ආරක්ෂාව පළමුව...

{ Monday, November 02, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }

පින්තූරෙ ගත්තෙ මෙතැනින් http://www.projectsmonitor.com/NewsImages/Photos/photo4/ICSA%20India.jpg
මම අද මේ කියන්න යන්නේ අලුතෙන්ම මට ලැබුන අත්දැකීමක්, ඔයාලට මතකද යාලුවනේ දැනට සති තුනකට විතර ඉස්සර මුලු ලංකාවටම සිදුවෙච්චි විදුලිය බිඳ වැටීම?. අන්න එදාට පහුවෙනිද තමයි මේ කතාව සිද්දවුනේ.
රුවන් බොහොම කඩවසම් කොලුවෙක්. තාම වයස අවුරුදු දහඅටයි. ඉස්කෝලෙ ගමන නතර කරල දාපු රුවන්ට රස්සාවක් ලැබුන. ඒ විදුලි බල මණ්ඩලයෙ සේවා සැපයුම් කොන්ත්‍රාත් ආයතනයක කම්කරුවෙක් විදියට.
රුවන් රස්සාවට ගිහින් ටික දවසකින් තමා අර ඉස්සෙල්ල කියපු පවර් කට් එක ආවෙ.
පහුවදා උදේ රුවන් ඇතුලු කන්ඩායමට පැවරුනා නගරයෙන් ටිකක් දුර පැත්තක සේවා කටයුත්තක්. බිම වැටිල තිබුන ඇලුමිනියම් වයර් එකක් ආපහු ස්ථානගත කරන එක තමා ඒ රාජකාරිය. මේ වෙනකොටත් විදුලි සැපයුම නොතිබුන හින්ද මේ අයට වැඩේ තවත් පහසු වුනා. රුවන් ලයිට් කනුවට නැගල ආරක්ෂිත බඳ පටිය දාගත්ත. මේක පාවෙච්චි කරන්නෙ අත් දෙකම නිදහස් කරගෙන ආරක්ෂිතව තමන්ගෙ වැඩේ නිම කරන්න කියල කවුරුත් දන්නවනේ. එයාට උදවුවට තව දෙන්නෙකුත් නැග්ග කනුවට. කැඩිල තිබුන කම්බිය පිළිසකර කරල තුන්දෙනාම අල්ලගෙන කනුව උඩ ස්ථානගත කරනකොටම කවුරුත් නොහොතපු අනපේක්ෂිත දෙයක් සිදුවුනා. හිතාගන්න පුලුවන්ද? කරන්ට් ආව.
යට හිටපු දෙන්න විසිවෙලා වැටුන. පහල කැලෑ රොදවල් පඳුරු නිසා ලොකු ප්‍රශ්නයක් නෑ.
කෝ එතකොට රුවන්? කම්බි දෙක අල්ලගත්තු රුවන් බඳ පටිය නිසා විසිවුනේ නෑ. එයා තාමත් හිටපු ඉරියවුවෙමයි..! වහාම ක්‍රියාත්මක වුන අනිත් සගයො රුවන්ගෙ අත් වලට ඒගොල්ල ගාව තියන ඉන්සුලේටර් බටයෙන් ගහල කම්බියෙන් ගලවගෙන බිමට ගත්ත.........
වේගයෙන් ආපු විදුලි බල මණ්ඩලයෙ වාහනය රෝහල ඇතුලට ආව. දරඳඩු වෙච්ච මනුස්සයෙක් ට්‍රොලියට ගත්තෙ..........ඒ.රුවන්..!! වාට්ටුවට වේගයෙන් ගිය ට්‍රොලිය වට කරගත්තු කාර්ය මංඩලය ඉක්මනින් හර්ද සම්බාහනය (Heart Massage ) පටන් ගත්ත. ඔක්සිජන් සමඟ කෘතිම ශ්වසනය දෙන්න තව දෙන්නෙක් දඟලනව. රුවන්ගෙ නිසල සිරුරට ජීවය දෙන්න ඒ වෙද්දිත් කාලය කියන නපුරා ඉඩදීල තිබුනෙ නෑ.
විනාඩි හතලිස්පහකට පස්සෙ හිසේ ඉඳල දෙපතුල ගාවටම සුදු රෙද්දක් පොරවගෙන රුවන් නිශ්චලව හිටිය. රුවන්ගෙ යාලුවො ටික තර්ක කරමින් හිටිය.
"ඌ අලුත් එකා..අපරාදෙ අපිට යන්නයි තිබුනෙ"
" නෑ බං ඌ දැනගන්න එපායැ පේස් එක අතාරින්න.."
වැරැද්ද කාගෙ අතේ වුනත් අසරන තරුණ ජීවිතයක් අහිමි වෙලා ඉවරයි. මේ සිද්දිය ඉවරවෙලා, මම වාට්ටුවෙන් එළියට බැස්ස මගේ යුනිට් එකට යන්න. රුවන්ව ගෙනාපු විදුලිබල මණ්ඩලයෙ නිල් පාට වාහනේ ගහල තියන වැකියකට මගේ දෑස යොමුවුනේ නිරායාසයෙන්මයි.
Safety First..!
ආරක්ෂාව පළමුව...
සියල්ල වචනයට, ස්ටිකරයට පමණක් සීමාවී ඇති සැටි....ඉතිරිය ඔබට හිතන්නට ඉතිරි කරමි..!

අදහස් 21 ක් තියෙනවා "ආරක්ෂාව පළමුව..." ට

safety first නම් වචනෙට විතරයි ඒත් ලොකුම ප්‍රශ්නය ඇයි එහෙම එක පාරට නැවත විදුලිය ලැබුනේ...ඇයි සන්නිවේදන උපකරණ නැතුවද ඒ අය දැනුවත් කරන්න

සියල්ල තියෙනවා මල්ලි නැත්තෙ පරිස්සම විතරයි..ඒ ඇතිනේ දෙයක් වෙන්න!

ඔය වගේ වැඩක් පටන් ගන්න කලින් විදුලිය ට්රා න්ස්ෆෝමරෙන්ම විසන්ධි කරනව නේද. වැඩේට සුදානම් වෙලා පටන් ගත්තනම් මේ වගේ අවාසනාවන්ත සිද්ධි වෙන්නේ නැහැ

හෆොයි විදුලිය එක්ක සෙල්ලම් නෑ.... :( මටත් මේ කෙලවෙලා ඉන්නේ අකුණක් වැදිලා ගෙදරට ......!! :(

ඔවු ප්‍රභාත් යාලුවෙ, ඒත් මෙයාල මුකුත් නොකර අතගහල තියෙන්නෙ වැඩේට!

යුරාජ් මල්ලිටත් වෙන කරදර..ඕක නම් තරහකාරයෙක්ගෙම වැඩක්..කවුරුහරි දෙයියෙක් තරහ කර ගත්තද? ;)

මොනා උනත් අපරාදේ තරුණ ජිවිතයක්!ගොඩක් කොන්ත්‍රත් පදනම් සේවකයන්ගේ ජිවිතවලට ඔය වගේ ඉරණම් වලට මුහුණ දෙන්න වෙනවා. මොකද නිසි පුහුණුවක් මේ අයට ලැබෙන්නේ නැති ගානයි නිසා.! පව්!

අවාසනාවන්ත සිදුවීමක්...

බොහෝම දුක්මුසු සිදුවීමක්........ මේව අපිටත් හොද පාඩම් මොකද අපිත් නොසැලකිලිමත්ව විදුලිය සමග කියා කරනව
දිගට ලියාගෙන යන්න ඔබතුමාට සුභ පැතුම්

අපෙ ලන්කවෙ මිනිස්සු work safety ගැන නම් බොහොම අඩුවෙන් සලකන්නෙ. දුකුම්සු සිදුවීමක්

Sorry about writing in English.
Safety is a mindset, it is not easy to get into.
I work at a company that owns number of mining/milling operations in Canada. Safety to a large part is being implemented by 'force'. By forcing people to follow procedures, as simple as locking out (de power) the equipment before opening the covers.
Supervisors check whether this has been done. If not there could be deciplinary action.
This again is because the Company is liable for any accidents. Loss of life could have irrepairable ramifications.
Trying to short cut as well as trying to pass on the blame, rather than doing something to prevent accidents happening, is human nature. I see it all the time.
Bad part is doing something involves finding out what actually happened, and where things went wrong. No body likes that, since we all could get blamed for our part. But that is what will lead to a change.

අයියෝ පවු . . . නොසැලකිලල්යි සංනිවේදනය නැති කමයි නිසා අපරාදේ තරුණ ජීවිතයක් නැති වුනා . . .. හොඳ පාඩමක් ඔයා පිට ඉගැන්නුවේ ඉංදික . . . ස්තූතියි

ඒ කියන්නෙ ඔය වයර් අල්ලනකොට අත්වැසුම් නැතුවද මේ අය අල්ලන්නෙ? ඕවට විශේෂිත අත්වැසුම් ජාතියක් තියනව. කෙ‍හොම උනත් අපේ රටේ ඔය වගේ රස්සාවලට යවන්නෙ හරිහැටි පුහුණුවක්වත් දීල නෙමේනෙ.. අපරාදෙ තරුණ ළමයෙක්. :'(

Sorry about My English
Yes Safety is negelected in our country, Human life has no value. Training is only to the job not to do the job safeley. Personal Protective like gloves are the last resource, First thing remove the danger . Power isolators should be switched off and padlocked and the key should be with the field supervisor, power should be re-stored only after evry body are in safe locations

This is to Indika why dont you write to a National paper your experience need a more audience than the blog readers
Thanks
Sisira from Australia

මචෝ මොකෝ මේ කාලෙකින් පෝස්ට් එකක් නොදැම්මේ. මම ගාව ඔයාගේ මේල් එක නැහැ. ඒකයි මෙතන ලිව්වේ. පුලුවන් නම් මට මේල් එකක් එවහන් මචෝ. royly [at] baiscopellk [dot] com

අයියෝ නොවිය යුතු දෙයක්...
මොනව කරන්නද දැන් ඉතින්...
ඔයවගේ දෙයක් වුනාට පස්සෙවත් පාඩමක් ඉගෙන ගනීද දන්නෙ නැහැ.

මොකද මේ blog එක ලියන‍්නෙ නැද්ද ?

@ Anonymous,
ලියනවෝ....

එළ

එළ එළ

එළ එළ

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.