හම මතුපිට තියනෙ ශිරා තව තවත් අවහිර වෙනවා ඉදිමෙන්න ඉදිමෙන්න එහෙම නේද?
මම පඬි ටෝක් එකක් දැම්ම නෙවෙයි. අර ගුරුවරයෙකුගෙ ගතිය මතුවුනා නොදැනීම. ඒ කිව්වෙ අහන් ඉන්න කෙනෙක් නැති වුනත් නොනවත්වා කියවීම. හික්ස්.
henryblogwalker aka Dude

@ Dude,
එහෙම තමයි!! :):)

මම මගේ වැඩත් නවත්තලා ඔයගේ blog එක කියවනවා. නියම story ටික. thanx frnd

😂😂😂

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.