Turning Point.....

{ Wednesday, April 27, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }

යක්කු ගස්නගින වෙලාව පහුවෙලා පැය බාගයක් විතර ඇති. ඈතින් ඇහෙන ට්‍රොලියක කබල් සද්දෙන් ලෙඩෙක්ගෙ ටිකට් එකක් බලබල හිටපු මගෙ රාජකාරිය නවත්තල දාන්න වුනා. මොකද ට්‍රොලියකින් එන්නෙ අමාරු ලෙඩෙක් බව දන්න හින්ද.
ලෙඩාට කළින්ම ලෙඩාගෙ ටිකට් එක අතට ලැබුන. දුවගෙන ආපු කෙනෙක්ගෙන්.මේකට මම නම් හරිම කැමතියි. මොකද ලෙඩාට ප්‍රතිකාර කරන්න සාත්තු කරන්න කලිතියාම අපි ලෑස්තියිනෙ.
අවශ්‍ය සේලයින් , ඔක්සිජන් , බෙහෙත් වර්ග ළඟට ගන්න, අවශ්‍ය විදියෙ ඇඳක් හරි ස්ථානයක් හරි සූදානම් කරගන්න හැකිවෙනව එතකොට.
එතකොට ලෙඩාගෙ ස්වර්නමය කාළය (Golden Time) අපතෙ යන එක වැලකෙනව. සමහර විට එක තත්පරයකින් රෝගියාගෙ ජීවිතය තීරණය වෙන්න පුලුවන්..ඒකයි රෝහලට ඇතුල්වෙන මුල් මිනිත්තු කිහිපය ඔය නමින් හඳුන්වන්නෙ.
නම- කිරි බණ්ඩා
වයස- 72
පිහි ඇනුම් තුවාලයක් (Stub Injury)
හ්ම්.....ඔන්න ලෙඩාත් ආව...ආව නෙවෙයි ගෙනාව. පපුවට පිහියෙන් ඇනල..ලේ උතුරන තුවාලයක් වම් පැත්තෙ. ඈත තියාම පෙනුන විදියට නම් ටිකක් විතර පරක්කු වැඩිද කියල හිතුන..
නාඩි අහු වෙන්නෙත් නෑ....හුස්මත් නැවතිල..........................................................................
ඒ වෙනකොට වාට්ටුවට දුවගෙන ඇවිත් හිටපු ඩොක්ටර් ලෙඩාව පරීක්ෂා කරන්න ගත්ත.
අපි කාගෙත් මුහුණු වල තිබුනෙ බලාපොරොත්තු කඩවීමක්..වේදනාවක්...
" ඉන්දික, patient expired !"
ඩොක්ටර් මගෙ දිහා බලල කිවුව..
ඕක තමයි කතාව..ඒත් මේක මේවිදියට ඉවර වුනේ ඇයි????
කිරි බණ්ඩා දුප්පත් මනුස්සයෙක්. රස්සාව කිරි කැපිල්ල. මනුස්සය කිරි කපල එනකොට කවුද මදාවියෙක් පිහියෙන් ඇනල.
මොන හේතුවකටද දන්නෙ නෑ..
පපුව පළාගෙන බැහැපු කිරි පිහිය එළියට ඇදල දාල,
තුන් සක රියක් හොයාගෙන තමයි කිරිබණ්ඩව ඉස්පිරිතාලෙ ගෙනහල්ල තිබුනෙ.
මම හිතන්නෙ අපේ කතාවෙ Turning Point එක තමයි ඕක..කෝකද???

පපුවට ඇනිච්ච පිහිය ගැලෙවුවෙ නැත්නම් කිරිබණ්ඩ තවම ජීවතුන් අතර ඉන්නත් තිබුන.
මොකද අපි හිතමු ඇඟ ඇතුලට බහින පිහියෙන් ඇඟට ලේ සපයන නහරයක් (ප්‍රධාන ධමනියක්) කැපුනයි කියල. කැපුන ගමන්ම අර තදට බහින පිහියෙන් මේ නහරෙ යම් පමනකට සීල් වෙනව. ලේ පිටට ගලන එක අවම වෙනව. ඒත් ඉතින් ඒක එළියට ගත්තම හෝ ගාල ලේ ගලන්න ( අභ්‍යන්තර රුධිර වහනය ) පටන් ගන්නව. ඉතින් ලේ ගියාම ජීවිත අවදානම වැඩිවෙන බව අපි දන්නවනෙව!
ඉතින් කිරි බණ්ඩට වෙලා තිබුනෙත් ඔය දෙයමයි කියල මරණ පරීක්ෂණයෙදි ඔප්පු වුනා.

කිරි බණ්ඩගෙ සිද්ධියෙන් අපිට ගන්න තියෙන්නෙ යාලුවනේ...මොනව හරි බරපතල ඇනුම් තුවාලයක් වුනහම කවදාවත් ඒ ඇනිච්ච දේ ගලවන්න යන්න එපා..වැඩිය හෙල්ලෙන්නෙ ගැස්සෙන්නෙ නැතිවෙන්න ලෙඩාව ඉස්පිරිතාලෙට ගේන්න..
අදට ඇති..කිරිබණ්ඩගෙ කතාවෙ තවත් අතුරු කතාවක් තියෙනව..ඒක පසුවට ලියන්නම්කො..

අදහස් 13 ක් තියෙනවා "Turning Point....." ට

හොද උපදෙසක්.මට මතක් උනා පත්තරේක තිබ්බ සිද්දියක්,ගහකට නැගපු කෙනෙක් වැටිල, අර මැරිච්ච ගහක් යටිබඩද කොහෙද පසාරුකරන් ගිහින් තිබ්බෙ.මතක හැටියට ඒකෙනා ඉස්පිරිතාලෙට ගෙනල්ල තිබ්බෙත් ඇනිච්ච ලී කොටෙත් එක්කම.මම් හිතන්නෙ ඒ කෙනා ඒකෙන් මැරුනෙනැ.

ඒක ඇත්ත අයියා ඒ වගේම. ඇනලා තියෙන පිහියක් ගලවන එක පොලිස් පරීක්ෂනවලටත් බාධාවක් නේද ???

@නදී,
ඔවු ඔවු ඔය සිද්ධිය මටත් මතකයි!
@හසි,
ඔවු මල්ලි..පොලිස් පරීක්ෂනයක් තියෙනවද, නැත්නම් මරණ පරීක්ෂනේකුත් තියනවද කියල තීරණය වෙන්නත් පුලුවන් මේකෙන්!

මමත් ඔය වගේ කතා කීපයක්ම අහල තිබුනා. බ්ලොග් අවකාශේ ඉන්න මේ ගැන නොදන්න අයට මේක ගොඩක් වටිනවා. මේ ආකාරයට ශරීරය පසාරු කරගෙන යන බොහෝදේ නිසා වෙන හානිය අවම කරගන්න එය නොසොල්වා තබාගෙන රෝහලට ගේන එකෙන් පුළුවන් නේද? ඉතිරි කතාත් හෙමීට දාන්න. ආයෙම ලියන්න ගත්ත එක ගැනනම් සතුටුයි.

@ප්‍රියන්ත,
තැන්කූ !!

ගොඩක් වැදගත් ලිපියක්. ඔයාගේ හැම පෝස්ට් එකකින්ම අපිට යමක් කියලා දෙනවා.. ඔන්න මාත් පස්සෙන් එනෝ....

ඉගෙන ගන්න දෙයක් තියේ..

වැදගත් ලිපියක්. ඒ දේ කියල දුන්නට ස්තූතියි.

ගොඩක් වැදගත් ලිපියක්

හොඳ පාඩමක්.

නදී කියල තිබුන සිද්ධිය, ලංකාදීපෙ හරි දිවයිනේ හරි පින්තුරෙකුත් එක්කම පල වෙලා තිවුන.

දෙයක් ඉගෙනගන්න තියෙන ලිපියක්

අදයි මේ පැත්තෙ ආවෙ... ඔයා වෙනම ක්ෂේත්‍රයක කතා ලියන බවයි පෙනෙන්නෙ....දිගටම එන්නම්කෝ කියවන්න...

වැදගත් දෙයට මුල් තැන. බොහොම ස්තුතියි.

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.