පත්තුවේ කතාව...

{ Monday, March 15, 2010 දින ඉන්දික විසින් ලියන ලදී. }
දැං ඡන්ද කාලේකියනවනේ. ඉතිං කාල බීල..කනවටත් වඩා බීල ,පොරවල් වෙච්චි අයියල හැමතැනම නිදහසේ සැරිසරනව නෙව. මේ දවස් වල රාත්‍රියට අපේ ශල්‍යවාට්ටුවෙ කාර්ය මණ්ඩලයටත් ඉස්පාසුවක් නෑ. මොකද කාල බීල , කළගුණ-කළ අගුණ හෙම සලකල පාරෙතොටේ වැටිල ඉන්න "පොරවල්", අඬු පඬු කෑලි නැතුව හූ කිය කියා අපිව බලන්න එන නිසා..
උදේට හිනාවේගෙන ඇමැටිල(ගරු ඇමතිතුමන්ල)එනව..හවසට අඬාගෙන ගෝලයො එනව..
අපිත් ඉතිං තැලිච්ච පොඩිවෙච්චට බේත් දාල..වැඩිපුර තැලිච්ච අහක් කරල දාල එහෙම ඊලඟ ඡන්දෙට වැඩකරන්න සුදුසු විදියට රෙපෙයාර් කරල දෙනව..
වැල් වටාරම් මදෑ..ඕං එහෙනම් කතාව..
ළඟදි දවසක අපේ ඉස්පිරිතාලෙ ශල්‍යවාට්ටුවට ආව තරුණ කොලුවෙක්..ආවෙ රෝද පුටුවක
නිකම්මත් නෙවේ සෑහෙන පිරිසකුත් පිරිවරාගෙන. කකුලකුත් බැන්ඩේජ් කරල..
" මේ අපේ අර ඇමැතිතුමාගෙ විශ්වාසවන්ත හිතවතෙක්..මේ කකුල පොඩ්ඩක් අප්සෙට් වෙලා"
ආපු මනුස්සයෙක් කිවුව.
මමත් ඉතින් පිරිවර සේනාව පොඩ්ඩක් එළියට යවල කොලුවව ඇඩ්මිට් කර ගත්ත. මිනිහගෙන් තුවාලෙ ගැන විස්තර ඇහුව.
" මම අර අහවල් ඇමැතිතුමාගෙ අහවලා..මම ගියපාර ඡන්දෙදි පෝස්ටර් අලව අලව ඉන්නැද්දි..........."
දැං ඉතිං ඉතුරු විස්තරේ අහන්න ඕනෙ නෑනෙ..මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් කියල ඇඳ ඉහලින් ගහන්නම් කියල මම කොලුවට කිවුව.
මෙයා පෝස්ටර් අලවද්දි තවත් කට්ටියක් පොල්ලකින් කකුල් වලට ගහලයි මේක වෙලා තියෙන්නෙ. රජයෙ රෝහලකින් ‍‍ x-ray කරල බලල, කකුලෙ දිග අස්ථියක පිපිරුමක් තියනව කියල ක්‍රේප් බැන්ඩේජ් එකක් දාලයි තිබුනෙ.
ඒ ඔක්කොම විස්තර මෙයාට දීල තිබුන Diagnosis Card එකේ ලියල තිබුන.
මනුස්සයව ඇඩ්මිශන් බෙඩ් එකට දාල, ඩොක්ටර්වත් ගෙන්නගෙන අපි දැන් ලෑස්තිය තුවාලෙ තත්වෙ බලන්නයි..
හරි ලස්සනට තුවාලෙ ඔතල තිබ්බ,හැබැයි කොලපාටට මොනවද මන්ද කකුල පිට පැත්තටත් ලීක් වෙලයි තිබුනෙ.
ඉස්පිරිතාලෙ කොල පාට බෙහෙතක් පාවෙච්චි නොකරන හින්ද, අපි ඇහුව
"මොනවද මේ කොළපාට ?" කියල
"ඔය අර .......වෙද මහත්තය බැඳපු පත්තුවනේ සර්..." කොලුව කිවුව.
පත්තුව කෙසේ වෙතත් ඉතින් තුවාලෙ අල්ලනකොට නම් මනුස්සය බෙරිහන් දෙනව.
එතකොටම අපිට තේරුනා වැඩේ කුරුවල් වෙලා තමයි කියල
ඔන්න ඉතින් සේලයින් වලින් පොඟවල හෙම බැන්ඩේජ් එක ගැලෙව්ව...කොලුව මරහඬ තලද්දිම.බොහොම හොඳ සුවඳක් හෙමත් පැතිරුනා
හපොයි..මෙන්න බැන්ඩේජ් එකත් එක්කම කකුලෙ හමත් ගැලවෙනව.
දනිස්ස ළඟ ඉඳන් පල්ලෙහාටම දාල තිබුන පත්තුවට යටින් හම සේරම නරක් වෙලා!!!!!
දැං මුලු කකුලම සම්පූරන තුවාලයක්!!!!!
මේක වාට්ටුවක් ඇතුලෙ සුද්ද කරන්න පුලුවන් තුවාලයක් නෙවේ කියල තීරනය වෙච්චි නිසා මෙයාව ශල්‍යාගාරයට යවන්නයි තීරනය වුනේ.
පැයක හමාරක යුද්දෙකින් පස්සෙ පත්තුවයි කකුලයි සුද්දකරල කොලුවව ආපහු වාට්ටුවට ගෙනාව..හැබැයි අති විශාල තුවාලෙකුත් එක්ක.
දැං ඉතින් තුවාලෙ වේලෙන්න බෙහෙත් විදිනව දවසට හය සැරයක්!
තිබුනෙ කකුලෙ අස්ථියක බොහොම පොඩි පිපිරුමක් විතරයිනෙ. ඔන්න ඉතින් දැං බෝනස් තුවාලෙකුත් තියනව.
ඕකයි කතාව..හිතන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයයි..අපි මොන වෛද්‍යවරයෙකුගෙන්, බටහිර හෝ දේශීය
මොන වෛද්‍ය ක්‍රමයක් විශ්වාස කළත් නියම සුදුසුකම් ලබපු කෙනෙකුගෙන් ප්‍රතිකාර ගන්නවනම් මේවගෙ දේවල් වෙන එක
වලක්ව ගන්න පුලුවන්.. එහෙම නේද යාලුවනේ?

අදහස් 18 ක් තියෙනවා "පත්තුවේ කතාව..." ට

උලව්වේ.., මෙච්චර කාලයක් කොහෙද අප්පේ ගිහින් හිටියේ..! කී දවසක් නං බැලුවද අද දායි හෙට දායි කියලා..? ඇත්තම කියපන් ඉන්දික සහෝ මේක උනේ උඹට නේද..? නැත්නම් මොන අහවල් එකකටද මේ තරං කල් මේ බ්ලොගේ පාලුවේ තිබ්බේ..?

ආයි එහෙම ඔයවගේ කොරලා තිබ්බොත් බලාගමු..! :P

ජයෙන් ජයම පතනවා..! :D

මගේ අම්මෝ යන්තම් ඇති උඹ ආවා. මට පේන්නේ ලිෂ් කිව්වා වගේ උබට නේද මේක උනේ? උඹේ අර ෆොටෝ බ්ලොග් එකක් පටන් ගත්තු යාළුවගෙනුත් මම ඇහුවා. පොරත් කිව්වෙ උඹ ඉක්මනට එයි කියලා ඒත් දැන් පොරත් ආගිය අතක් නෑ. :P

එල එල දැන් ඉතින් දිගටම ලියන එකයි.

ජය වේවා කිව්වා.

හික්ස්,
මට නම් මේක උනේ නෑ මචෝ..
හැබැයි ගිය අවුරුද්දෙ අග නම් දවස් 20ක් විතර ඉස්පිරිතාලෙ හිටිය උණක් හැදිල
ස්තුතියි අදහස් වලට ලිෂ් , රොයිලි යාලුවො දෙන්නටම
එහෙනම් ජයවේවා!!

ANE OW KOHEDA GIHIN HITIYE NURSE MAHATTAYO?

KOHOMA UNAT APU EKA GENA SATUTUI.

"අම්මයි බබයි" නංගිත් ඇවිත් තියෙන්නෙ..ස්තුතියි අදහසට!
ජය වේවා!

එන්න http://blog.inetlanka.com/

Where were you???

ඇමතිතුමා වෙදමහත්තයට නම්බු නාමත් එක්ක හොදට සලකයි... එතකොට ඔයා‍ලටත් පුලුවන් වෙයි වෙදාටත් බෙහෙත් දාන්ඩ

හෙහේ..තාම නම් වැඩේ වුනේ නෑ..
(උෂාන් මල්ලි..ආයෙ ආව එහෙනම්..හොඳා හොඳා..)

මේ දවස්වල එහෙමනම් දේශපාළුතුමාට පාඩු ඇති. කඩේ යවන්න හිටිය එකෙක් ඉස්පිරිතාලේ නිසා........... :) :) :)

ඇති යාන්තම් ආයෙත් ලියන්න ගත්තද...!! හොදා.. හොදා... :) දැන් ඉතින් කරදරත් අඩු ඇති නේ....!! :) අර ඇන්ටිව මතක් වෙනවා මට..... ඒ ගෑනි සනීපෙන් ඉන්නවද....?? ඒ ගැනත් පෝස්ට් එකක් දාමුද ....!!

මචන්.. මම අද අහම්බෙන් වගේ මේ බ්ලොග් එක දැක්කේ.. මේක බොහොම වටිනා බ්ලොග් එකක්.. නරකද මේක පොතක් විදියට එලි දැක වුවොත්?

අළුත් කොටස කියවන්න ආසාවෙන් ඉන්නවා....ඉක්මනටම අළුත් පෝස්ට් එකක් දාන්න.....................ඔබට ජයෙන් ජය........!!!!!!!!!!!!!!

අද තමයි මේ බ්ලොග් එක දැක්කෙ. ඔක්කෝම් කතා ටික එක හුස්මට කියවලා ඉවර කරා. දිගටම ලියන්න.

දේශීය වෛද්‍යවරු කියලා හිතාගෙන ඉන්න පිරිස නිසා තමයි මේහෙම වෙන්නෙ...

ආපු එක ලොකු දෙයක්.

හෆ්ෆා මටත් ඔහොම සීන් එකක් වුනා. පඩිපෙලකින් වැටිලා ඉස්සර කාලෙ නගුට තිබ්බ තැන පඩියක වැදිලා තැලුනා වගේ දැනුනා. වෙච්ච තැන හොද නැති නිසා ඉතින් කාටවත් පෙන්නන්නන්නත් ලැජ්ජාවට අපේ ගෙවල් පැත්තේ ආයුර්වේද ලේඩි ඩොක්ටර් කෙනෙක් ට පෙන්නුවා. (එයා නම් සුදුසුකම් ලත් එක්කෙනෙක්) එයා ඉතින් ගාන්න තෙලකුයි තැවිල්ලකුයි දුන්නා. දවස් 3 යි ගියේ. මට හිට ගන්න ඉද ගන්න නිදා ගන්න මොකුත් බෑ. අර තවපු තැන ඉදිමිලා. ඉතින් ශල්‍ය වෛද්‍යවරයෙකුට පෙන්නලා ශල්‍යාගාර ගත වෙන්න සිද්ධ වුනා එදා හවසම.

@සංජු

මදැයි ඔයින් ගියා :(

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.