නොපිපුන කැකුලක්....

{ Tuesday, August 23, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }

පින්තූරෙ ගත්තෙ http://www.teluglobe.com/wp-content/uploads/2010/06/Dead.ChildBurial_bhopal.jpg
මේ සිද්ධිය උනේ දැනට මාස කීපෙකට ඉස්සෙල්ලා. තාම ඇස්වලට උනපු කඳුලු වේලෙන්න තරම් වත් පරක්කු වෙලා නෑ.
නිශාන්ති, අපේ රෝහලේම සේවිකාවක්. වයස ඇති ඕනෙනම් තිස්පහක් විතර. රෝහලේ හොඳ සේවිකාවක් හැටියට නමක් දිනාගෙන හිටපු මෙයා වැඩට එන්නෙ ටිකක් දුර ඉඳන්, කිලෝමීටර් 25-30 ක් වගේ. ගෙදර ඉන්නෙ එයාගෙ බබයි, අම්මයි විතරයි. මහත්තය වැඩකලේ පොලීසියෙ, ඔය මඩකලපුවෙද කොහෙද දුරක.
පුංචි පුතාට වයස අවුරුද්දයි මාස පහයි. හරිම හුරතල්, සුදු පාටයි බෝලෙ වගේ මහතට හිටිය.
නිශාන්ති වැඩට එන්නෙ බබාව එයාගෙ අම්මට දාල. අම්මගෙ වයස 65ක් විතර. තමුන්ගෙ වැඩපල හොඳට කරගන්නව. ලෙඩකට තිබුනෙ ප්‍රෙෂර් විතරයි. ඒකටත් බෙහෙත් ගන්නව දිනපතාම.
ඒ මූසල දවස නිශාන්තිගෙ උදේ වැඩ තිබුන දවසක්. දවල් දෙකට විතර නිශාන්තිට කෝල් එකක් ආව ගෙදර එන්න කියල. විස්තරේ අහගෙන තිබුනෙ ඕවර්සියර්!
නිශාන්තිගෙ අම්ම දවල් දොලහට විතර එයාගෙ ප්‍රෙෂර් පෙත්ත බීල, බබත් එක්කම කාමරේ නිදාගෙන තිබුන. ටික වෙලාවකින් බබා ඇහැරුනා....
එයාගෙ සෙල්ලම් බඩු තිබුන තැනට ගිහිල්ල ටිකක් සෙල්ලම් කළා..අම්මා ගෙනත් දුන්න පුංචි බෝලෙ ඇරන් හැම තැනම දිවුව.
අනේ කුස්සියෙ මේසෙ යට තිබුන වතුර බේසමට බෝලෙ ගිහින් වැටුනනේ...!!!
ඒ මදිවට ඒක චීෆ් බෝඩ් කෑල්ලකිනුත් බාගෙට වහල.
නිශාන්තිල මේ බේසමට වතුර පුරවල තමයි කුස්සියෙ වැඩට පාවෙච්චි කරන්නෙ. මේක අර අඩියක් විතර ගැඹුරු ප්ලාස්ටික් බේසමක්.
පුංචි පුතා බේසමට නැමිල බෝලෙ ගන්න බැලුව. ඒත් බෝලෙ පාවෙවී බේසමේ කොනටම ගියානෙ...
අනේ පය ලිස්සල ගියපු පැටිය බේසමට වැටුන...චීෆ් බෝඩ් කෑල්ල හින්ද නැගිට ගන්නත් බැහැ.
අත්තම්මා....අත්තම්මා.......පුංචි පුතා මරු විකල්ලෙන් කෑ ගැහුව...
ඒත් අත්තම්මගෙ නින්ද තාමත් කැඩුනෙ නෑ.......
පැය බාගෙකට පස්සෙ අත්තම්ම නැඟිට්ට. පුංචි පුතාගෙ කිරි බෝතලේ එයාගෙම අතේ වැදිල පෙරලුන සද්දෙට...
හැම තැනම පුතා හෙවුව...කුස්සිය පුරාම වතුර හැලිල...
හ්ම්ම්ම්ම්..ඒ වෙද්දි පුතා අත්තම්මයි අම්මවයි හැමෝම දාල ගිහින් ඉවරයි!
පුංචි පුතාගෙ නිසල සිරුර ලොකු වතුර බේසමේ පාවෙනව දැක්ක අත්තම්මට කලන්තෙ හැදුන.
කතාව මෙච්චරයි! 100% ක්ම ඇත්ත කතාවක් යාලුවනේ. පුංචි දරුවො ඉන්න දෙමාපියො තමන්ගෙ කිරිකැටියව කොච්චර සීරුවට, උවමනාවෙන් ප්‍රවේසම් කරගන්න ඕනද කියන එකයි මේ කතාවෙන් අපිට ගන්න තියෙන්නෙ!

මේ බ්ලොග් එක අප්ඩේට් උනේ මෙන්න මේ ලොකු අයිය හින්ද! ඔන්න එයාගෙ නවාතැන
http://nursinglanka.blogspot.com ගිහිල්ලම බලන්නකෝ..දැනුමට විනෝදෙට!!

අදහස් 4 ක් තියෙනවා "නොපිපුන කැකුලක්...." ට

පොඩි අය එක්කනම් සෙල්ලම් බෑ තමා. නිතරම ඇහැ ගහගෙන ඉන්න ඕනේ..

@ deeps,

අනිවා..ඒකනේ කියන්නෙ..:(

අප්පෝ ඒක නම් ඇත්ත පොඩ්ඩ බැරිවෙන්න බෑ.මොකක් හරි කටේ දාගන.අතට අහුවෙන්නෙ මොනාද කෙලින්ම කටේ.හැමදේම අල්ලලා කරලා බලන්න ඕනේ.පොඩි බබාල පස්ස්සෙන්ම ඉන්න ඕනේ.ලේසි වැඩක් නෙමේ..

පව් අර බබා.

@ නදී,
කියල වැඩක් නෑ ඒකනම්, මේක ලියද්දිත් ඔන්න උඩ බලන් ඉන්නවා පුතණ්ඩියා!

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.