තු - ආලය.......

{ Tuesday, April 26, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }



ඕන්න කාලෙකට පස්සෙ ආපහු බ්ලොගේ පැත්තට ආව. හැමදාම වගේ කෝල් කර කර බ්ලොග් එක ලියන්නෙ නැද්ද කියල අහන යුරාජ් මල්ලිට බොහොමත්ම ස්තුතියි..ආපහු මේ පැත්තට එන්න පාර මතක් කළාට!!!

හ්ම්....ඉතින් මේ කතාව මගේ ට්‍රේනින් කාලෙ වෙච්ච සිදුවීමක් එක්ක බැඳිච්ච එකක්. හදිසියෙම මට ඒක මතක් වුනා තවත් ලෙඩෙක්ව දැකල....

ඒ දවස් වල මම Surgical Casualty Ward එකේ ඉන්න කාලෙ.
සුපුරුදු මූණක්...පුරුදු කටහඬක්....
"මහත්තයා.."
"ම්....."
"ආ...නි..හාල්. ආපහු අපිව බලන්න ආවද? ආ..."
" ඔවු මහත්තයො..මගෙ මේ තුවාලෙ තාම අඩු නැහැ නෙව..!"
"හ්ම්...ඒකතමයි...දෙන්නකො ටිකට් එක.."
නිහාල් ගල්වලක ලියන මහත්තයෙක්. මීට මාස තුන හතරකට විතර ඉස්සර මනුස්සයගෙ කකුල තුවාල වෙලා, මේ ගල්කෑල්ලක් වැදිල.
දනහිසේ තමයි තුවාලය තිබුනෙ. සාමාන්‍ය තුවාලයක්..OPD එකෙන් බෙහෙත් දමල යවල තිබුන. ඒත් නිහාල්ව මම අඳුරගත්තෙ දැනට ටික කාලෙකට කළින් අපේ වාට්ටුවට ආවම, එතකොට නම් තුවාලෙ ටිකක් ලොකුයි. හැබැයි හොඳට රතු පාටයි..පැසවල එහෙමත් නෑ.
ඊළඟට කීප වාරයක්ම නිහාල්ව මට වාට්ටුවෙදි හම්බ වෙනව... අර තුවාලෙත් ටික ටික ලොකුවෙනව..
" ම්..බලමු එහෙනම් තුවාලෙ.."
නිහාල් හොඳ පිරිසිදුවට තුවාලෙ තියාන ඉන්නව..එහෙවු එකේ මේක සනීප නොවෙන එකත් ලොකු ගැටලුවක්..
අනික මනුස්සය හොඳ නිරෝගියි..දියවැඩියාව එහෙමත් නෑ.
නිහාල්ගෙ තුවාලෙ බලපු විශේෂ වෛද්‍යතුමා සුපුරුදු පරිදි C & D, D (Clean & Dressing - Discharge ) කියල ටිකට් එකේ ලියල ගියා. හැබැයි වෙනදට ගෙදර ලඟම රෝහලෙන් බෙහෙත් දාගන්න කියල ලියල දෙන Diagnose Card එකේ අද ලියල තියෙන්නෙ අපේ රෝහලටම ඇවිත් බෙහෙත් දාගන්න කියල.
මට මේක ටිකක් අමුත්තක් වුන නිසා, පොඩ්ඩක් නිහාල් එක්ක දොඩමලු වුනා..
"නිහාල් කොහෙන්ද බෙහෙත් දම්ම ගන්නෙ..?"
" මමමයි මහත්තයො දාන්නෙ.."
" කොහොමද ඉතින් දාන්නෙ? මොනවද දාන බෙහෙත්?"
"මම ඔක්කොම ජාති ෆාමසියෙන් ඇරංගිහින් තියෙන්නෙ මගත්තයො."
තුවාලෙ ආයෙ මොකවත් නෑ සුද්ද කරනව ලේ එනකල්..
"සුද්ද කරන්න දාන්නෙ?"
"සුදු පාට වතුර.අර ඕසෙට පෙන නගින්නෙ"
"හ්ම්..පස්සෙ?"
"දම් පාට එක දානව..පුලුං කෑල්ලකින්..දාල වෙලනව "
"එතකොට නිහාල් ඕක ඉගෙන ගත්තෙ කොහෙන්ද?"
"ඉගෙන ගත්තෙ ඉස්පිරිතාලෙ බේත් දානව බලා ඉඳල..බේත් වර්ග ටික දුන්නෙ ෆාමසියෙ මහත්තය"
ඔන්න ඕකයි යාලුවනේ කතාව. එතකොට මොකද නිහාල් කරගෙන තිබුනෙ???
නිහාල් කියපු සුදු පාට වතුර බෙහෙත තමයි හයිඩ්‍රිජන් පෙරොක්සයිඩ් (H2O2). මේක දාන්නෙ සාමාන්‍යයෙන් අපද්‍රව්‍ය තියෙන, නරක් වෙච්චි හම් කෑලි තියෙන පැසවපු තුවාලයක් සුද්ද කරන්නයි. ඉතින් මේව දාල දවසට සැරයක් ලේ එනකල් සුද්දකළාම මොකද වෙන්නෙ?. තුවාලෙ ඇතිවෙන, සුවවීමේ පටක(
Granulation tissue) සේරම ගැලැවිල යනව. ඉතින් තුවාලෙ හොඳවේවියැ?
ඉතින් මේ ටික නිහාල්ට පැහැදිලි කරල දීල ..ඉස්පිරිතාලෙට ඇවිත් බෙහෙත් දම්මගෙන ඉක්මනින් තුවාලෙ සනීපකරගන්න කියල ගෙදර යැවුවයි කියමුකෝ..
එතකොට අපි මොනවද දැනගන්න ඕනෙ...
හැමවෙලේම ටිකක් බරපතල තුවාලයක් වුනාම ඒකට වෛද්‍ය නිර්දේශය මතම බෙහෙත් දාන්න ඕන. ඒ වගේම ඒ තුවාලෙට එකසැරේකට වඩා බෙහෙත් දාන්න වෙනවනම්, ඒකට දාන බෙහෙත් වර්ගය, ඒක සුද්දකරන්න ඕන මොනවයින්ද කියන තීරනය ගන්නත් වෛද්‍යවරයාටම ඉඩදෙමු. ඔන්න ඔය තීරනය තමන් හරි බේත් දාන කංකානම් මහත්තය හරි ගත්තොත් තමයි ලෙඩේ..!!!

අදහස් 10 ක් තියෙනවා "තු - ආලය......." ට

කාලෙකින් හරි ඇවිත් ලියල තියෙන්නේ වැදගත් දෙයක්. මේක ගොඩක් අයට වටිනවා ඉන්දික..

ඔන්න ඔය කතාව අපේ අම්මට කියන්න ඕන......එය ගෙදර දොස්තරනොනනේ.......හැම ලෙඩෙටම තුවාලේකටම බෙහෙත් එයා ගාව තියාගෙන ඉන්නවා.....

Priyantha යාලුවට,..ස්තුතියි
සිතුවිලි..යාලුවට, එහෙම අත්බෙහෙත් තියන් ඉන්න එක හොඳයිනෙ..හැබැයි ඉතින් බරපතල දේකට තමන්ම ප්‍රතිකාර ගන්න එක අවදානමක් නේ!

අය්යට බොහොම පින් මේ සිදුවීම එක්ක අපිට දෙන උපදෙස් වලට.මම් අහම්බෙන් මේ බ්ලොග් එක කියෙව්වෙ.බ්ලොග් පෝස්ට් ඔක්කොම එක හුස්මට කියවන් ගියා.මම් හිතුවෙ ලියන එක නැවතිලාය කියල.ආය නවත්තන්නෙ නැතුව දිගටම බ්ලොග් එක ලියයි කියල හිතනව,මොකද මේවගේ දේවල් දෑනගන්න එක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල මම් හිතන්නෙ.

අප්පේ ඇති යාන්තන් ආයෙත් ඇවිත් . .

blog eka elama kiri .. mata ahuwuna hodama eke...
thawa tika dawasak gihin pothak gahanna.....
hamotoma internet nane...

නදී, දුකා , ඇනෝ යාලුවන්ට,
මේ දවස්වල හරිම බිසී අනේ ;) (කම්මැලිකම=බිසී)
ඇත්තටම ආපහු ලියන්න පටන්ගන්න ඕන..ස්තුතියි ඔබතුමාලට\තුමීලට මාව දිරිමත් කරනවට!
(පොතක් ගහන එකනම් හොඳ වැඩක් තමයි යාලූ...බලමු බලමු..)

ගමේ වෙදාට ​​බඩේ පාර..

ඉස්සර මම තුවාල උනාම හංගගෙන ඉන්නව. තාත්තිට අහු වුනාම නම් අල්ලගෙන බෙහෙත් දානව හැබැයි එයා බෙහෙත් දාන්නෙ තුවාලෙ චුට්ටක් වේලෙනකල් විතරයි. ඊට පස්සෙ බලන්නෙවත් නෑ. (හොරෙන් නින්ද ගිහාම බලනව ඇති ඉතින් තාත්තනේ) ඉතින් ගොඩක් ලියමු මදි මදි මහත්තයගෙ වේගෙ නම්

සංජු මැඩම්, ඔයාගෙ බ්ලොග් එකට ගිහින් කොමෙන්ටුව කියවන්නකෝ!

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.