කුලු ගෙඩියට අමුතු මිටක්!

{ Monday, August 29, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }

සිරිනාථ වයස අවුරුදු හතලිහක විතර මනුස්සයෙක්.
රස්සාව ගල්වලක ගල් කඩන එක..
මිනිහට ඔය බර වැඩ හොඳට ඇඟට හුරුයි. දවසම සුමේ නැතුව ගල්වලේ වැඩ කොරල, හවහට නා කියා ගෙන පැල් කොටේට වෙලා ඉන්න එක තමා මිනිහගෙ දින චරියාව.

සිරි අයියා කියල තමයි ගමේ ඈයො සිරිනාථට කතා කලේ. ආ...කියන්න බැරිවුනා..මිනිහ තනිකඩය...ඒ වගේමයි හරිම ලැජ්ජ කාරය.
ඒක හින්දමද කොහෙද සිකුර මිනිහ දිහා නොබැලුවෙ. සිකුරා සිරි අයිය දිහා බැලුවෙ නෑ වගේම සිරි අයිය ගෑණු දිහා බැලුවෙත් නෑ ඔන්න......

මේ කතාව මට කිවුවෙ ලංකාවෙ ප්‍රසිද්ධ රෝහලක සේවය කරන මගෙ යාලුවෙක්. ඔන්න ඉතින් ලේසියට මමත් එතන හිටිය වගේ මෙහෙම කතාව ලියනව,

....... වේදනාවෙන් කෑ ගහගෙන එන මනුස්සයෙක් ස්ට්‍රෙචර් එකක ගේනව...දෙකට නැමිල ඉන්නෙ වේදනාව නිසා!
"නම- සිරිනාථ"
මොකද උනේ...?
අනේ සෑර්...මගෙ "පිරිමි ඇඟ" රිදෙනවා..
හ්ම්...බලමු..බලමු
කෝ ...නැඟිටල එන්නකො ඇඳට..
එයාට නැඟිටින්න බෑ සර්...හෙ හ් හෙහ්..හේ...ඒ ලෙඩා ගෙනාපු ඇටෙන්ඩන්ට්, මිනිහා බඩ අල්ලන් හිනා වෙනව
අනේ අර මනුස්සයත් සරම ගුලි ගහගෙන බරට බරේ වගේ ඇඳට නැග්ග...
ඇටෙන්ඩන්ට් කාරයත් එතනම කැරකෙනව.
..හා..ඔයා යන්න එහෙනම්...වෙනද යන්න තියන තදියම මූට අද නෑ..මොකද මන්ද?
හ්ම්.බලමු බලමු මොකද කියල...
සරම පොඩ්ඩක් එහෙමෙහෙ කලා...
මෙන්න බොලේ කුලුගෙඩියක්...මිනිහගෙ ශිෂ්නය ඒකෙ සිදුරෙ හිරවෙලා!!!!!!!
හොඳටම ඉදිමිලා...
පැලෙන තරමට කුලුගෙඩියෙ සිදුරෙන් මතුවෙලා තිබුන අවයවය ඉදිමිලා තිබුන...රතු පාටට...

සිරිනාථ මොකක් හරි හේතුවකට තමන්ට ඇතිවෙච්චි ස්වභාවික අවශ්‍යතාවය සංසිඳවගන්න පාවෙච්චිකරල තිබුනෙ මිට ගැලවිච්චි එයාගෙම කුලුගෙඩියෙ සිදුර!!
ඒක මේසෙ උඩ තියල බාගෙට පණගැහිච්ච අවයවේ ඇතුල් කලාම තමයි මේ සංගෑදිය උනේ...
ලිංගික හැඟීම වැඩි වෙනකොට හොඳින්ම ප්‍රාණවත් වෙච්චි අවයවය ඉතාම තදින් පුංචි සිදුරෙ හිර වුනා..කළබල වෙච්ච සිරිනාථ මේක ගන්න දඟලනකොට උනේ තැලිල තැලිල තවත් ඉදිමුම වැඩි වෙච්ච එකයි!!!
අන්තිමට සිරිනාථට සිද්ධවුනේ මිට ගැලවිච්චි කුලුගෙඩියට පුංචි මිටක් දෙන්න තමයි!
මේ ශිෂ්ණය කියන අරුම පුදුම අවයවය එක පාරට ඉදිමෙන්න-දික්වෙන්න හරි හපනෙක් නොවැ. ඒකනොවැ වැරද්ද???
.......................
ඉතින් රෝහලේදි, ඉක්මනින්ම සිරිනාථව ශල්‍යාගාරයට ගන්න තීරණය වුනා..
ඒ වෙද්දිත් එයාගෙ ශිෂ්ණයෙ පටක ස්ථිරවම මියගිහින්ද කියන සැකය කාටත් තිබුණ..මොකද හිරවෙච්චි කොටසින් උඩට රුධිර සංසරණය නැති හින්ද සෛල වලට ජීවත් වෙන්න අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නෙ නෑනෙ.
කොහොම නමුත් ශල්‍යකර්මය සාර්ථක වුනා...ලොකු තුවාලයක් සිරිනාථට ඉතිරි උනත් තමන්ගෙ පිරිමිකම බේරගන්න තරම් සිරිනාථ වාසනාවන්ත වුනා!!

මේ කතාවෙන් අපිට ගන්න තියෙන්නෙ ඉතින් අර පැරණි ආප්තෝපදේෂය ම තමයි..." පනින්න පෙර සිතා බලනු"

එච්චරයි!!!





මීයා මැරෙයිද?

{ Wednesday, August 24, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }


අනෝරා වැස්ස. හුලඟ තද කමට වාට්ටුවෙ ලැටිස් වලිනුත් වැහි වතුර එනව.
ලෙඩ්ඩු අඩු දවසක් හින්දම හොඳයි කියල අපි කතා වුනේ.
නැත්නම් ජනේල අයිනෙ ඉන්න සේරමල්ල තෙමෙනව.
ඩියුටි කාමරේ ජනේලෙන් බැලුවම ටිකක් ඈතට පේනව. මහ වැස්සෙම කවුද දෙන්නෙක් එනව. හොඳටෝම තෙමීගෙන. වහගෙන එන ඉටිරෙදි කෑල්ල වැහි කෝඩෙට ලාමක වැඩියි!!
හ්ම්...වයස අවුරුදු 70ක විතර සීය කෙනෙක්!! තව තරුණ පහේ මනුස්සයෙකුත් එක්ක වාට්ටුවෙ දොරකඩ නැවතිල.
" එන්න එන්න, වාට්ටුව තෙමුනට කමක් නෑ"
"මොකද වෙලා තියෙන්නෙ?"
"අනේ සෑර්, මේ අපේ ගමේ සීය කෙනෙක්, මෙයා මී පාසානං කාල, මම මේ එක්කං ආව!!"
"කෝ ටිකට් එක?"
සාක්කුවෙ සුරුණ්ඩි කරගෙන ආපු ටිකට් එක නම් යාන්තමට වතුරෙන් පරිස්සම් වෙලා තිබුන.
-පුංචිරාළ
-වයස 73
වාට්ටුභාර වෛද්‍යවරයට ලෙඩා ගැන දන්වන එක සහෝදර හෙදියකට බාරදීල , මම බැස්ස Gastric Lavage එක දෙන්න.
මේකෙදි කරන්නෙ වතුර බොන්න දීල වමනෙ කරවල, ආමාශයෙ ඉතුරු වෙලා තියන වස ටික ඉවත්කරල දාන එක නේ...
ඉතින් සීයත් කරදරයක් නැතුව දෙන දෙන වතුර කෝප්පෙ බොනව. ඔන්න ටිකකින් ඕක් ගාල වමනෙ කළා..තව වතුර..ආයෙත් වතුර..ආයෙත්......ඕක්.ආයෙත් වමනෙ...
දැන් නම් පැහැදිලි වතුර තමයි සීයා එළියට දාන්නෙ...ඒ කියන්නෙ ආමාශ දෝවනය හරි!!!
ඉන්පස්සෙ ඉතින් ලෙඩාව සෝදන එක තමයි තියෙන්නෙ...ඇඟේ තැවරුණු විශ අහක් කරල දාන්න ඕන නිසා!
............
විනාඩි 15කින් විතර බෙහෙත් ප්‍රතිකාර පටන් ගන්නකොට සීයා නාල හෙම, වාට්ටුවෙන් දීපු කොටු රෙද්දත් ඇඳගෙන ඔය ඉන්නෙ!!
වෙද්‍යවරයා සීයව බලල, නියම කරපු IV එක දෙන ගමන් මම සීයට පොඩ්ඩක් කතාකළා..
"සීයෙ...දැන් කොහොමද ඉතින්?"
"අනේ මන්ද..මහත්තයො...හරි බයයි මටනං"
"සීය මී පාසානං නේද කෑවෙ? ගොඩක් කෑවද??"
"නෑ මහත්තයො. සුට්ටයි කෑවෙ..ඒකත් වමනෙ ගියා...."
හොඳ වෙලාවට... සීයට එච්චර ලොකු ප්‍රෂ්ණයක් වෙන එකක් නෑ..මට හිතුන...
"මහත්තයො..?"
ආ..."ඇයි සීයා?"
"මේ ඔය මී පාසානං කාපුවම මක්කැයි වෙන්නෙ"
" ආ...සීයම බලාගන්නකෝ...සීයගෙ මීය මැරෙයි...අපිනම් දන්නෙ නෑ..:) "
"ඇ...ඇ...ඇත්තමද මහත්තයො?"
පවු අසරණය...හොඳටම බය වෙල...මීය මැරෙයි කියල...හෙහ්!!
"නෑ නෑ සීය...ඔයා ගොඩක් කාල නෑනෙ, මොකුත් වෙන එකක් නෑ...ඒත් අපි බලමු..මේ බේත් හේත් ටික හරියට කරගමුකෝ"
ඒක නෙවෙයි...මොකටද ඉතින් ඔය මී පාසානම් කෑවෙ....ආච්චි තරහ උනාවත්ද?
සීයගෙ වියපත් ඇස්ගෙඩි වල කඳුලු පිරෙනව මම බලාගෙන...
" මහත්තයො, මටත් ඉන්නව ඔය මහත්තය වගේ පුත්තු තුන්දෙනෙක්ම"
"ඉතින්...දැන් කෝ එයාල?"
"ලොකු පුතා ඒරොප්පෙ . පොඩි එකා අනුරාජපුරේ ඉන්නෙ හමුදාවෙ"
"අනිත් එක්කෙනා..?"
"අනේ මහත්තයො ඌ ළඟ තමා මං ඉන්නෙ...ඌ උගෙ ගෑණි කියන දේ අහල මට වෙනස්කම් කොරණව"
"ඉතිං සීයට අද මොකද කළේ?"
"අනේ මහත්තයො, අද උන් දෙන්න වන්දනාවෙ යනව කියල ගියා....මං ඉන්නෙ ගෙයි ඉස්සරහ කාමරේ...ගේ යතුරු දාල ගිහිං "
"මට මොකොවත් තම්බගෙන කන්නවත් කුස්සියට යන්ට විදියක් නෑ...වතුර ටිකක් වත් නෑ.."
ඉතින්........................................................................................................................................
ඔන්න ඕකයි යාලුවනේ සීයගෙ කතාව...සීය වහකාපු එකේ වැරැද්දක් නෑ කියල හිතෙනව වෙලාවකට!!

තමන්ගෙ තාත්ත වතුර වීදුරුවක් වත් නැතුව කුසගින්නෙ ඉන්න අතරෙ, මේ පුතයි ලේලියි කරන වන්දනාව මොකක්ද කියලයි මටනම් හිතුනෙ....!!


නොපිපුන කැකුලක්....

{ Tuesday, August 23, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }

පින්තූරෙ ගත්තෙ http://www.teluglobe.com/wp-content/uploads/2010/06/Dead.ChildBurial_bhopal.jpg
මේ සිද්ධිය උනේ දැනට මාස කීපෙකට ඉස්සෙල්ලා. තාම ඇස්වලට උනපු කඳුලු වේලෙන්න තරම් වත් පරක්කු වෙලා නෑ.
නිශාන්ති, අපේ රෝහලේම සේවිකාවක්. වයස ඇති ඕනෙනම් තිස්පහක් විතර. රෝහලේ හොඳ සේවිකාවක් හැටියට නමක් දිනාගෙන හිටපු මෙයා වැඩට එන්නෙ ටිකක් දුර ඉඳන්, කිලෝමීටර් 25-30 ක් වගේ. ගෙදර ඉන්නෙ එයාගෙ බබයි, අම්මයි විතරයි. මහත්තය වැඩකලේ පොලීසියෙ, ඔය මඩකලපුවෙද කොහෙද දුරක.
පුංචි පුතාට වයස අවුරුද්දයි මාස පහයි. හරිම හුරතල්, සුදු පාටයි බෝලෙ වගේ මහතට හිටිය.
නිශාන්ති වැඩට එන්නෙ බබාව එයාගෙ අම්මට දාල. අම්මගෙ වයස 65ක් විතර. තමුන්ගෙ වැඩපල හොඳට කරගන්නව. ලෙඩකට තිබුනෙ ප්‍රෙෂර් විතරයි. ඒකටත් බෙහෙත් ගන්නව දිනපතාම.
ඒ මූසල දවස නිශාන්තිගෙ උදේ වැඩ තිබුන දවසක්. දවල් දෙකට විතර නිශාන්තිට කෝල් එකක් ආව ගෙදර එන්න කියල. විස්තරේ අහගෙන තිබුනෙ ඕවර්සියර්!
නිශාන්තිගෙ අම්ම දවල් දොලහට විතර එයාගෙ ප්‍රෙෂර් පෙත්ත බීල, බබත් එක්කම කාමරේ නිදාගෙන තිබුන. ටික වෙලාවකින් බබා ඇහැරුනා....
එයාගෙ සෙල්ලම් බඩු තිබුන තැනට ගිහිල්ල ටිකක් සෙල්ලම් කළා..අම්මා ගෙනත් දුන්න පුංචි බෝලෙ ඇරන් හැම තැනම දිවුව.
අනේ කුස්සියෙ මේසෙ යට තිබුන වතුර බේසමට බෝලෙ ගිහින් වැටුනනේ...!!!
ඒ මදිවට ඒක චීෆ් බෝඩ් කෑල්ලකිනුත් බාගෙට වහල.
නිශාන්තිල මේ බේසමට වතුර පුරවල තමයි කුස්සියෙ වැඩට පාවෙච්චි කරන්නෙ. මේක අර අඩියක් විතර ගැඹුරු ප්ලාස්ටික් බේසමක්.
පුංචි පුතා බේසමට නැමිල බෝලෙ ගන්න බැලුව. ඒත් බෝලෙ පාවෙවී බේසමේ කොනටම ගියානෙ...
අනේ පය ලිස්සල ගියපු පැටිය බේසමට වැටුන...චීෆ් බෝඩ් කෑල්ල හින්ද නැගිට ගන්නත් බැහැ.
අත්තම්මා....අත්තම්මා.......පුංචි පුතා මරු විකල්ලෙන් කෑ ගැහුව...
ඒත් අත්තම්මගෙ නින්ද තාමත් කැඩුනෙ නෑ.......
පැය බාගෙකට පස්සෙ අත්තම්ම නැඟිට්ට. පුංචි පුතාගෙ කිරි බෝතලේ එයාගෙම අතේ වැදිල පෙරලුන සද්දෙට...
හැම තැනම පුතා හෙවුව...කුස්සිය පුරාම වතුර හැලිල...
හ්ම්ම්ම්ම්..ඒ වෙද්දි පුතා අත්තම්මයි අම්මවයි හැමෝම දාල ගිහින් ඉවරයි!
පුංචි පුතාගෙ නිසල සිරුර ලොකු වතුර බේසමේ පාවෙනව දැක්ක අත්තම්මට කලන්තෙ හැදුන.
කතාව මෙච්චරයි! 100% ක්ම ඇත්ත කතාවක් යාලුවනේ. පුංචි දරුවො ඉන්න දෙමාපියො තමන්ගෙ කිරිකැටියව කොච්චර සීරුවට, උවමනාවෙන් ප්‍රවේසම් කරගන්න ඕනද කියන එකයි මේ කතාවෙන් අපිට ගන්න තියෙන්නෙ!

මේ බ්ලොග් එක අප්ඩේට් උනේ මෙන්න මේ ලොකු අයිය හින්ද! ඔන්න එයාගෙ නවාතැන
http://nursinglanka.blogspot.com ගිහිල්ලම බලන්නකෝ..දැනුමට විනෝදෙට!!