ජිම් එකේ අයියන්ඩි...

{ Monday, August 24, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින්..http://www.lifeinyouryears.net/blog/wp-content/uploads/2008/07/bicepcurl.jpg

මේ අත්දැකීම මගෙ යාලුවෙකුගෙ එකක්. ඔය යාලුව මහ රෝහලක නෙව වැඩකරන්නෙ. ඔන්න එහෙනම් කතාව.
වයස අවුරුදු දාසයක, දාහතක වගේ පිරිමි ළමයි හතර දෙනෙක්ම එකවර යාලුව වැඩකරන වාට්ටුවට ඇතුල් වෙන්න ඇවිත්. හතර දෙනාටම තියෙන්නෙ එකවාගෙ රෝග ලක්ෂණ ලු. මේ ගොල්ල එකම ප්‍රදේශයෙ අයලු. ඒත් වෙනස් ඉස්කෝල වල, වෙනස් ගම් වල අයලු. මෙයාලට තිබිච්චි ලෙඩේ, අත පය වෙවුලනවලු, ඇස් නිලන්කාර වෙනවලු, ඇඟපත පණ නැතිවෙනවලු දවසට දෙතුන් සැරයක්.
මගෙ යාලුව ඉන්නෙ ස්නායු සම්බන්ධ වාට්ටුවක. ඉතින් වාට්ටුවෙ ඩොක්ටර්ස්ල එක එක පරීක්ෂණ කරල, එක්ස් රේ ඇරන්, සී.ටී ස්කෑන් කරල, ස්නායු සම්බන්ධ පරීක්ෂණ කරල, නමුත් මේ ලෙඩේට හේතුව නම් හම්බ වෙලා නෑ. එක එක ඉස්කෝල වල, ගම්වල හින්ද කෑමෙන් වතුරෙන් ලෙඩේ හැදුන කියල හිතන්නත් අමාරුයිනෙ.
කොහොම කොහොම හරි මෙයාලගෙ Social History (සමාජ තොරතුරු ) ගනිද්දි පුන්චි කාරණයක් එළි කරගන්න පුලුවන් වෙලා. ඒ තමයි මේ අය ඔක්කොමල්ලා අවුරුද්දක විතර ඉඳල ටවුමෙ තියන ජිම් එකට( කාය වර්ධන මධ්‍යස්ථානෙට ) යනවයි කියන එක. ඒත් මේ ළමයි හතර දෙනාම කෙට්ටු අයලු. අපේ අය විහිලුත් කළාලු ඒක කියල. ඒත් ඉතින් ජිම් යන්නෙ මේ අය විතරක් නෙවෙයි නෙ. එහෙනම් අනිත් අයටත් මෙහෙම වෙන්න එපායැ.
ඉතින් මේ කාරනේ ගැන ටිකක් වැඩිපුර හොයාගෙන යද්දි, මේ එක ළමයෙක් කියල තියනව ජිම් එකේ අයිය හැමදාම ජිම් එකට ගිය ගමන් එයාලට කිරි වීදුරුවක් බොන්න දෙනව කියල. තවත් කෙනෙක් කියල ඒ කිරි එකට මොනවද පෙති දෙකකුත් දියකරනව දැකල තියනව කියල. මේ ගොල්ල ජිම් එකට ගිය අවුරුද්දක විතර කාලෙ ගිය හැමදාම මේ කිරි වීදුරුව ලැබුනලු. හැබැයි ඒක දෙන්නෙ කෙට්ටු අයට විතරයලු. ඒක බිවුවම ඇඟට මාර ෆිට් ලු.
ඉතින් මෙයාලට කරන්න ඕන විශේෂ ප්‍රතිකාර කළාම දවස් ගානකින් පස්සෙ අර ලෙඩවල් ටික ටික අඩු වෙන්න ගත්තලු.
කොහොමින් කොහොම හරි දවසක් වාටිටුවෙ අය කථාවෙලා මේ දරුවන්ගෙ අම්මල තාත්තල සිද්දිය ගැන දැනුවත් කරල, ඒ ගොල්ල මාර්ගයෙන් අර "ජිම්" අයියව වාට්ටුවට ගෙන්නගෙන තියෙනව.
නර්ස්ල , ඩොක්ටර්ස්ල එකතුවෙලා ජිම් අයියන්ඩිගෙන් අහල තියනව මොනවද මේ ළමයින්ට දෙන කිරි කියල. මෙයා වෙළඳපොලේ තියන කායවර්ධනයට ගන්න කිරි වර්ගයක නමක් කිවුවලු. පස්සෙ අහල තියනව අර කිරි එකට දියකරල දෙන පෙති මොනවද කියල. මිනිහ කිවුවලු එහෙම මොනවත් දෙන්නෙ නෑ කියල. සෑහෙන පාරක් ඇහුවත් කිවුවෙ නැති තැන, රෝහල් පොලීසියෙන් ගෙන්නල, ඇසින් දුටු සාක්ෂිත් තියන හින්ද ඇරෙස්ට් කරනව කියල බයකළාලු. මනුස්සය බයටම ඇත්ත කිවුවලු.
එයාට ඒ පෙති හම්බවෙන්නෙ මැද පෙරදිග ඉන්න නෑදෑකෙනෙක්ගෙන්ලු. එහේ ක්ලබ් වල ඒව පාවිච්චි කරනවලු. මෙයා මේව කෙට්ටු අයට දුන්නෙ මහන්සි නැතිව ව්‍යායාම කරන්න පුලුවන් වෙන්නලු.
අන්තිමට මේ පෙති ගැන හොයල බැලුවම ඒව Opium අඩන්ගු මත් පෙති වර්ගයක්ලු..!! (Opium කියන්නෙ හෙරොයින් වගේම පොපි ගෙඩි වලින් හදාගන්න විෂ මත් ද්‍රව්‍යක්.)
පින්තූරෙ තියෙන්නෙ පොපි ගෙඩියක්. මේවයෙ කිරි වලින් තමා Opium හදන්නෙ. පේනවද ගෙඩිය සූරල කිරි ඇවිත් තියන හැටි.
පින්තූරෙ ගත්තෙ මෙතනින්..eldib.wordpress.com/.../
ඔන්න ඉතින් ඔය කරුණු කාරණා එළි පෙහෙළි උනායින් පස්සෙ අපේ "ජිම්" අයියන්ඩි පොළිස් අත් අඩන්ගුවට පත් වුනාලු. නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම, බාල වයස් කාරයන්ට ලබාදීම..ආදී මෙකී නොකී වැරදි වලට.පොළීසිය විශ්වාස කරන්නෙ මෙයා මේව අත්හදාබලන්න දරුවන්ට දීල තියනව කියලලු.
ඔන්න ඕක තමයි යාලුවනෙ කතාව. ඉතින් අපි අපේ සමාජය ගැන කොච්චර අවධානයෙන් ඉන්න ඕනෙද? අපේ දරුවො, නන්ගිල මල්ලිල යන එන තැන් විතරක් නෙමේ කනබොන දේවල් ගැන පවා විමසිලිමත් වුනොත් අපිත් අපේ පුන්චි පරම්පරාවත් මේවගෙ නරුම මිනිස්සුන්ගෙන් බේරගන්න අපිට හැකිවේවි.

අදහස් 23 ක් තියෙනවා "ජිම් එකේ අයියන්ඩි..." ට

//වාට්ටුවෙ ඩොක්ටර්ස්ල එක එක පරීක්ෂණ කරල, එක්ස් රේ ඇරන්, සී.ටී ස්කෑන් කරල, ස්නායු සම්බන්ධ පරීක්ෂණ කරල, නමුත් මේ ලෙඩේට හේතුව නම් හම්බ වෙලා නෑ

ඇ මචෝ එතකොට රෝහලක ඔය පරීක්ෂණ වලින් මත්ද්‍රව්‍ය අරගෙනද කියල දැනගන්න බැරිද? ඒකටම නියමිත පරීක්ෂණයකින් විතරද දැනගන්න පුළුවන්?

හපොයි.... මාර සීන් එකක්නෙ...

අයියේ පොඩි අදහසක් කියන්නද? මෙහෙම කියන එක හරිද මන්දා? ඒත් ඔයා මේකෙ දේශපාලන කතා, මඩ ගැසීම් වගේ දේවල් ලියන්නේ නැති හින්දා මේ comment moderation එක අයින් කරන්න. ඒක මේකට කමෙන්ට් කරන අයට පහසුවක්.

එළ එළ සහෝදරයා අපිව මෙහෙම දැනුවත් කරනවාට ස්තූතියි .......!!

හෙහෙ.. අන්න ඒකනෙ (යාලුවො කියන විදියට පරඬැල වගේ) කෙට්ටු වෙලත් මම ජිම් නොයන්නෙ :D හැම එකාම කියන්නෙ "යකෝ ජිම් ගිහින් ඇඟ හදා ගනිං !" කියල :D

මේ රසකතා වලින් ජීවිතයට ගත යුතු පාඩම්... ඉදිරියටත් මේ වගේ දේවල් ගැන අපව දැනුවත් කරන්න සුභ පැතුම්. :)

ජීවන්ත යාලුවට,
මේ ඩ්‍රග්ස් වර්ග අපේ රටට තාම අලුත්නෙ.ඉතින් අපේ අයට මේව ගැණ අත්දැකීම් පවා ටිකක් අඩුයි.ඊටත් වඩා කවුරුත් ඒ අය ඩ්‍රග්ස් ඇරන් කියල හිතල නෑ අර කතාව දැනගන්නකල්.ඒකයි හොයාගන්න බැරිවෙලා ඇත්තෙ.
ස්තූතියි කමෙන්ට්ස් වලට..!

Kanishka යාලුවට,

ඔවු..මාර සීන් එකක් තමා ඇත්තටම..ස්තූතියි!~

නම නොදන්නා යාලුවට,

ඔයාගෙ අදහස හොඳයි වගේ..මම මේක දැම්මෙ ඔය සමහරුන්ට සුද්ද සිංහල හෙම මතක් වෙනවනේ..ඒකයි..!ස්තූතියි බොහොම

ස්තූතියි යුරාජ් මල්ලී!

ප්‍රවීන් ඉන්ද්‍රනාම යාලුවට,

හික්ස්..හැම ජිම් එකක්ම මෙහෙම නෑ යාලුවේ..ඒත් මහත් වෙනවට වඩා කෙට්ටුවෙන එක දාහෙන් සම්පතයි නේද?

ශාකුන්තල යාලුවේ..බොහොම ස්තූතියි!

පොඩි උන් දෙන්න දැන ගන්න ඕන දෙනදෙන ජරාව නොබොන්න. හැමදේටම පනතක් තියෙන එකේ ජිම් වලටත් මොකක් හරි තියෙන්න ඕන. අනිත් ජිම් මුදලාල තව මොන මොනව කරනව ඇතිද? උන්ට ඕන සල්ලි නේ

සමහර කෙට්ටු අය මහත් වෙන්න නොකරන දෙයක් නෑ. හැම ජිම් එකක්ම ඔහොම නෑ. ජිම් එකක් තෝරනකොට ඔය ගුබ්බෑයං වල තියන ඒව නැතුව හොඳ වගකිව යුතු එකක් තෝර ගත්තනං හරි. හැබැයි ජිම් එකකට ගියාම ඇඟට මාර සනීපයක් තියෙන්නෙ.

ushan මල්ලීට,
ඔවු සල්ලි වලට ඕන දෙයක් කරයි සම-හරක්

අනූ ට,

ඔවු ඔවු..හැම එකක්ම නරක නෑ.ඒත් මෙහෙම අයත් ඉන්නවා..!

ඕකනෙ කියන්නේ " බැරි වැඩ නොකරන් අබරෝ කියලා".
නම ධාතුසේන.., ඇඟේ ධාතු කඳුලක් නෑ...

@අනූ: හරියට නිකං මොරටුව UnderWorld වගේද..? හිකිස්..!
[විහිලුවට කිව්වේ හරිය..?]

LishWish යාලුවට,

මරු කතාව..හික්ස්!

ප්‍රවීන්ට වගේම තමා මටත්. ඒත් ඉතින් මේ ටික හොඳටම ඇති. :P
බ්ලොග් එක දිගටම කරගෙන යන්න. මගෙන් සුබ පැතුම් :D

සුදු මහත්තයා යාලුවට,

බොහොම ස්තූතියි!

මහරගම පමුණුව පාරෙ ජිම් එකක් තිබුන ඉස්සර ඒකෙ නම "තීව්ස් ජිම්".

අනූ යාලුවට,

ඒක නම් මරු නම..නම වගේමද දන්නෑ වැඩ..!හිකිස්..!

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.