අපයෝජකයා.......
{ Saturday, September 17, 2011 දින
ඉන්දික විසින් ලියන ලදී.
}
සදුදා…කාර්ය බහුල සතියක ආරම්භය. වෙලාව උදේ අටට විතර ඇති.
කාන්තා පොලිස් නිළධාරීන් දෙන්නෙක් එක්ක තරුණ ගෑණු ළමයෙක් වාට්ටුවට ආව.
“කෝ දෙන්න බලන්න ටිකට් එක”
හ්ම්…ටිකට් එකයි, MLEF(Medico leagle ExaminationForm) එකයි දෙකම ලැබුන. ඔය MLEF එක කියන්නෙ නීතිමය කටයුත්තකට රෝහලත් එක්ක බැඳීම හදාගන්න ලිංක් එකක් ඒ කියන්නෙ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයට රෝගියා පරීක්ෂාකරල පුරවන්න තියෙන ෆෝම් එකක්. රෝගියා අධිකරනයක් හමුවට යනවනම් යම්කිසි හේතුවකට මෙන්න මේ MLEF එක තමයි අධිකරනය ඉල්ලන්නෙ..රෝගියාගෙන් හෙම නෙවෙයි හොඳඳ..ඒක ඉල්ලන්නෙ රෝහලේ අධිකරන වෛද්‍ය නිළධාරියාගෙන් උසාවි නියෝගයක් මගින්.
කතාවෙන් කතාවෙන් වාහනේ පාරෙන් පිට පැන්නනේ…ඔන්න ආයෙ පාරට!!
“මිස් අපි මෙයාව වෛද්‍ය පරීක්ෂනයකට තමයි ඇඩ්මිට් කරන්නෙ”
“හොඳයි..ඔබතුමීල කවුරුත් ආරක්ෂාවට ඉන්නවද?”
“ඔවු මිස්. අපිදෙන්න ඉන්නම්”
“හොඳයි..වාඩිවෙලා ඉන්න”
දිලුක්ෂි වයස 20ක ළමයෙක්.දූෂණයකට ලක්වෙලාද කියල බලන්න තමයි ඇතුලත් කරල තියෙන්නෙ පොළීසියෙන්.
“දිලුක්ෂි, ඔයාට කොහොමද? බයෙන්ද ඉන්නෙ?”
“නෑ මිස්, බය නෑ මම…”
“ඔවුනෙ මොකට බයවෙන්නද, ඔය ගාඩ් එකට දෙන්නෙක්ම ඉන්නෙ නේද?”
කෙල්ලගෙ ඇස්වලට කඳුලු උනපු නිසා මම කතාව එතනින් නැවැත්තුව..
හැබැයි පස්සෙ මෙයාට උපදේශණයක්(Councelling) දෙන්න ඕන කියල හිතාගෙන!
ඔන්න ඉතින් දිලුක්ෂිව වෛද්‍ය පරීක්ෂණයට ගත්ත. එතෙන්දි දිලුක්ෂිගෙ ඇඟේ බාහිර තුවාල, සීරීම් තැලීම් වගේ මොකුත් දකින්නට තිබුනේ නැහැ.
වාසනාවට වගේ දිලුක්ෂිට වෙන කිසිම කරදරයක් වෙලා නැහැයි කියල තමයි වෛද්‍ය වරයාගෙ නිගමනය වුනෙත්!
අවසානෙදි දිලුක්ෂිගෙ මූණ පුරා අහිංසක හිනාවක් ඇඳුනෙ අපේ හිත් වලටත් සහනයක් මෝදුකරමින්.
දිලුක්ෂිගෙ අම්ම රට ගියෙ එයාල වැටිල හිටපු දුප්පත්කමේ අගාධයෙන් ගැලැවෙන්න හිතාගෙනයි. දිලුක්ෂිගෙ තාත්තත් මත්පැන් වලට ඇබ්බැහි නොවිච්ච අහිංසක මනුස්සයෙක් හින්ද අම්ම රටගියාට දිලුක්ෂිල තනිවුනේ නෑ. එයාගෙම වචන වලින් කීවොත් අපේ තාත්තා අපිට පණ වාගෙ ආදරෙයි කියලයි දිලුක්ෂි අපි එක්කලත් කිවුවෙ.
හැමදාම වගේ රෑට දිලුක්ෂි පාඩම් කරනකොට කිරි කෝප්පයක් තාත්ත හදල දෙනවලු.මේ කියන දවසෙ තාත්ත හදල දුන්න කිරි කෝප්පෙ ලාවට වගේ අමුතු රසක් දැනුනත් වැඩි ගානක් නැතුව බීල දැම්ම කියල දිලුක්ෂි කිවුව, එයා හිතුවලු කහට පොඩ්ඩක් වැඩිවෙන්න ඇති කියල.
……………….එතනින් එහාට එයාට මතක ඇස් පියවෙන තරම් තද නිඳිමතක් ආපු බව විතරයිලු……………………………………………..උදේ නැඟිටිද්දි , මේ අහිංසක ගෑණු ළමයගෙ ඇඳුම් ගලවල දාලලු තිබුනෙ. චීත්තයකුත් පොරවල තිබුනලු…
කළබල වෙච්චි දිලුක්ෂි එයාගෙ ඇඳුම් ඇඳගෙන බලනකොට මේසෙඋඩ ලියුම් කෑල්ලක් තියෙනවලු.
….ඒක ලියල තියෙන්නෙ දිලුක්ෂිගෙ තාත්ත, තාත්ත අම්මට ලියන විදියටලු ලියල තිබුනෙ. ඒත් දිලුක්ෂි කියන්නෙ ඒකෙ එයාගෙ නම දාල තිබුනලු…ඊටත් වඩා ඒ කෙ තිබුනෙ අමු තිත්ත කුණුහරප කියලයි දිලුක්ෂි කිවුවෙ.
මේ කතාවකියනකොටත් එයා මේ සිද්ධියෙන් කොච්චර පීඩනයට පත් වෙලා හිටියද කියල මූනෙන්, හැසිරීම් වලින් පෙනුන.
“ඉතින් ලියුම දැක්කම ඔයා මොකද කළේ”
“මම හොඳටම බය වුනා මිසී, මම ඉක්මනටම 119 ට කතා කරලවිස්තරේ කීව”
පුංචි වුනත්දිලුක්ෂි තැනට සුදුසු විදියට හසුරවාගන්න පුලුවන් නුවණක් තියෙන ළමයෙක්.
ඉතින් එතනින් තමයි මෙයා රෝහල දක්වා එන ගමන ආවෙ.
දිලුක්ෂිගෙ තාත්ත පොලීසියට ගෙනාවම තවත් කරුණු කාරණා හොයාගන්න පොළිසියෙ මහත්තුරුන්ට පුලුවන් වෙලා තියෙනව. අම්ම රටගියාම තාත්තට ඇතිවෙච්චි ලිංගිකපීඩනය දරාගන්නම බැරි වුනාලු. ඉතින් ඒකට කළේ නිදිපෙති දියකරල කිරි වීදුරුවක් හදල දුන්නලු දුවට…තමන්ගෙම ලේ මස් වලින් හැදුන දුවගෙන් තමන්ගෙ ආශාවන් සපුරගන්න තරම් මේ තාත්ත කියන මනුස්සය අමනුස්සයෙක් වෙලා තිබුන.දෙවි පිහිටෙන් ලොකු කරදරයක් නොවුනට දිලුක්ෂිගෙ නුවණක්කාර තීරණය නොවෙන්නට ඊළඟ දවසෙ මොනව වෙයිද කියල කවුද දන්නෙ?
ඉතින් යාලුවනේ ඔන්න ඕකයි අද කතාව!
ආදරණිය අම්මේ,…කාසි හොයන්නට දුරු රට යන්ට කළියෙන් කොච්චර බැරෑරුම් විදියට ජීවිතේ ගැන හිතන්න ඕනෙද කියන එකයි මේ සිද්ධියෙන් ඔයාලට ගන්න තියෙන ආදර්ශය,,…….,,….,,…..