මාලින්ද...

{ Wednesday, October 13, 2010 දින ඉන්දික විසින් ලියන ලදී. }
මාලින්ද.....මා..ලි.න්ද.....
මාලින්ද කවුද......?
වරකපොළ ඉඳන් ආපු මාලින්ද කවුද?
එදා වෙනදට වඩා වාට්ටුව ලෙඩ්ඩුන්ගෙන් පිරිලයි තිබුනෙ. වාට්ටුවෙ තිබුන ඇඳන් හතලිස් ගනනට වඩා ලෙඩ්ඩු 30ක් විතර වැඩිපුර හිටිය. ඒ ගොඩක් අය බංකු වල හරි බිම එළාගත්තු පැදුරු වල හරි තමයි හිටියෙ.
"කෝ මේ මාලින්ද?"
"උණ හැදිල ආපු මාලින්ද කවුද?"
"බෙහෙත් විදගන්න එන්න....මාලින්ද"
සහෝදර හෙදියක් බෙහෙත් ට්‍රේ එකකුත් අතේ තියාගෙන මාලින්දව හොයනව. උණ හැදිල ආපු ලෙඩෙක්..කොහෙ ගිහින්ද මන්ද?
toilet එක පැත්තෙයි, වාට්ටුවෙ අවටයි මනුස්සය හොයන්න තව කට්ටියක් යැවුව.
මාලින්ද ...මාලින්ද...
මනුස්සය නෑම තමයි..
මේ උදේම මනුස්සය වාට්ටුවෙන් පැනල ගියාවත්ද?
මොනව උනත් පැනල ගියානම Police Inform කරන්න ඕනෙ නෙ.
දැන් අනිත් ලෙඩ්ඩුන්ට බෙහෙත් විදලත් ඉවරයි. මනුස්සය තාම නෑ නොවැ. කෝකටත් කියල ආපහු BHT එක ඇරන් බැලුව. මෙන්න බොලේ මාලින්දගෙ වයස අවුරුදු 85 යි!!
දැන් ටිකක් ලෙඩාව හොයන වැඩේ ලේසියි..මොකද අවුරුදු 80ක් විතර වෙන ලෙඩ්ඩු හිටියෙ වාට්ටුවෙ හතර පස් දෙනෙක්.. ඒකෙනුත් කීප දෙනෙක් හුරුපුරුදු ලෙඩ්ඩු.
එක්කෙනෙක්ව හරියටම ඉලක්ක කරල ඇහුව...
" සීයෙ නම මොකක්ද?"
"කෑව ..කෑව ..පුතේ, පරිප්පුයි පානුයි" සීය කියපි
"නෑ නෑ..සී..යේ...නම..නම..මොකක්..ද?"
"මළිඳා"
ආහ්...මළිඳා..සීයගෙ නම මළිඳා...!!!!!!!
ඉංග්‍රීසියෙන් ලියල තියෙන ටිකට් එකේ Malinda !. ඕක සිංහලෙන් කියවනකොට මාලින්ද!! :)
මොකද මළිඳා කියන නම අපිට හුරු නමක් නෙවෙයිනෙ!
කොහොම වෙතත් සීය නම් පරිප්පු කෑවෙ පාන් එක්ක..අපි පරිප්පු කෑවෙ පානුත් නැතිව.
ඒක මේක කොයිහැටි වෙතත්, සීයගෙ අම්මයි තාත්තයි හොඳට හිතල බලල අනාගතේට ගැලපෙන්න සීයගෙ නම දාල තියනව නොවැ.
ඔන්න ඕකයි කතාව..ගැටලුව ලිහාගත්තට පස්සෙ ඉස්සෙල්ලම කලේ Malinda කියන නමට ලඟින්ම BHT එකේ "මළිඳා" කියල සිංහලෙන් ලියපු එකයි.
මොකද නැත්නම් ඊළඟට Duty එන කට්ටියත් මාලින්දව හොයන්න එපායැ ;)

පසුව ලියමි:-
මේ සිදුවීමෙන් පස්සෙ මළිඳා සීය මගෙ හොඳම හිතවතෙක් වුනා..පාරෙදි දැක්කත් සීයා මට කතාකරන්නෙ "මයෙ අප්පච්චි" කියල හරිම ලෙංගතුකමෙන්.
මෙහෙම ඉවර කරන්නම්..මළිඳා සීයට ආයුබෝවේවා!!

අදහස් 22 ක් තියෙනවා "මාලින්ද..." ට

ආ නර්ස් මහත්තයා කාලෙකට පස්සෙ රස? කතාවක් අරන් ඇවිත්. තියෙන්නෙ :D

හෙ හේ..ඔවු ඔවු!!

අපූරු කතා පිංචක්.. ඔබේ වැදගත් සේවය දිගටම කරගෙන යන්න...!

ගොඩ කාලෙකින් වාට්ටුවට ගොඩ උනේ....

මළිඳා සීයට ආයුබෝවේවා!!

බුදු අම්මේ කාලෙකින් . .

ගෙවල් දොරවල් හදලා අහවරයිද . . ?

මොකෝ නාවේ අන්තර්ජාලය පැත්තේ . . ??

මලිඳා සීයගේ කතාව එල සුපුරුදු පරිදි . .

එහෙනම් උඹටත් ආයින්බෝන් කිව්වා . .

මෙදා පාර දිගටම ලියන්න හොඳේ . .

කාලෙට ගැලපෙන නම....

Lassanai ayya digatama liyanna

wushwa, kandu, duka,sithuwili, sudu mahaththaya, sameera, යාලුවො ඔක්කොටම ස්තුතියි කිවුව!

හිනාවෙලා ඇඟේ ලේ පිරිසිදු වෙන කතාවක් දාල තියෙන්නේ.

හහ් මරු කතාව..! ඕකත් හරියට මදනායක ඉංග්‍රීසියෙං ලීවා වගේ තමා..! :D :D :D

LishWish

ලිෂ් යාලුවට,
ඇයි මහානායක thero කියල ලිවුවම. හපෝයි!!

මම ෆෝන් එකෙන් කතා කරපු දවසේ තේරුනා අයියා කොච්චර කරුණාවන්ත කෙනෙක්ද කියලා. ඒ සීයාට මට වඩා හොඳට ඒක දැනෙන්න ඇති. මොකද අයියා හොඳට ඒ සීයාව බලා ගත්ත නිසා.

පෙරේරා @ එලකිරි

හික්ස්..ස්තුතියි පෙරේරා මල්ලි

මම කාලයක්ම ඔබගේ සටහන් කියවන්න බලන් හිටියා. ඒත් පසු ගිය කාලේ අප්ඩේට් නොවුන නිසා ආවේ නෑ මේ පැත්තේ.

දිගටම ලියන්නකො කියවන්න ආසාවෙන් ඉන්න බ්ලොග් වලින් එකක් මේකත් මට.

good story , you have lot of materials to write but your out put is not enough

හික්z

mata den 60 penala. nama denkale.apitath oya tikama wey neda?

ඇත්තටම මාර ප්‍රශ්නයක් නේද?

Oyatath thiyenne mara katha thama aiya Nice

එළ..එළ..

නියමයි තවත් ලියන්න...

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.