ආයුබෝවන්.....(මම ගැන)

{ Sunday, August 09, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
මම ඉන්දික. අවුරුදු කීපයක් රජයේ රෝහලක හෙද නිළධාරිවරයෙක් විදියට සේවය කරල ලබපු විශේෂ අත්දැකීම් කීපයක් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ බ්ලොග් එක ලියන්න හිතුවෙ. මේව මම පුද්ගලිකවම මුහුණදීපු අත්දැකීම්. මගෙ යාලුවන්ගෙ අත්දැකීම් වලිනුත් යමක් ලියන්න හිතන් ඉන්නව. තව පුංචි දෙයක් කියන්න ඕන, කිසිම අයෙක් හෝ රැකියාවක්/සේවයක් අපකීර්තියට පත්කිරීම හරි කිසිම අයෙක් හෝ රැකියාවක්/සේවයක් කීර්තියට පත් කිරීම හරි මේ බ්ලොග් එකේ අරමුණ නෙවෙයි.මම තාම නවකයෙක් බ්ලොග් කලාවට. ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා. එකේ වාට්ටුවට ගොඩවෙන්න....ආයුබෝවන් කියල පිළිගන්නව.
මාව අමතන්න පුලුවන් මේකෙන්..
indika_bhm@yahoo.com

අදහස් 52 ක් තියෙනවා "ආයුබෝවන්.....(මම ගැන)" ට

ohoma yan!!!!!

ස්තූතියි!

ජයවේවා. වැඩේ හොඳයි. මං කැමතියි.
ඉස්පිරිතාලවල කතා නං රස කතා විතරක් නෙමේ නේද?
මං දාගන්නං ලින්ක් එකක්.

කතන්දර කාරයා

මෙසේ අත්දැකීම් බෙදාහදා ගැනීම ඉතා වැදගත්. මේ සඳහා හැම කෙනෙකුම යොමු කර ගන්නයි අපිත් උත්සාහ කරන්නේ.

www.w3lanka.com
www.lankapolity.com

ඔවු ඔවු ගොඩක් නීරස කතා තමයි...!

Para යාලුවෙ..බොහොම ස්තුතියි..!

ඔක්කොම හොඳයි බන් හැම බ්ලොග් එකේම කොමෙන්ට් දදා උඹේ එක බලපං කියල ස්පෑම් කරන එක ඇරෙන්න. ඒ වගේ වැඩ කොරන්න එපා කොල්ලෝ.. අනිත් අයට වාතයක් වෙන විදියෙ වැඩ කරන්න එපා..

ඔහොම යං... කෝ ඔයාගෙ බ්ලොග් එක සින්ඩිට දැම්මෙ නැද්ද?

නිශ්ශංක අලගක්කෝනාර යාලුවට..ස්තුතියි..අඩුපාඩුව පෙන්නුවට..ඔන්න මම ඒ වැරැද්ද හදාගත්ත.සමාවෙන්න.!

තාරක සමරණායක යාලුවට,
ඒ කිවුවෙ මචෝ..තේරුණේ නෑ..මම තාම අලුත්..එකේ පන්තියෙනේ!

මචං මම කිව්වෙ සිංහල බ්ලොග් සින්ඩිකේටරේ ගැන. උඹෙ බ්ලොග් එක ඒකෙ ලියාපදිංචි කලාම උඹ ලියන හැම දෙයක්ම සින්ඩිකේටරේ දිස් වෙනවා ස්වයංක්‍රීයවම. එතකොට උඹේ බ්ලොග් එක බලන්න කියලා හැම තැනම කමෙන්ට්ස් දාන්න ඕනෙ නෑ. මෙතනින් පුලුවන් ලියාපදිංචි වෙන්න.
http://blogs.sinhalabloggers.com/add-blog/

තාරක සමරණායක යාලුවට,
පින් සිද්ධ වෙනව මචෝ..අපේ යුරාජ් යාලුවත් මේ ගැන කිවුව.
ඔන්න දැන් හරි..ස්තුතියි

එළ එළ සහෝ..දිගටම ලියන්න.. :)

පොතේ ගුරා යාලුවට,
ඔයාල තමයි මගෙ ගුරුවරු..මම කරන වැරදි පෙන්නල දෙන්න..අනේක වාරයක් ස්තූතියි..

ela ela . . onna apith nithara nithara enawa hode. . . !

දුකා යාලුවට,
එන්න එන්න ආදරයෙන් පිළිගන්නව..!

ඔන්න මමත් ආවා බලලා යන්න... දැන් ඉතින් මම නිතරම එනවා බලලා යන්න හොදේ... :)

ආහ් ඔය දාගෙන තියෙන්නේ සින්ඩියට......

අපිම ඉන්න ඕනා ඉතින් ඕවා කියලා දෙන්න...... :D

එල එල මචෝ ඔහොම යන්.... ඔහොම යන්.... :)

බලු දොස්තරලා ගැන එහෙම කතා තියෙනවා නම් දාපන් හොදේ (දන්නවනේ මොක්කු ගැනද මම කියන්නේ කියලා.......??)

WORD VERIFICATION අයින් කරන්න..... ඒක මහ ඇණයක්..... :(

හරී... ඔන්න මමත් ඉන්නවා කියවන්න.. ලියන්න ලියන්න.. සුභ පැතුම්.

සුභ පතනවා....!!!
ඔහොම යං....
අපි ඉන්නවා ඔබත් එක්ක කතා අහන්න.අපි තාම පොඩි ලමයිනේ ඉතිං.
හිහි...

nevi යාලුවට,
මාලී සහ හසී යාලුවන්ට,

ඔයාලගෙ සුබ පැතුම් මට ලොකු දිරියක්..බොහොම ස්තූතියි යාලුවනේ...

යුරාජ් මල්ලී..

උඹ මට මාරම හයියක් කොල්ලෝ..උඹනම් මගේම සහෝදරයෙක් වෙන්න ඇති කොයි කාලෙක හරි..!

ඔය තියෙන්නෙ නියම කතා ටිකක් දැනටමත්. ලස්සනට ලියල තියෙනව එව්ව. දිගටම ලියාගෙන යනවනම් අපිත් දිගටම එනව.

Gayan Balasooriya යාලුවට,

එන්න එන්න..බොහෝම ස්තූතියි ඇගැයුමට!

ලින්ක් එක දාගන්න අහන්න දෙයක් නෙවෙයි....:D,
මං හිතන්නේ ඔබ අපිට නොලැබෙන අත්දැකීම් ගොඩාක් ලබලා ඇති, දිගටම ලියන්න. අපෙන් සුභ පැතුම්.

www.kadaima.blogspot.com

ඔයාගෙ පරණ ලිපි වල ලියපු දවස, වෙලාව වෙනස් කර කර පරණ ඒවා උඩට දාන්නෙ නැත්නම් හොඳයි. මොකද එහෙම කලාම අපිට ඔයාගෙ අලුත් ලිපි මගහැරෙනවා. බලන්න මේ ලිපිය මුලින්ම ලියලා තියෙන්නෙ අගෝස්තු 9. ඒත් අද ලිව්වා කියලා තමයි පේන්නෙ. ඒක එක අතකින් කියවන අයටත් කරදරයක්. තරහ වෙන්න එපා මේ ටික කිව්වට. හිතවත්කමටයි කිවෙ. ඔයා කවුද කියල බලන අයට පේන්න Profile එකට link එකක් දාන්න මුල් පිටුවෙ.

එල එල ක‍රගෙන යමු . අපි දෙන්නම් සප් එක

Palitha යාලුවට,රන්දීර යාලුවට,

බොහොම ස්තුතියි..!.ඔවු,ඔයාල තමයි මගෙ ශක්තිය

තාරක සමරණායක යාලුවට,

මේව කිවුවම තරහ වෙනව නෙවේ සහෝදරයා,යාලුකම තවත් වැඩිවෙනවා.මම දැන්මම ඒක හදන්නම් කෝ.මම තාම අලුත් නේ.ඉතින් මෝඩ වැඩ කරනව.බොහෝම ස්තූතියි ..!

මටත් කැස්සක් තියෙනවා දෙපාරක් බෙහෙත් ගත්තා තාමත් අඩු නැහැ පුළුවන්නම් මටත් උදව්වක් කරන්නකෝ...

chamila යාලුවට,

මොනාද මගෙන් කෙරෙන්න ඕනෙ..පුලුවන් දෙයක් නම් අනිවාර්යෙන්ම කරනව!

ආයුබෝ.. වේවා... මේ බ්ලොග් එක මම දැක්කෙ ගොඩක් පහු වෙලා. Comment වලින් මේ පිටුව පිරිලා තිබුණත් මොකවත් කියන්නෙ නැතුව යන්න හිතුණෙ නෑ. :)

ශාකුන්තල යාලුවට,

බොහොම ස්තූතියි..මාව දිරිමත් කරනවට

මම මේක දැක්කේ සින්ඩියෙන්. ජයවේවා! තවත් සෞඛ්‍ය සේවයේ කෙනෙක් බ්ලොග් අවකාශයට ඇවිල්ලා. ඉස්පිරිතාලේ තරම් රසකතා තියෙන තවත් තැනක් නැති තරම්. ඒ රස කතා අනික් අයටත් බෙදා ගන්න සැලස්වීම ලොකු දෙයක්.

බොහොම ස්තූතියි..ඩොක්ටර්..ජයවේවා..

කාලෙකට පස්සේ දුටු හොඳ බ්ලොග් එකක් ඇත්තටම මේ අත්දැකිම් ලියල ඔබ් කරන්නේ ලොකු සෙවයක්. අද සෞඛ්‍ය සෙවයේ ඉන්න සමහරු හිතන්නේ බෙහෙත් ටික දුන්නම් වැඩේ ඉවරයි කියල. එත් දෙයක් වෙන්න කලින් වැලැක්වීමයි වැදගත්. ඒදේ කරන්න මෙ බ්ලොග් එකෙනුත් ලොකු සෙවයක් වෙනවා කියල් හිතනවා. මම ඔබට සුභ පතනවා බ්ලොග් ලිවිල්ලට විතරක් නෙමේ අහිංසක රොගීන් වෙනුවෙන් කරන සෙවයටත්

akila87යාලුවට,

බොහොම ස්තූතියි..මාව දිරිමත් කරනවට

මම අදයි දැක්කෙ මේ බ්ලොග් එක. දිගටම දාල තිබුණ පෝස්ට් ඔක්කොම කියෙව්වා. මම සුභ පතනවා ඔබට. ගොඩාක්ම වටිනා බ්ලොග් එකක්.

UthMAX යාලුවේ ස්තුතියි කමෙන්ට් එකට!

මමත් අද නේ දැක්කේ ඔයාගේ බ්ලොග් එක
ගොඩක් වටිනව කම්මැලි නැතුව කියවන්නත් පුලුවන් ඒතරමට රසවත්ව ලියලත් තියනව දිගට ලියන්න යාලුවේ

nice site keep it up..

congrats from http://dzoneonline.com/

දැන් ලියන්නේ නැත්තේ මොකෝ.දිගටම ලියන්න.
මේක හරිම රසවත් ඒ වගේම හරිම වැදගත්.

ඇත්තටම හොඳ වැඩක්. එකේ වාට්ටු වේ රස කතා කිව්වට, මේ රස කතා ඇතුලෙ අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව.

Good Job Indika Ayya..Keep it up...Good Luck...!!!

Lassanata kata tika ayya liyala tiyenawa man me blog eka gana dan naha elekiri eke MR.perera ge tread eken me gana dana gatte attatama mara lassanata kiyawanna asa hitena vidihata liyala tiyenawa ...digatama liyanna

ඕන්න ඉන්දික සේරම කතා ටික එක හුස්මටම කියෙව්ව.. ඇත්තටම වටිනා උපදේශ එක්කම තමයි කතාව ලියවිලා තියෙන්නෙ.. හරිම වටිනව.. කාලය තියෙන වෙලාවට වැඩි වැඩියෙන් ලියන්න.. මොකද වටිනා ලිපි ටිකක්.. සිද්ධිය වගේම අපිට ඉගෙන ගන්න දෙයකුත් තියෙනවනෙ..

Katha bagayakma Kiyevwa maru thawa katha ona apita mara katha thama Hosptl walath wenne Api thawa katha liyanakan balan inawa :D Good Luck aiya :D

@ Crazy H,
තෑන්ක්ස් නංගා!

අද තමා අයියාගේ බ්ලොග් එකට ආවේ...
හුඟාක් විස්තර දැන ගත්තා...හුඟාක් ස්තූතියි

කලෙකට පස්සේ හොද බ්ලොග් එකක් හම්බ උනා, එක හුස්මට මුලු බ්ලොග් එකම කියව්වා, දිගටම ලියන්න.

ඔබේ අත්දැකීම් අප සමග බෙදා ගැනීම පිළිබද මම ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනව.ඔබේ ඉදිරි බ්ලොග් ගමන සාර්ථක වේවා..!

www.esihinaya.blogspot.com

keep it up bro

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.